IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය නව හවුල්කාරීත්වයක

  • මෙරට ව්‍යාපාර සඳහා තිබෙන අපනයන අවස්ථා පුළුල් කරගැනීමටද වැදගත් පියවරක්

විමුක්ති එස්. රුද්‍රිගු

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය පසුගිය දා නව හවුල්කාරීත්වයක් ඇතිකරගත් බවත්, එය දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කරගැනීම සඳහා තැබූ වැදගත් පියවරක් බවත්, එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සමග ඇතිකරගත් නව හවුල්කාරීත්වය මෙරට ව්‍යාපාර සඳහා තිබෙන අපනයන අවස්ථා පුළුල් කරගැනීමටද වැදගත් පියවරක් බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.

සමීප කලාපීය සහයෝගීත්වයේ වැදගත්කම හඳුනාගනිමින් ඒ සඳහා ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය. අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා සහ ඉන්දියානු අපනයනකරුවන් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට දොරටු විවෘත කරනු ඇතැයිද අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සඳහන් කළේය.

ඇතිකරගත් හවුල්කාරීත්වය වෙළෙඳ, දැනුම හුවමාරු කරගැනීම සහ ධාරිතා ගොඩනැගීම යන අංශ තුළ නව අවස්ථා ඇතිකරනු ඇති බවත්, දෙරටේ අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩිදියුණු කරනු ඇති බවත්, එම මණ්ඩලය පැවැසුවේය. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහාය සහ අවශ්‍ය පහසුකම් සලසා දුන් බවද අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය නව හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site