නව ක්‍රමවේදයෙන් ලංකාව පුරා නීතී වෘත්තිකයන් විසිපන්දහසකට ඕනෑම වේලාවක ලේඛන සඳහා අත්සන් කිරීමේ පහසුකම් සැලසෙනු ඇති


මනෝප්‍රිය ගුණසේකර


නීතී ක්ෂේෂත්‍රයට හඳුන්වාදී ඇති ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එක්වෙමින් ඉලෙක්ට්‍රොනික ලේඛන සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් භාවිත කිරීම ආරම්භ කෙරුණු අතර ඒ සඳහා අවශ්‍යිඩිජිටල් අත්සන් ඩොන්ගල’ කිහිපයක් ‘ලංකා පේ’ ආයතනයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ට පසුගියදා ප්‍රදානය කරන ලදී.
ඉලෙක්ට්‍රොනික ලේඛන සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් භාවිත කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගම් පරීශ්‍රයේ පැවැත්වු උත්සවයකදීිලංකා පේ’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා විසින් අදාළ ‘ඩිජිටල් අත්සන් ඩොන්ගල’ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසුරිය මහතා ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයන්ට ප්‍රදානය කරන ලදී.
ඉලෙක්ට්‍රොනික ලේඛන සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් කිරීමේ මෙම නව ක්‍රමවේදය නිසා ලංකාව පුරා විසිරී සිටින නීතී වෘත්තිකයන් විසිපන්දහසකට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ලේඛන සඳහා අත්සන් කිරීමේ පහසුකම් සැලසෙනු ඇති බවත් එය ඉතාම පහසු සහ ඉතා සුරක්‍ෂිත ක්‍රමයක් බවත් නීතී ලේඛන හුවමාරු කිරීම, සංරක්‍ෂණ කිරීම, ආපසු ලබාගැනීම ඉතාම පහසු වනු ඇති බවත් එම උත්සවයේදී අනාවරණය විය.
මෙම උත්සවයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසුරිය මහතා මෙන්ම මි ලංකා පේ’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතාද මෙම නව ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වමින් පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය වු අධිකරණ පද්ධතියක් තුළ ළුලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට නීතී වෘත්තිකයන් සුදානම් කිරීමේ වගකීම හඳුනාගෙන ඇති බවත් නීතී ක්‍ෂෙත්‍රයේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ සඳහා උපරීම සහය දෙන බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, ලේකම් චතුර ගල්හේන, භාණ්ඩාගාරික පසිඳු සිල්වා, සහකාර ලේකම් සරින්ද ජයවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති/ජාතික ඩිජිටල් සහතික පත් අධිකාරියේ (NCA) කාර්ය සාධක බලකායේ සම සභාපති චමින්ද බණ්ඩාර, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ නිර්මාතෘ/NCA කාර්ය සාධක බලකායේ සම සභාපති ජයන්ත ප්‍රනාන්දු, ලංකා පේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි දිනුක පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.