
කොන්ත්‍රාත්තුවේ වටිනාකම බදු රහිතව රු.මිලියන 1,700 ක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සතුට බිල්ඩර්ස් (පෞද්ගලික) සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම බදු රහිතව රුපියල් මිලියන 1,699.81කි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සැලසුම් කිරීම, ඉදිකිරීම හා පද්ධති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙලෙස කොන්ත්‍රාත්තුව පිරිනැමී තිබේ. මේ සඳහා ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැතිවරිය ඉදිරිපත් කළ යෝජනාව වෙත අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd