IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


වාහන පූට්ටුවට රොබෝවරුන්

ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ස්වයංක‍්‍රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහිත කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇතැයි මයික්‍රෝ සමාගමේ ප‍්‍රධානී ආචාර්ය ලෝරන්ස් පෙරේරා පවසයි. වසර දොළහකදී නව සමාගම ලබා ඇති සාර්ථකත්වය ගැන තමා ඉතා සතුටුවන බවත් දැනට නේපාලයට වාහන අපනයනය, කරන බවත් ඉදිරියේදී පාකිස්ථානය හා බංගලාදේශය වැනි රටවල්වලට මයික්‍රෝ වාහන අපනයනය කිරීම ගැන සාකච්ඡා පවත්වන බවත් ඔහු කියයි.



අදහස් (0)

වාහන පූට්ටුවට රොබෝවරුන්

සරත් කුමාර Tuesday, 12 June 2012 12:13 AM

බයික් එකක් එහෙමත් ඉක්මනට හදන්න....ජය වේවා !

:       0       0

සකලබුජන් Tuesday, 12 June 2012 01:37 AM

රොබෝලා පූට්ටු කරයි‍‍‍‍...අපිට පූට්ටුවක් දාගන්න තමයි තැනක් නැත්තේ.......

:       0       0

ඉෂාන් Thursday, 14 June 2012 12:58 PM

නරකද මයික්‍රෝ කාර් අපේ දේශපාලකයින්ටත් දෙනවනම්.එතකොය ආනයන වියදමත් අඩු කර ගන්න පුලුව්න නේද?මේ කමගේ අහිංසක යෝජනාවක් විතරයි හොදද?

:       0       0

නිශාන් Wednesday, 13 June 2012 05:21 PM

ප්‍රනාන්දු,ඔබ හරි.අපි අපේ තාක්ෂණය දියුණු කර ගන්න ඕනි.නමුත් අපි යැපෙන්නේ තාමත් ඉන්දියාව සහ චීනය මත.අපි අපේම ක්‍රමයක් හදා ගන්න ඕනි

:       0       0

කෙනත්(USA) Tuesday, 19 June 2012 10:22 PM

පියල් ගේ කතාව ඇත්ත, මම මෙහෙ පාවිච්චි කරන්නේ 2011 ටොයෝට Camry කාරයක් , එක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ රු. ලක්ෂ 24 කට , ලංකාවේ ඒ කාරය ලක්ෂ 90 පනින්නේ කොහොමද? මෙහෙ ලක්ෂ 90 ක් දීල අලුත්ම BMW එකක් ගත හැකි. 300 % විතර ගහන බදු මුදල් වලට මොකෝ වෙන්නේ. මේක බද්දක් නොවෙයි මන්කොල්ලයක්නේ. මම ලගදී ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ, මේ කාරය විකුණලා ලංකාවෙන් එකක් ගන්න වෙනවා පාවිච්චියට, ලක්ෂ 24 කට මොකක්ද ගන්න පුළුවන් 2000 මොඩෙල් පොඩි corolla එකක් තමයි ගන්න වෙන්නේ. ලංකාවේ ජීවන වියදම ඇමෙරිකාවටත් වැඩියි. මෙහෙ පෙට්‍රල් ගැලුමක් dollar 4.00 යි ලීටරයක් රු. 122.00 විතර වෙන්නේ. නමුත් ලෝක වෙළද පොලේ තෙල් අඩු වුන ගමන් ඕක $ 3.50 විතර බහිනවා එකපාරටම (ලීටරය රු. 108.00). ලංකාවෙනම් වැඩි උනොත් අයේ ලින් වතුර තෙල් උනත් මිල අඩු වෙනවා බොරු. අපේ තෙල් හාරලවත් බලමු, නැත්නම් වතුරෙන් දුවන වාහන හදමු, නැත්නම් අර තිරික්කල ටික සුද්ද කරලා ගමු.

:       0       0

රොශාන් Monday, 11 June 2012 02:33 PM

නියමයි, ඉන්දියන් බයික් වලට හරියන්න බයික් එකකුත් හැදුවනම් නියමයි...

:       0       0

චමින්ද Thursday, 14 June 2012 07:15 AM

ලංකාවේ න්‍යාය තමයි පෙට්‍රල් අඩුවෙන් වැඩ කිරීම.පිටරට වල න්‍යාය තමයි ආරක්ෂාව,සැප පහසුව, කල්පැවැත්ම.අපේ රටේ ඉන්දියන් ඩක්කු ජනප්‍රිය ඒකයි

:       0       0

සංජු Tuesday, 12 June 2012 06:19 AM

නියමයි, ඔබට ජාතියේ උපහාරය ........

:       0       0

බණ්ඩා Thursday, 14 June 2012 05:26 PM

හොද වැඩක්.රොබෝලා දාලා හරි කමක්නෑ අපිට හොද බයික් එකක්වත් ලැබෙනවා නම්

:       0       0

කුමාර Tuesday, 12 June 2012 09:04 PM

කයිරොන්,රෙක්ස්ටන් කියන්නෙ කොරියන් සැංග්යෝන්ග් කයිරොන් සැංග්යෝන්ග් රෙක්ස්ටන් (Ssangyong)කියන වාහනේටයි.

:       0       0

රුවන් Tuesday, 12 June 2012 11:33 PM

මයික්‍රෝ වාහන අන්තිමයි !!

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 June 2012 12:50 PM

micro car වල තත්ත්වය වැඩි දියුනු කිරීමට දැන් කාලය පැමිණ ඇත

:       0       0

විභූති Thursday, 14 June 2012 01:52 PM

පියල්ගෙ සහ ඉශාන්ගෙ අදහස් ඉතාම හොදයි...

:       0       0

විභූති Tuesday, 12 June 2012 02:42 PM

නියමයි,ඉන්දියන් කාර් වැ‍ටෙන්න ගහන්න ඔබට ජාති‍යේ උපහාරය ........

:       0       0

සන්ජු Monday, 11 June 2012 11:34 AM

නියමයි.....චීන ,ජපන් කාර් වැටෙන්න ගහන්න, ඉන්දියන් බයික් වැටෙන්න ගහන්න...

:       0       0

උපුල් ගනේගොඩ -නවසීලන්තය Thursday, 14 June 2012 02:47 PM

අපේ රටේ ආරක්ෂාව පිළිබද සහතිකයක් නැහැ.. ගොඩක් රියදුරන් seat belts සහ air bags ගැන දන්නේ නැහැ. seat belts පළදන්නේ නැහ.. දන්නේ නැහැ air bags වැඩකරයිද දන්නෙ නැහැ.. පළමුව මහාමාර්ග දෙපාර්තමේන්තුව ආරක්ෂා පරීක්ෂක සහ හානි පිළිබද වාර්තාවක් ලබා ගත යුතුයි. (safety cheek and crash reports) මම දන්නා තරමින් චීනයෙන් ආනයනය කරන වාහන safety reporters අසමත්ය..

:       0       0

සමරසූරිය Wednesday, 13 June 2012 06:57 PM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit

:       0       1

ශාන්ත - අයර්ලන්තය Wednesday, 13 June 2012 03:29 AM

ඉන්දියවෙන් ගෙන්වන වාහන ප්‍රමානය අඩු කර ම්යික්‍රො වාහන ලන්කාවෙ භාවිතා කරන්න.ම්යික්‍රො ආයතනයට ජය.ම්යික්‍රො ආයතනය ලාන්කික අපි අගය කරනවා

:       0       0

රජිත් Wednesday, 20 June 2012 08:30 AM

නියමයි ලංකාවේ කාර් /බයික්..

:       0       0

පියල් Wednesday, 13 June 2012 06:33 AM

වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් කියන්නේ සියලු අමතර කොටස් එකතැනකට ගෙන්නාගෙන එකතු කර වාහනය පුට්ටු කරන තැනටයි ...ජපානයේ නම් මේ සියලු අමතර කොටස් හදන්නේ මවු සමාගම විසින් සබ් ඒජන්ත සමාගම් වලට කොන්තරාත් ලබා දීලයි ..එතකොට මේ හැම කොටසක්ම හදන්න කොම්පැනි ගොඩක් පවත්වාගෙන යනවා ..කොටින්ම කියනවා නම් සබ් ඒජන්ත සමාගම් නොසෑහෙන්න තියෙනවා .. ඒ නිසා රැකියාවලුත් නොසෑහෙන්න තියෙනවා ... නමුත් ලංකාවේ මයික්‍රෝ එක මේ වෙනකම් කලේ සියලු අමතර කොටස් චීනයෙන් හරි කොරියාවෙන් හරි ඉතාලියෙන් හරි ලංකාවට ගෙන්නාගෙන ලංකාවේදී ඒවා එකලස් කර මයික්‍රෝ නම බාවිත කර ලංකාවේ විකිණීමයි .. නමුත් දැන් වෙන්න යන්නේ මේ ලංකාවේ එකලස් කල සමාගමේත් හිටිය සුළු සේවක පිරිස අතහැර රොබෝ වරුන් මගින් වාහන එකලස් කරන ක්‍රමයට යන්නයි ... [ වාහන බොඩිය වැල්ඩින් කිරීම, ඇන සවිකිරීම වගේ දේවලුත් - කෙසේ වෙතත් සේවකයෙක් මගින් මෙය කරනවට වඩා රොබෝ කෙනෙක් මගින් මේවා කරගත්තම වාහනයේ ශක්තිය ආරක්ෂාව නම් ඉහලයි ,ඒ වගේම සමාගමටත් ඉතාම ලාබදායකයි ..වැඩෙත් ඉක්මනින් වෙනවා . ] .. එතකොට මේ මයික්‍රෝ එක කොච්චර දුරට දේශීය සමාගමක් වෙනවද කියන එක මටනම් තේරෙන්නේ නැ... නමුත් එක පැත්තකින් නම් දේශීය වෙනවා .. එනම් එහි හිමිකරු ලාංකිකයෙක් සහ සමාගම තියෙන්නේ ලංකාව තුල නිසා .. එච්චරයි ..තව දෙයක් නම් උදාහරණයක් ලෙස ජපානයේ ටොයෝටා වාහනයක් හදන්න යන වියදම ගැන කතා කලොත් ටොයෝටා එක ජපානය තුල තම වාහන වලට අවශ්‍ය සියලුම කොටස් හදන්න එක එක අංශ වලට කොටස් වෙන්කර ඒ සඳහා ඒජන්ත සමාගම් වලට පවරලයි තියෙන්නේ .. මේ සමාගම් මුළු රටේ හැම තැනකම තියෙනවා ඒ නිසා ඒවල අති විශාල සේවක පිරිසක් වැඩ කරනවා .[ මේ හැම සේවකයෙක්ම තමන්ට පැවරිලා තියෙන වැඩය ඉතාම වගකීමෙන් කරන බව කිවයුතුමයි ].එහෙම කරලත් උදාහරණයක් විදියට බ්‍රෑන්ඩ් නිවු ටොයෝටා කොරොල්ලා එකක් ටොයෝටා සමාගම විකුනන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 20 කට වඩා අඩුවෙන් .. ඒ තුල සමාගමේ ලාබය සහ ආණ්ඩුවට ගෙවන බදුද ඇතුලත් .... නමුත් ලංකාව ගෙන්වන ජපානයේ පාවිච්චිකළ කොරොල්ලා එකක් සඳහා ලංකාවේ ආණ්ඩුව කිසිදු වියදමක් නොකර කස්ටම් එක හරහා රුපියල් ලක්ෂ 25 කට වඩා හොයා ගන්නවා ...නමුත් ලංකාවේ ජනතාවට ඒ මගින් කිසිම සෙතක් ලැබෙන පාටක් නම් පෙන්නේ නැ ..

:       0       0

කුෂාන් Tuesday, 12 June 2012 10:54 AM

අපේ රටේ කොච්චර ඉන්නවාද ජොබ් නැතිව.. ඉතිං නරකද එයාලට ඒක කරන්න දුන්නොත්.? නව තාක්ෂණය හොදයි... හැබැයි අපිට මේක නැතිව බැරිද?

:       0       0

මේනක Wednesday, 13 June 2012 07:12 AM

ලොරන්ස් මහත්මයාණි...ඔබට ජයේන් ජය වේවා... දියුනුවේන් දියුනුවට පත්වේවා... ස්තුතියි

:       0       0

සුදු මාටින් Tuesday, 12 June 2012 10:17 AM

නිපුණ කියන එකේ ඇත්තකුත් තියෙනවා.ඇත්තටම අපේමයි කියලා වාහනයක් හදන්න අපිට බැරිද?

:       0       0

අරෝෂාන් Tuesday, 12 June 2012 11:03 AM

හොඳයි.....බයික් එකකුත් ඉක්මනට හදනවනම් රටට ලොකු සේවයක්....

:       0       0

උණුසුම් කොල්ලා Monday, 11 June 2012 04:44 PM

"වාහන පූට්ටුවට රොබෝවරුන්" රොබෝවරුන්ගේ මැදිහත්වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය වාහන අතර ස්වයංක්‍රීයව සිදුවනවානම් වඩාත් ඵලදායකයි.

:       0       0

Thursday, 14 June 2012 10:32 AM

බලාගෙන ගියහම මේක හරියට චීන ගෑනියෙක් ගෙනැල්ල සිංහල නමක් දැම්ම වගේ වැඩක්නේ...

:       0       0

බාලා Wednesday, 13 June 2012 08:33 AM

micro අන්තිමයි, ඔක්කොම china and korian. පෙට්‍රල් වැඩ කරන්නෙත් නෑ...

:       0       0

කේ.කේ. Monday, 11 June 2012 06:16 PM

නියමයි ලෝරන්ස් මහත්තයෝ............සිය රට දේ සිරි සැප දේ...ජයෙන් ජය !

:       0       0

කිරිමාටින් Monday, 11 June 2012 12:07 PM

ඔය තියෙන්නේ වැඩ.....!!!! එල කිරි

:       0       0

අරුණ Monday, 11 June 2012 06:40 PM

බයික් එකක් හදල මාකට් එකට දැම්මනම් වැඩේ නැගල යාවී...

:       0       0

රොෂාන් Monday, 11 June 2012 12:22 PM

ඉන්දියාවේ කබල් ටාටා වෙනුවට අර සී.ටි.බි එකට දීල තියන මයික්‍රෝ ලොකු බස් අඩුවට දෙන්න බැරිද ?ඒකනම් නියම බස් ඒක .

:       0       0

ලාංකිකයා Sunday, 17 June 2012 04:46 PM

මයික්‍රෝ මොන රොබෝ හරි ගෙනල්ල මගේ කාර් එකත් පූට්ටු කරලා දෙන්න ඉක්මනට. සල්ලි ගෙවල දැන් මාස 6 කටත් වැඩියි. හෙට දෙනවා හෙට දෙනවා කිය කියා බොරුවට පව් පුරෝගන්නවා බොරු කියලා.

:       0       0

සමන්ත Tuesday, 12 June 2012 05:07 PM

micro වාහන අන්කිම සවුත්තුයි. මට තියෙන්නෙ micro කාර් එකක්. පෙට්ට්‍රල් වැඩ කරන්නෙ නෑ ලෙඩ ගොඩක් made in Sri Lanka කියලා ගාන කපා ගන්නවා....

:       0       0

අමිල කටුනායක Monday, 11 June 2012 07:37 PM

සිය රට දේ සිරි සැප දේ....

:       0       0

බාතිය Monday, 11 June 2012 12:41 PM

අනේ හොදයි. ඕක නිසා පොල්ගහවෙලට යන පාරවත් හොදට හැදුනොත් අපිට ඒකවත් ලොකු උදව්වක්.

:       0       0

රොහාන් Tuesday, 12 June 2012 05:07 PM

micro වාහන අනෙක් වාහන ළගින්වත් තියන්න බැහැ. අමතර කොටස් ගණන් වැඩියි... අපේ කම කියල මිනිසුන්ව අන්දනවා.. ගානත් වැඩියි..

:       0       0

නීල් Wednesday, 13 June 2012 09:29 AM

මට තියෙන්නෙ micro trend කාර් එකක්. අරගෙන අවුරුදු දෙකේදී ගැස්කට් එක ගිහින් අලුතෙන් දැම්මා. දැන් පවර් වින්ඩෝස් වැඩ කරන්නේ නැහැ. මාර ලෙඩ ගොඩක් made in Sri Lanka කියලා අපි අහුවුනා. අන්කිම සවුත්තුයි.

:       0       0

ඇටිතිච්චා Wednesday, 13 June 2012 11:00 PM

උණුසුම් කොල්ලා 2012-06-11 16:44:15 "වාහන පූට්ටුවට රොබෝවරුන්" රොබෝවරුන්ගේ මැදිහත්වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය වාහන අතර ස්වයංක්‍රීයව සිදුවනවානම් වඩාත් ඵලදායකයි. මාර කමෙන්ට් එකක් මල්ලී.මාරයි

:       0       0

තරු ඩුබායි Thursday, 14 June 2012 05:03 PM

මයික්‍රෝ සමාගමට අපි අත දෙන්න ඕන හොඳ තාක්ෂණයක් අපේ කට්ටියට තියෙනවා. එහෙම නම් මුලදී අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන. මොන වුනත් අපේම නිශ්පාදන එලියට දෙන්නට අපි සුභ පතමු. මන් ඉන්නේ ඩුබායි වල . මෙහෙ වාහන මිල බලද්දී සාමාන්‍ය කම්කරුවකුගේ මාස දෙකක වැටුපකින් වහනයක් ගන්න පුළුවන්. එවන් දවසක් අපේ රටටත් උදා වේවි යැයි සිතමු.

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 June 2012 04:12 AM

අපේ ආණ්ඩුවට බැරිද ඉන්දියාවෙන් වාහන ගෙන්වන එක නතර කරලා මයික්‍රෝ එකට පොඩි තල්ලුවක් දෙන්න

:       0       0

විමාලි Monday, 11 June 2012 01:23 PM

ඉතාම හොඳයි..ටිකක් හරි ලාංකිකකමක් තියනවනේ...

:       0       0

චානක Monday, 11 June 2012 01:25 PM

මෙන්න වැඩ ...ඕව තමයි ඕන . අපේ තරුණයෝ උනන්දු වෙන්න

:       0       0

නිපුණ Monday, 11 June 2012 09:42 PM

මයික්‍රෝ සමාගමෙන් වාහන හදන්නෑ මයික්‍රෝ කියන නම දාල එකලස් කරනව විතරයි. උදාහරණයක් ලෙස මයික්‍රෝ පැන්ඩා කියන්නෙ චීනයේ Gheely panda කියන වාහනේටම තමා, නම විතරයි වෙනස්. Gheely panda කියන්නෙ එච්චර හෙඳ වාහනයක් නෙමෙයි. Micro Trend, Micro MX7 ගැනත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමා. මයිකෝ ල ගෙනාපු කයිරොන්, රෙක්ස්ටන් වගේ වාහන නම් ටිකක් හෙඳයි. මෙතන ‍ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහත්තයට කරන්න තියෙන්නෙ Perodua VIVA Elite කියන වාහනේ ආදර්ශයට අරගෙන හොඳ ජපන් එන්ජිමක් දාල ඉතිරි ටික ලංකාවෙ හදල වාහනයක් හඳුන්වල දෙන එකයි නිකන් බාල චීන වාහන ගෙන්නල මිනිස්සු රවට්ටන්නෙ නැතුව.

:       0       0

නාමල් Monday, 11 June 2012 01:39 PM

රට යවන්න කලින් මෙහේ මාකට් 1 හදාගෙන ඉන්න...මෙහේ අපි මාස 3,4 බලන් ඉන්න ඕන කාර් එකක් ගන්න...

:       0       0

jeewaka Tuesday, 12 June 2012 07:18 PM

මේ රැවටෙන්න එපා. අපියි කියල ජරාව ගන්න එපා. මොකද අපේ දේශපාලකයෝ තාම ඇනවුම් කරන්නේ ජපන් පැජරේ සහ ඒරෝප්පෙන් එන වොල්වෝ. ඉතින් අපි විතරක් අපේ දේවල් ගන්නේ ඇයි අනේ කියන්නකෝ.

:       0       0

දිනේෂ් Monday, 11 June 2012 10:47 PM

Micro එකෙන් කොච්චර වාහන හැදුවත් වැඩක් නැහැ, ඒවත් රටින් ගෙන්වන ගානටම දෙනවනම්. ඒක නිසා ඉස්සරවෙලා ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකයට හරියන වාහනයක් හදල ලංකාවේ වෙළදපොල අල්ලගන්න. නැත්නම් හැමදාම ඉන්දිවට සහ ජපානයට ණය ගෙව ගෙව ඉන්න වෙන්නේ

:       0       0

මනුර Wednesday, 13 June 2012 10:46 AM

පියල් කියන කතාව හරියට හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 44 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 69 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 198 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 43 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 416 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 217 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site