ශ්‍රී ලංකන් ගුවන් සමාගම හොංකොං හිදී පැවැති ආසියානු සහ ඕස්ට්‍රේලියානු සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් හිමිවිය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහන වන “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශණය කරන්න” සඳහා 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය පිරිනැමිණ.
ඉන්දියානු සාගරයේ මෙහෙයුම් කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය සඳහා වන සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හිමිවූයේ දෙවැනි වතාවටය.
“ඉන්දියානු උප මහද්වීපයේ අපගේ ගුවන් ගමන් තුළින් පාර්භෝගිකයන්ට ගෝලීය ගුවන් ගමන් ජාලයේ තමන් කැමති අයුරින් සංචාරය කිරීමට අවස්ථා රැසක් ලබාදී තිබෙනවා. ඒ වගේම ගුවන් සමාගමේ සුවිශේෂී අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාකාරකම් තුළින් ගුවන් සේවයේ වෙළෙඳ නාමය ඉලක්ක වෙළෙඳපොලවල ප්‍රචාරය කිරීමට හැකිවී ඇති බවත් මේ සම්මාන සාක්ෂි දරනවා“ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පැවසීය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් ! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙච්චර කල් අහපු ඔක්කොම පව් හේදිලා යන්න අහපු සුබ ආරංචියක්. සියලු කාර්ය මණ්ඩලයට අපේ සුබ පැතුම් !
වැඩිම පාඩු ලබමින් පවත්වාගෙන යන එකම ගුවන් සේවයට හිමි සම්මානය ....