
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත.
ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ තුළින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වී ඇති බවද සමාගම පවසයි.
මෙම ඇගයීමෙන් සෙලින්කෝ ලයිෆ් හි රක්ෂණ නියෝජිත කණ්ඩායමේ වෘත්තීය මට්ටම සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු වන අතර පාරිභෝගිකයන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම, කැපවීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් මංජුල මහතාට මෙම පිළිගැනීම හිමි වූ අතර එය කලාපීය මට්ටමින් ලැබූ සුවිශේෂී පෞද්ගලික ජයග්‍රහණයක් වෙයි. ATLAA වැඩසටහනෙන් ඉහළ කාර්යසාධනයක් හිමි, විශිෂ්ට වෘත්තීය නිපුණතාවක් ඇති, පාරිභෝගික විශ්වාසය සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ යහපත වෙනුවෙන් කැපවීමක් පෙන්නුම් කරන වෘත්තිකයන් ඇගයීමට ලක් කරයි.
ATLAA 2026 සම්මාන උළෙල සඳහා දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව සහ ආසියා-පැසිෆික් කලාපය පුරා රටවල් රැසකින් නාමයෝජනා ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, හොංකොං, තායිවානය, චීනය, මැකාවු, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් ඊට ඇතුළත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd