(ටී. කේ. ජී. කපිල)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ.
මෙම සහතිකය ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවාහන සංගමය (IATA) මගින් කරන ලද ඇගයීමකින් සහ නියාමනයකින් අනතුරුව පිරිනමා තිබේ.
මෙම සංගමයට ලෝකයේ රටවල් 120 ක ගුවන් ගමන් සේවා 290 ක් සම්බන්ධ වන අතර, එය ලෝක ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 82% ක කොටසක් ද හිමි කරගෙන සිටී.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිරිනමන මගී සුවපහසුව, ඔවුන්ගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග, මගී විශ්වසනීයත්වය, ගුවන් යානාවල සහ සිය සේවාවල කාලණුගතිකත්වය පදනම් කර ගනිමින් එහි කළමනාකාරීත්වය සහ පාලන පද්ධතිය ඇගැයීමකට ලක් කරමින් මෙම විගණන සහතිකය පිරිනමා තිබේ.
ඉකුත් 2006 වසරේ දී මෙම නිරුපද්‍රතා සහතිකය දිනා ගත් පළමු ආසියානු කලාපයේ ගුවන් සේවය වූයේ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණකි නමුත් මම ලංකාවට එනකොට ගමනේ දුර පැය 10. ආසනවල හැඩය දුන්නක් වගේ මැද්දෙන් ඇතුලට නැමිලා හරිම අපහසුයි පැය 10 එකදිගට ඉදගෙන එන්න කොන්ද රිදෙනවා. මොනවා උනත් ශ්‍රීලන්කන් තමයි එන්නේ. මේය වෙනත් ගුවන් සමාගම් වල නොතිබුණු දෙයක්.
සතුටු වෙන්ඩ පුළුවන් කරුණක්.උඩින් කියා ඇති දේවල් හරි. අඩු ගාස්තු ගුවන් යානා වල මීට වඩා හොඳ ආසන තියෙනවා. අපි ශ්‍රී ලන්කන් තෝර ගන්නේ දේශීය නිසා පමණි. 75% පිටරට දේවල් පිළිගන්වන්නේ. පිරිසිදුකම මදි.
ඔහොම ටිකක් අගය කරලා ගත්ත ගමන් අපේ හරක් දුවගෙන ගිහින් ලෝකේ තියෙන හොඳම ගුවන් යානා තොගයක් වැඩිම මිලකට අරන් අයෙත් සැහෙන කාලෙකට ගොඩ එන්න බැරිවෙන්න වලට ඇදල දානවා. කුට්ටි ගන්න ඒ අය ගනුදෙනුවෙන් ලොකු කුට්ටියකුත් කඩා ගන්නවා. අන්තිමේ ගෙවාගන්න බැරුව අතිනුත් කයිට් කරගෙන වන්දිත් ගෙවනවා ඔඩරේ කැන්සල් කරලා. මහබැංකුව නැතිනම් භාණ්ඩාගාරේ එව්වට කර ගහපුවම රටේ මිනිස්සු අන්තිමට වන්දිය ගෙවනවා. කුට්ටිය ගත්ත අය අත්පුඩි ගහ ගහ බලන් ඉන්නවා.
මට රවී කරුණානායක මතක් වෙනවා .