(ටී.කේ.ජී.කපිල )
ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2019 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය සමත් වී තිබේ.
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය , ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.
එම ආයතනය ලොව පුරා ඇති ප්‍රධාන ගුවන් සේවා සමාගම් 24 ක් සඳහා මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සහ ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන සැපයීම ද සිදු කරයි.
ශ්‍රී ලන්කන් කේටරින් වෙත හිමි වූ මෙම රන් සම්මානය කථානායක කරු ජයසූරිය මහතා අතින්, ශ්‍රී ලන්කන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා ලබා ගත් අතර , එම අවස්ථාවට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ තවත් නිලධාරීyq පිරිසක් ද එක් වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෑම නම් ඉතින් සුද්දන්ට නම් හොඳයි..
සම්මාන ලැබුණට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම බංකොලොත් නිසා මහා භාණ්ඩාගාරයෙන් මේ ළඟදීත් මුදල් දුන්නා නේද?
තෑග්ග ගන්න යන්න ඕනි චෙෆ් නේද? මෙයාද මුළුතැන් ගෙයි ප්‍රදානියා?
තෝසේ, වඩේ, ඉට්ලි කන්න දෙන නිසා වෙන්න ඇති තේරෙන්න ඇත්තේ. මෙලෝ රහක් නෑ. බත් එකක් ඔතන් යන්න ඕනේ කන්න.
මෙලෝ රහක් නැහැ බත්වල නම්, මගේ යෝජනාව නම් එ් තුළට ගන්න කාලය අඩු කරන්න. ළඟගමන් කරන මිනිස්සුන්ට ගෙදරින් කාල එතහැකියි. දවසක් අපේ ළමයා අඬනවා බඩගින්නේ...