IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කෙරේ

  • එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් රබර් සහ ටයර් ප්‍රදර්ශනය 2025 මැද පෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී රබර් නිෂ්පාදන අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් 10 ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මණ්ඩපයක් සංවිධානය කළේය. 

එම සමාගම් වන්නේ ;3 k හෝල්ඩින්ග්ස්, ඔටෝවේස්, සැම්සන් රබර් කම්පවුන්ඩ්ස්, දුලංකා ඉන්ටර්නැෂනල්, DTH සුපර්ඩැග්, ක්ලින්කෝ රබර් මෝල්ඩින්ග්ස්, සෙයිට්‍රා, BGN ඉන්ඩස්ට්‍රියල් ටයර්, ටෙක්ස්ට්‍රිප්, රොවින්ස් ඉන්ඩස්ට්‍රියල් ටයර් යන සමාගම්ය.

මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 17 සිට 19 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි සාජා එක්ස්පෝ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රථම වරට සමාගම් දහයක් සහභාගී වූ අතර එහිදී solid ටයර්, නැවත පිරවූ රබර් පටි (retread rubber belts), අභ්‍යන්තර ෆ්ලැප් (inner flaps), අච්චු කරන ලද රබර් නිෂ්පාදන (moulded rubber products )  (ගෘහස්ථ හා කාර්මික), රබර් තහඩු (rubber sheets), ක්‍රීඩා භාණ්ඩ, වාහන උපාංග ආදිය ඇතුළුව දේශීයව නිෂ්පාදනය කරන විවිධ රබර් නිෂ්පාදන කිරීමට බලපොරොත්තු වේ. 

තවද, දෙස් විදෙස් ව්‍යාපාරික හමුවක් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය විසින් පසුගියදා ඩුබායි පුල්මාන් ක්‍රීක් හෝටලයේදී සංවිධානය කර තිබිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය අරුෂා කුරේ, ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර සහ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සල් අමාත්‍ය තක්ෂිලා ආර්නෝල්ඩා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත් විය. 

ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සුරේන් ස්වාමිනාදන් මහතා පිළිගැනීමේ කතාව කළ අතර කොන්සල් ජෙනරාල්වරයා සහ තානාපතිනියද මෙහිදී දේශන පවත්වන ලදී. කවුන්සිලයේ උප සභාපති ෂිහාන් ෂෙරිෆ් මහතා ස්තූති කතාව පැවැත්වූයේය.

ව්‍යාපාරික ක්ෂේතුයට සම්බන්ධ වෘත්තිකයන්, දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පිළිබඳ හඳුන්වා දීමට හා ව්‍යාපාරික අදහස් බෙදා හදා ගැනීමට අවස්ථාව මෙහිදී හිමි වු අතර එමඟින් ශක්තිමත් හා පුළුල් ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මහඟු‍ අවස්ථාවක් උදා විය. 



අදහස් (0)

ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site