සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්‍රයේ රැකියා සදහා ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූරු ආයතනය වන ‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා‘ ආයතනය කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ථාපනය කරනු ලැබීය.
විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයන් යොමු කිරීම මෙහි අරමුණ වෙයි. ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් සදහා සිංගප්පූරුවේ රැකියා ලබාගැනීමට පහසු පාඨමාලා රැසක් මෙහි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන් පුහුණු කිරීමද මෙම ආයතනය මගින් සිදුවේ. මෙය සිංගප්පූරු ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අනුමැතිය සහිතව මෙරට ආරම්භ කළ එකම ආයතනය වෙයි.
‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම‘ විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාක් පෙරේරා යන මහත්වරුන් අතින් සිදුවිය.
ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂන ක‍්‍රමවේදයන් මෙහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා ගත හැකි වන අතර මෙහි පාඨමාලා සාර්ථකව නිමාකරන අයට සිංගප්පූරු ගොඩනැගිලි අධිකාරියේ වරලත් නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රායෝගික හා ලිඛිත පරික්ෂනයකට මුහුණ දීමට සිදුවන අතර එහි ප‍්‍රථිඵල අනුව සිංගප්පූරුවේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන් හිමි වේ.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගමේ තළමනාකාර අධ්‍යක්ෂක ජේම්ස් සියචු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍යංශයේ ලේකම් නිස්සංක එන් විජේරත්න, සභාපති අමල් සේනාලංකාධීර යන මහත්වරුන් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදාරන විදියට මේ රස්සා බෙදල දෙන්න. අර කොරියන් යන කොල්ලෝ ලවා ව චන්ද වැඩ ඔක්කොම කරවාගන්න.(නදී)
මම විදුලි කාර්මික සහ ඉලෙක්ට්‍රොනික පරිඝනක අලුත්වැඩියා පාඨමාලාව හදාරා සහතික පත්‍ර ඇත. පළපුරුද්ද වසර 5 කි. සෞදි අරාබි වල වසර 3 ක් සේවය කර ඇත. කරුණාකර මට රැකියා අවස්ථාවක් ලබදෙන මෙන් ඉල්ලා සිටිමි. (නි)
පුහුණු ශ්‍රමිකයන්ටත් අවස්ථාවක් දෙන්නකෝ. (නදී)
ලංකාවේ තියෙන රැකියා ප්‍රශ්නයට විසදුමක් (දී)
මෙන්න ඉල්ලමක් පෑදිලා.... (නි)
මට යාලුවෙක් කිව ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් අය කතා කරන්නේ කැවෙයි,බිවෙයි කියලලු. හේතුව කලින් හිටපු ඇමති ඒ දකුණේ කෙනෙක්. හැබයි හවසට රුපවාහිනියේ කෑ ගහන්නේ අපි මුළු රටටම සේවය කරනවා කියලා.(නදී)
ලාංකික තරුණ තරුණියනගේ රැකියා ප්‍රශ්නය විසදීමට ගත් මේ වැඩසටහන අවංකවම මම අගය කරමි (නි)
රානි, ඔයත් උත්සාහ කරන්න, වෛර කර කර ඉන්නේ නැතුව. වෙලාව හොද වුණත් කට හොද නැත්නම් මොනවවත් ලැබෙන්නේ නැහැ. (නි)
පුහුණු ශ්‍රමිකයින්ට ලෝකයේ කොහේ ගියත් රැකියා අවස්ථා තිබෙනවා. හරිනම් මෙම පාඨමාලා රජය මගින් රැකියා නොමැති පුගලයන් පුහුණුකළ යුතුයි.(නදී)
වසන්ත මහත්තයෝ, වෙලාව හොද වෙන්න ඕනෑ නැහැ. හැමෝටම එක සමාන අයිතියක් තියෙන්න ඕනෑ. ඒක අහිමි කරලා චන්ද ගුණ්ඩු දෙන්නේ ඔහේලා වගේ ඡන්ද දායකයෝ නිසයි. අපි උතුම් කියලා පුරාජේරු ගැහුවට වැඩක් නැහැ, කරලා පෙන්වන්න. (නි)
සිවිල් ඉංඡිනේරු හදාරපු අපටත් අවස්ථාවක් දෙන්න.(නදී)
සින්ගප්පූරු සරත් කෝ?(නදී)
ශ්රී ලංකා ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු අයට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නම් ඉතාමත් කාලෝචිතයි.(නදී)