IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශ්‍රී ලංකන් එයාර් බර්ලින් සහ නිකී සමග හවුලක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජර්මනියේ දෙවැනි විශාලතම  ගුවන් සේවාව වන එයාර්බර්ලීන් සහ එහි අනු ගුවන් සේවාවක් වන NIKI  ගුවන් සේවය  සමඟ  සංකේත හුවමාරු ගුවන් ගිවිසුමකට එළඹිනි.

මෙම නව සංකේත හුවමාරු ගුවන් සබඳතාවය තුළින් ශ්‍රී ලංකාව, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල්  අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට මෙම ගුවන් සේවා 3 මඟින් දෛනික සංකේත හුවමාරු ගුවන් ගමන් අබුඩාබි හරහා ශ්‍රී ලංකාව, බර්ලින් සහ වියනා වෙත සිදුකරනු ලැබේ.

ඒ අනුව එයාර්බර්ලීන්  සහ NIKI  ගුවන් සේවාවන් හි  ගුවන් සංකේත අංක ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ හරහා සිදුකරන දෛනික ගුවන් ගමන් සඳහා එකතු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන්  මගීන්ට මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම මත අබුඩාබි හරහා එයාර්බර්ලින් සහ  NIKI ගුවන් සේවා තුළින් වියනා සහ බර්ලින් -ටීගල් වෙත ගුවන් ගමන් සිදුකිරීමට පහසුකම් සැළසේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් ප්‍රධානී ලාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “ මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රී ලංකාව , ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර සංචාරක කර්මාන්තය විශාල වශයෙන් දියුණු වනු ඇතැයි  ශ්‍රීලංකන් ගුවන් සමාගම දැඩිව විශ්වාස කරන බවයි. නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන්ට  සහ ව්‍යාපාරික සංචාරකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් ඔස්සේ කොළඹ, බර්ලින් සහ වියනා අතර  ඉක්මන්පහසු ගුවන් සබඳතා පැවැත්වීමට හැකිවනු  ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය. 

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දශක ගණනාවක් පුරාවට ගුවන් සමාගම ජර්මනිය වෙත එහි යුරෝපීය මෙහෙයුම් සිදුකරන බවයි.“එයාර්බර්ලින් සමග සිදුකරන මෙම සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රීලංකන්  ෆ්‍රැන්ක්ෆර්ට් වෙත සිදුකරන සෘජු ගුවන් ගමන් හා සම්බන්ධ වන බවද ඒ මහතා කියා සිටියේය. මෙමගින් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරක ආකර්ෂණය දිනාගැනීමටත්යුරෝපීය රටවල් වලින් සංචාරකයන් බොහොමයක් මෙරටට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති අතර මෙම නව ගුවන් ගමන් මාර්ග තුළින් බර්ලීන් සහ ඔස්ට්‍රියාවේ වියනා වැනි  ප්‍රදේශයන්ගෙන් මෙරටට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවය වැඩිවනු ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාවටත් මෙම රටවල් සඳහා පහසු ලෙස ගුවන් ගමන් සිදුකිරීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එයාර්බර්ලීන්  ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  ස්ටෙෆාන් පිචර් මහතා  ප්‍රකාශ කර සිටියේ  ජර්මන් සංචාරකයන්ගේ සංචාරක ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව  පසුගිය වසරකිහිපය තුළ සංචාරක පැමිණීම් හි සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇති බවයි.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “මේ අනුව අප නව සංකේත හුවමාරු පාර්ෂවය  සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියේ දී කටයුතු කරන අතර ජර්මන් භාෂාව කථා කරන රටවල් වලින් වැඩි ඉල්ලුමක් මෙම ගමන් මාර්ගය සඳහා ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ හැක.” බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම එටිහාඩ් ගුවන් සේවය හරහා ජර්මනියේ මියුනිච් වෙත සංකේත හුවමාරු ගුවන් සබඳතා පවත්වනු ලබයි.එයාර්බර්ලින් සහ NIKI සමග පවත්වන මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ඔස්ට්‍රියාවේ අග නගරය වන වියානා වෙත ද ගුවන් සමාගමේ මෙහෙයුම්  ගෝලීය ලෙස ව්‍යාප්ත කිරීමට හැකි වී ඇත.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් එයාර් බර්ලින් සහ නිකී සමග හවුලක්

සමන් Saturday, 11 July 2015 07:16 AM

පිවිතුරු යහපාල, මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. වියානා කියන්නේ ඔස්ට්‍රියාවේ අගනුවර කියල මොන්ටිසෝරි ළමයෙක් වුනත් දන්නවනේ. (නදී)

:       0       0

සමන් Saturday, 11 July 2015 07:16 AM

මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. වියානා කියන්නේ ඔස්ට්‍රියාවේ අගනුවර කියල මොන්ටිසෝරි ළමයෙක් වුණත් දන්නවනේ. (අ)

:       0       0

සනත් ඉන්දික Thursday, 09 July 2015 04:50 PM

හොඳ උත්සාහයක්, පැහැදිලි දැක්මක්. ඉදිරියටම යන්න ලැබේවා! (නි)

:       0       0

අනුර Saturday, 11 July 2015 01:35 PM

පිවිතුරු යහපාල මැදමුල තියෙන්නේ කොහේද ? ඔස්ට්‍රියාවේද ? තවම තියෙන්නේ දුපත් මානසිකත්වයක් ඔබට. (නදී)

:       0       0

චිත්‍රා Saturday, 11 July 2015 02:33 AM

මම ගිය මාර්තුවේ වියනා ගියේ.මිලත් සමබරයි. ගිනි ගණන් අය නොකළොත් ස්තුතියි! (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 11 July 2015 05:01 AM

චිත්‍රා,වියනා තියෙන්නේ කොහෙද..? නිකම් කෙබර හලන්නේ නැතිව ඉන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 253 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 397 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site