(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09 ක කාලපරිච්ඡේදයේ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි සමාගමේ සන්නිවේදන අංශය සදහන් කරයි.
ඒ අනුව ගුවන් යානා යෙදවීම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආදායම, වෙළඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය අඩුවීම යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතැයිද සමාගම පෙන්වා දෙයි.
මෙම කාල පරිච්ජේදය තුළ ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම්වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ ප්‍රවාහන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 746 ක් හෙවත් රුපියල් බිලියන 120 දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි.
නිසි අයුරින් ඵලදායි ලෙස ගුවන් යානා මෙහෙයුම් සඳහා යෙදවීම, ගුවන් ගමන් වාර ක්‍රමවත්ව හා නිවැරදිව මෙහෙයුම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත ආසන ධාරිතාව 6.5%කින් වැඩිදියුණු වි ඇති බවද සමාගම පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පාඩුයි කියන්නේ ????.
මේකත් අර මොකක්ද වගේ, හිතාගන්න බැහැ, එක දවසක කියනවා ආදායම බැස්ස, පාඩුයි කියලා. ආයෙත් වෙලාවකට කියනවා ආදායම නැගලා කියලා. එහෙම නැගලා කියපු කාලෙට අලුතින් ප්ලේන් තොගයක් ගන්නවා. බැහැලා කියපු කාලෙට ඒ ඇනවුම් කැන්සල් කරලා ගෙනාපුවත් විකුනන්න කතා කරනවා. අපිට මොලේ කොලොප්පන් වෙලා මෙහෙම හිතෙනවද මන්ද?
කියන්නකෝ වියදම කොහොමද කියලා.
ඒ ආදායම විතරයි. පාඩුවත් ඒවගේම ඉහලට.
ශුද්ධ ප්‍රවාහන ආදායම කියලා දමන්නේ අපිට නොතේරෙන ආකාරයට විය හැකියි. මුළු ආදායම සහ මුළු වියදම සඳහන් කළා නම් හැමෝටම පහසුවෙන් තේරුම් ගන්ට තිබුණානේ..
අාදායම කිව්වට වියදම කියලා නැහැ. කමක් නැහැ අපි අහගෙන ඉන්නම්...
කෝප් කමිටුවේ සභාපති හඳුන්නෙත්ති මන්ත්‍රීට අනුව නම් 2018 වර්ෂයේ පාඩුව රුපියල් මිලියන 40000ක් එ් කියන්නේ බිලියන 40ක්...
මේ ඔක්කොම හොරු , මේ අයට ඡන්දය දෙන හැමෝබ පල් මෝඩයන් ගොන්නුන්
2018 ජනවාරි 1 US $ 1 = රුපියල් 147 2019 ජනවාරි 1 US $ 1 = රුපියල් 183 රුපියල් අගය 25% පමණ අවප්‍රමාණ වෙලා. එතකොට 8% ලාභද? අලාභය 17% වැඩි වෙලාද? අපි ඔක්කොම මෝඩහින්දා හොඳයි.
මේක කළමනාකරණය කරන්න අර කලින් කලාවගේ පිටරට සමාගමකට දෙන්න එහෙම නැත්නම් මේක විකුණලා දමන්න , මේක වාර්ෂිකව කොපමණ පාඩු ලැබුවත් අපේ බදුමුදලින් මේ පාඩුව ගෙවා ගෙවා (පක්ෂ භේදයකින් තොරව) දේශපාලකයෝ මේක තියගෙන ඉන්නේ උන්ගේ හෙන්චියලට රස්සාවල් දෙන්න සහ උන්ගේ අවශ්‍යතා පිරිමහ ගන්න , මේකේ ලක්ෂ 10 වැඩියෙන් වැටුප් ගන්න මිනිස්සු 190 ඉන්නවලු , පසුගිය අවරුදු 10 තුල මේකට වෙච්ච පාඩුව රුපියල් කොටි 20000 කට වැඩිය , එම මුදල් ලංගමට බස් ගෙන එන්න හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට වියදම් කලානම් අපේ ප්‍රවාහන ශේත්රය කොපමණ දියුනුවෙවිද ? අපි දුක්විඳිමින් අපේ මුදලින් මෙවැනි සුදු අලි නඩත්තු කල යුතුද?
අපිට ලස්සනට ගෙදර යන්න තිබුණු එකත් නැති කළා..
මේ ආදායම ඩොලර් වලින් දාන්න ඕනි. ඩොලර් අගය සංසන්දනය කරන්න ඕනි. හුගක් ව්‍යාපාර වල රුපියල් ආදායම වැඩි. ඊට හේතුව විකුණු භාණ්ඩ හා සේවා උද්දමනය මත ඉහල ගිහින් ඇති නිසා. හරියට බැලුවොත් ශ්‍රී ලන්කන් එක අධික අලාබයක්
වියදම සහ ශුද්ධ ලාභය කීයද? ඇයි ඒක නොකියන්නේ? හිතන්නේ මේ රටේ ඔක්කොම අට පාස් නැති අය කියලද? මේවා නිකන් අගමැති තුමාගේ සුරංගනා කතා වගේ.