IMG-LOGO

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය.

එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳ ජාලය ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට” හිමි සම්මානය ද දිනා ගැනීම සුවිශේෂී වේ. තවද යෞවනේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළෙඳපොළට වඩාත් උචිත නවෝත්පාදන හා නව්‍ය අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග භාවිතය ලෙස හැඳින්විය හැකි යැයි එම සමාගම සඳහන් කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. 2022 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය ඇතුළුව සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සිංගර් සමාගමට හැකිවීම විශාල ගෞරවයක්. වසර 16 ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි කිරුළ රැක ගැනීමට හැකි වීම මගින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපගේ සියලු‍ම සේවා කණ්ඩායම් ඉතාම කැපවීමෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ජයග්‍රහණය මා හැඳින්වීමට කැමතියි. මෙම සුවිශේෂී ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය අපගේ සියලු‍ම සේවක මණ්ඩලයටත් අප හා අත්වැල් බැඳගෙන සිටින වටිනා පාරිභෝගිකයන් හට මා පුදකර සිටිනවා.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site