සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්‍රයේ රැකියා සදහා ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූරු ආයතනය වන ‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා‘ ආයතනය කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ථාපනය කරනු ලැබීය.
විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයන් යොමු කිරීම මෙහි අරමුණ වෙයි. ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් සදහා සිංගප්පූරුවේ රැකියා ලබාගැනීමට පහසු පාඨමාලා රැසක් මෙහි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන් පුහුණු කිරීමද මෙම ආයතනය මගින් සිදුවේ. මෙය සිංගප්පූරු ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අනුමැතිය සහිතව මෙරට ආරම්භ කළ එකම ආයතනය වෙයි.
‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම‘ විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාක් පෙරේරා යන මහත්වරුන් අතින් සිදුවිය.
ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂන ක‍්‍රමවේදයන් මෙහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා ගත හැකි වන අතර මෙහි පාඨමාලා සාර්ථකව නිමාකරන අයට සිංගප්පූරු ගොඩනැගිලි අධිකාරියේ වරලත් නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රායෝගික හා ලිඛිත පරික්ෂනයකට මුහුණ දීමට සිදුවන අතර එහි ප‍්‍රථිඵල අනුව සිංගප්පූරුවේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන් හිමි වේ.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගමේ තළමනාකාර අධ්‍යක්ෂක ජේම්ස් සියචු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍යංශයේ ලේකම් නිස්සංක එන් විජේරත්න, සභාපති අමල් සේනාලංකාධීර යන මහත්වරුන් සහභාගී වූහ.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිංගප්පූරුවේ තවත් රැකියා දොරක් ඇරේ
රාණි Monday, 08 April 2013 02:06 AM
සාදාරන විදියට මේ රස්සා බෙදල දෙන්න. අර කොරියන් යන කොල්ලෝ ලවා ව චන්ද වැඩ ඔක්කොම කරවාගන්න.(නදී)
ජනක Monday, 08 April 2013 08:32 PM
මම විදුලි කාර්මික සහ ඉලෙක්ට්‍රොනික පරිඝනක අලුත්වැඩියා පාඨමාලාව හදාරා සහතික පත්‍ර ඇත. පළපුරුද්ද වසර 5 කි. සෞදි අරාබි වල වසර 3 ක් සේවය කර ඇත. කරුණාකර මට රැකියා අවස්ථාවක් ලබදෙන මෙන් ඉල්ලා සිටිමි. (නි)
සරත් Tuesday, 09 April 2013 11:07 AM
පුහුණු ශ්‍රමිකයන්ටත් අවස්ථාවක් දෙන්නකෝ. (නදී)
ශාන්ති Monday, 08 April 2013 02:15 PM
ලංකාවේ තියෙන රැකියා ප්‍රශ්නයට විසදුමක් (දී)
ජෝයි Wednesday, 10 April 2013 12:54 PM
මෙන්න ඉල්ලමක් පෑදිලා.... (නි)
සුභසිංහ Wednesday, 10 April 2013 12:56 PM
මට යාලුවෙක් කිව ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් අය කතා කරන්නේ කැවෙයි,බිවෙයි කියලලු. හේතුව කලින් හිටපු ඇමති ඒ දකුණේ කෙනෙක්. හැබයි හවසට රුපවාහිනියේ කෑ ගහන්නේ අපි මුළු රටටම සේවය කරනවා කියලා.(නදී)
ගයාන් සුරේෂ්-මොනරාගල Tuesday, 16 April 2013 06:58 PM
ලාංකික තරුණ තරුණියනගේ රැකියා ප්‍රශ්නය විසදීමට ගත් මේ වැඩසටහන අවංකවම මම අගය කරමි (නි)
වසන්ත Tuesday, 09 April 2013 12:19 PM
රානි, ඔයත් උත්සාහ කරන්න, වෛර කර කර ඉන්නේ නැතුව. වෙලාව හොද වුණත් කට හොද නැත්නම් මොනවවත් ලැබෙන්නේ නැහැ. (නි)
ද සිල්වා Tuesday, 09 April 2013 07:07 PM
පුහුණු ශ්‍රමිකයින්ට ලෝකයේ කොහේ ගියත් රැකියා අවස්ථා තිබෙනවා. හරිනම් මෙම පාඨමාලා රජය මගින් රැකියා නොමැති පුගලයන් පුහුණුකළ යුතුයි.(නදී)
රාණි Wednesday, 10 April 2013 01:31 PM
වසන්ත මහත්තයෝ, වෙලාව හොද වෙන්න ඕනෑ නැහැ. හැමෝටම එක සමාන අයිතියක් තියෙන්න ඕනෑ. ඒක අහිමි කරලා චන්ද ගුණ්ඩු දෙන්නේ ඔහේලා වගේ ඡන්ද දායකයෝ නිසයි. අපි උතුම් කියලා පුරාජේරු ගැහුවට වැඩක් නැහැ, කරලා පෙන්වන්න. (නි)
අමීන් Monday, 08 April 2013 04:04 PM
සිවිල් ඉංඡිනේරු හදාරපු අපටත් අවස්ථාවක් දෙන්න.(නදී)
සුජිත් - ජපානය Monday, 08 April 2013 04:56 PM
සින්ගප්පූරු සරත් කෝ?(නදී)
ගාමිණී Sunday, 07 April 2013 10:14 PM
ශ්‍රී ලංකා ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු අයට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නම් ඉතාමත් කාලෝචිතයි.(නදී)