IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ හිමියන්ගේ සංගමය 8 වැනි මහා සභා රැස්වීම පවත්වයි

මෙරට සංවිධානාත්මක සිල්ලර වෙළෙඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ හිමියන්ගේ සංගමය හෙවත්  Sri Lanka Retailers’ Association (SLRA) පසුගිය ජූනි 25 වැනිදා කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හිදී සිය 8 වැනි වාර්ෂික මහා සභා රැස්වීම උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.
එහිදී, සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය නියෝජනය කරන නායකයෝ පසුගිය වසරේ ව්‍යාප්ති විශ්ලේෂණය කර, විමසුමට ලක් කර, ඒ ඔස්සේ අනාගතය සඳහා අවශ්‍ය දිශානතියක් සැකසීමට මූලිකව කටයුතු කළහ.
සිල්ලර වෙළෙඳාම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ වඩාත්ම බලපෑම් සහිත අංශවලින් එකක් වන අතර, රටේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් සියයට 15 ක දායකත්වයක් සපයනු ලබන අංශයකි. එය මිලියනයකට අධික ජීවනෝපාය සඳහා සහාය වන විශාලතම පෞද්ගලික අංශයේ සේවායෝජකයා ලෙස ක්‍රියාත්මක අතර, රට පුරා සිල්ලර වෙළෙඳ ස්ථාන 300,000 කට වඩා විහිදී තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියන 31 ක වෙළෙඳපොළ ප්‍රමාණයක් සහ සියයට 6.6 ක ස්ථාවර සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතයක් (CAGR) සමග ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳ කර්මාන්තය මෑතකදී ආසියා-පැසිෆික් කලාපය පුරා ආකර්ෂණීය බව අතින් 12 වැනි ස්ථානයට පත් විය. SLRA විධිමත් සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය එක්සත් කිරීමේ වේදිකාවක් ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර, කර්මාන්ත වර්ධනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව උදෙසා සහාය වේ.
වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉවත්ව යන සභාපති චරිත සුබසිංහ මහතා, 2025-2026 වසර සඳහා සභාපති ලෙස පත් කරන ලද ඉන්ෆියාස් අලි මහතාට සංගමයේ නායකත්වය නිල වශයෙන් භාර දුන්නේය.
උපායමාර්ගික සංධිස්ථානවලින් සහ ශ්‍රී ලංකාවේ සිල්ලර අංශය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමෙන් පිරුණු වසරක් පිළිබඳ සුබසිංහ මහතා සිය සමුගැනීමේ කතාවේදී මෙසේ පැවසීය. “ගෙවී ගිය වසරේ SLRA සැබවින්ම අර්ථවත් ප්‍රගතියක් ලබා තිබේ. කොළඹ දී පැවති 21 වැනි ආසියා පැසිෆික් සිල්ලර වෙළෙඳුන්ගේ සමුළුව සහ ප්‍රදර්ශනය (APRCE) පැවැත්වීමේ ගෞරවය අපට හිමි විය. මෙම අවස්ථාවට රටවල් 18 ක නියෝජිතයන් පිළිගෙන, ශ්‍රී ලංකාව ගෝලීය සිල්ලර වෙළෙඳුන්ගේ සිතියමේ ස්ථානගත කරන ලදී. අපි SLRA ඇකඩමියේ ප්‍රවේශය පුළුල් කළෙමු, නව සිල්ලර අංශ කමිටු හරහා අපගේ සම්බන්ධතාව ශක්තිමත් කළෙමු. නව සාමාජිකයන් කිහිප දෙනකු අපගේ ප්‍රජාවට සාදරයෙන් පිළිගත් අතර, අපගේ ප්‍රජාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා www.slra.lk හි ප්‍රතිසංස්කරණය කරන ලද වෙබ් අඩවියක් දියත් කළෙමු. 
වඩාත්ම වැදගත් දෙය නම්, අපි රජය සමග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාකාරීව නිරත වූ අතර, සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා ප්‍රකාශ කළ අතර, ජාතික ආර්ථික සංවාදයට දායක වූවෙමු. මෙම මුලපිරීම් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳ කර්මාන්තයේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දැමීය. නව සභාපති, ඉන්ෆියාස් අලි SLRA ශක්තිමත් සහ ප්‍රගතිශීලී අනාගතයක් කරා ගෙන යාමට මග පෙන්වනු ඇත.”
අලුතින් පත් කරන ලද සභාපති ඉන්ෆියාස් අලි මහතා සිය ඉදිරි දැක්ම බෙදා ගනිමින් මෙසේ පැවසීය. “සිල්ලර වෙළෙඳාම යනු, රටක ආර්ථිකයේ අංශයක් පමණක් නොවේ. එය ස්ථාවරත්වය, අවස්ථාව සහ ජාතික සංවර්ධනයේ මූලාශ්‍රයකි. මෙම තීරණාත්මක අවස්ථාවේදී SLRA සංගමයට නායකත්වය දීමට ලැබීම මට ගෞරවයක් වන අතර පරිවර්තනය, තිරසරභාවය සහ සාමූහික ප්‍රගතිය සඳහා අපගේ සියලුම සාමාජිකයන් සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.” 
2025-2026 සඳහා නව විධායක සභාව
සභාපති: ඉන්ෆියාස් අලි - ප්‍රධාන විධායක නිලධාරී, හෙල්ත්ගාර්ඩ් ෆාමසි ලිමිටඩ්, ජ්‍යෙෂ්ඨ උප සභාපති: මහේෂ් විජේවර්ධන - කළමනාකාර අධ්‍යක්ෂ, සිංගර් ශ්‍රී ලංකා, උප සභාපති: කුමාර් ද සිල්වා - ප්‍රධාන විධායක නිලධාරී SPAR SL පුද්ගලික සමාගම, FAPRAසභාපති: මුරලි ප්‍රකාශ් - සභාපති, FAPRA, ප්‍රධාන ලේකම්: හර්ෂ මධුරංග – සාමාන්‍යාධිකාරී, අලෙවිකරණ, විෂන් කෙයා, අතිරේක ලේකම්: අවන්ති ද සොයිසා - සාමාන්‍යාධිකාරී, ඕවර්සීස් රියල්ටි පුද්ගලික සමාගම, භාණ්ඩාගාරික: ආචාර්ය චතුර ජයවර්ධන - CMO අබාන්ස් පීඑල්සී
සහකාර භාණ්ඩාගාරික: අසංක රාජපක්ෂ – අධ්‍යක්ෂ, D. Samson & Sons, කවුන්සිලයේ සාමාජිකයන්:
රුවිනි කාරියවසම් - අධ්‍යක්ෂ, Perera & Sons, ජනික් ජයසූරිය - කළමනාකාර අධ්‍යක්ෂ, සෙලෙස්ටේ ඩේලි, අස්මා හුසේන් - හමීඩියා සමූහය, ඉම්රාන් ඉක්බාල් - ව්‍යාපාර සංවර්ධන කළමනාකරු, කූල් ප්ලැනට්
හිටපු සභාපති: චරිත සුබසිංහ - ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සිල්ලර අංශයේ සභාපති
නිර්මාතෘ සභාපති: හුසේන් සාදික් - හමීඩියා හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ
ඉදිරි වසර සඳහා එහි උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙස, SLRA මෙම වසර අගදී කාලෝචිත තේමාවක් වන “Retail Reimagined – Where AI Meets the Human Edge” යටතේ 2025 ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ සංසදය පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ හිමියන්ගේ සංගමය 8 වැනි මහා සභා රැස්වීම පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site