(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මොවුහු රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.
මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ එක්සෝටික් හොලිඩේ ඉන්ටර්නැෂනල් නම් සංචාරක ප්‍රවර්ධන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම රුසියාවට ආදරය කරමු.
අපි හැමෝම රුස්සියාවට ආදරෙයි එත් එකක් මතක් කරන්න ඕනේ. ඉස්සර ජෙප්පෝ සහ එජාප කාරයෝ මත්තලට නැවක් ආව කියල හිනා වුනා, දැන් සංචාරයෙක් ලංකාවට අව එකත් ලොකු දෙයක් වෙලා.. අපේ රටට වුණ දෙයක්..
කොහොමත් ඉතින් මත්තලට නැව් එන්නේ නෑනේ මනෝජ්
මේ ඇවිත් තියෙන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන්. නමුත් ඔවුන් රටට පැමිණෙන්නේ සංචාරකයන් විලසින්. හේතුව ඇමරිකානු අතපෙවීමේ කූට අරමුණ කුමක්දැයි කියා දැනගැනීමේ වුවමනාව නිසා... අපේ රට අගමැතිතුමා විසින් විදේශීය චර පුරුෂයන්ගේ ෂේම භූමියක් කොට අවසානයි... ඇමෙරිකානු විරෝධී අන්තවාදීන්ගේ ප්‍රහාර නිරතුරුවම අත්විඳීමට සියලුම පුරවැසියන්ට සිදුවනු ඇත.