IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැලිබල් ෆිනෑන්ස් වත්කම් පදනම රුපියල් බිලියන 100 පසුකරයි

  • මූල්‍ය ක්ෂේත්‍රයේ නායකයා හැටියට තැබූ යෝධ පියවරක්
  • බ්‍රිතාන්‍යයේ ග්ලෝබල් ඉකොනොමික් මගින් පිට පිට තෙවතාවක්ම හොඳම මුල්‍ය සමාගම ලෙසත් පිළිඅරන්

භානුක අමරසිංහ


 කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවමින් සිය වර්ධනයේ කැපීපෙනෙන සන්ධිස්ථානයකට පැමිණීමට සමත්ව ඇතැයි පැවසේ. ඒ අනුව මෙය එම සමාගමේ සුවිශේෂ කාර්යසාධනයේ සහ ක්‍රමික ව්‍යාප්තියේ අවස්ථාවක් බවත් එම සමාගම සඳහන් කරයි.
එසේම වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ලබාගත් මෙම සාර්ථකත්වයත් සමගින්ම, එම සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් පෙරටුගාමී සහ අනාගත දැක්මක් සහිත මූල්‍ය ආයතනයක් ලෙස තවදුරටත් සිය ස්ථානය ශක්තිමත් කරගෙන ඇතැයිද එම සමාගම පවසයි.
2007 වසරේදී ආරම්භ කෙරුණු වැලිබල් ෆිනෑන්ස් සමාගම ගත වූ කාලසීමාවේදී ඉතාමත් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. අද වන විට සමාගම සතු ශාඛා ජාලය තුළ සේවකයෝ 1,700 කට අධික පිරිසක් සේවය කරමින් සිටිති. 
වසර 17ක් වැනි කාලයක් තුළදී සමාගමට‍ මෙම සුවිශේෂ මූල්‍යමය සන්ධිස්ථානය වෙත ළගාවීමට හැකියාව ලැබීම සඳහා එහි ශක්තිමත් නායකත්ව කණ්ඩායම, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාර වර්ධනය වෙත දක්වන දායකත්වය හේතු වී තිබේ.
මෙහිදී වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය වර්ධනය වඩාත් සමතුලිතව පවත්වාගෙන යාමේදී ගුණාත්මකබව, අක්‍රිය ණය වඩාත් සාර්ථක ලෙස කළමනාකරණය කිරීම යනාදිය මූලිකත්වය ගෙන ඇත. ඒ අනුව අද වනවිට මූල්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත් අවම අක්‍රිය ණය තත්ත්වයක් පවතින සමාගම ලෙසට වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පත්ව තිබීම සමාගම සිය මූල්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙන්නුම් කිරීමකි. 
එසේම වඩාත් හොඳන් සිදු කරන ආපදා කළමනාකරණ ක්‍රමෝපා හේතුවෙන්ද සමාගම තවදුරටත් පුළුල් කෙරෙමින් පවතින අතරතුරදීම එහි මූල්‍යමය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දී තිබේ. මීට අමතරව ගත වූ කාලසීමාවේදී අඛණ්ඩව ලබාදුන් වඩාත් විශිෂ්ඨ සේවාව සමගින් පාරිභෝගිකයන් සමගින් ඇති කරගත් වඩාත් විශ්වාසනීය මූල්‍යමය හවුල්කරුවකුගේ පිළිගැනීමද පාරිභෝගිකයා තුළ සමාගම කෙරෙහි ළැදියාව ඇති කිරිමටද හේතුවක් වී තිබේ.
මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා, “වැලිබල් ෆිනෑන්ස් සමාගම ඉතාමත් සාර්ථකව රුපියල් බිලියන 100ක වත්කම් පසු කිරීමට සමත් වූ බව ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. මෙම සන්ධිස්ථානය මගින් අපගේ අඛණ්ඩ ඉදිරි ගමන සහ අපගේ ව්‍යාපාර මොඩලය සතු ශක්තිමත් බව පෙන්නුම් කරනවා. බාහිර අභියෝගයන්ට එරෙහිව අපගේ දරාගැනීමේ හැකියාව සහ නවෝත්පාදන වෙත දක්වන දායකත්වය හේතුවෙන් සියලු‍ම බාධා අතික්‍රමණය කරමින් වඩාත් සිරසාර වර්ධනයක් වෙත ළගාවිමට අප ශක්තිමත් කර තිබෙනවා. අපගේ මෙම සාර්ථතත්වය පිටුපස ශක්තිමක්, අනුකූලවීම ප්‍රමුඛතාව කරගත් වඩාත් සාර්ථක පාලන ක්‍රියාරාමුවක්, බලපෑම් සහගත අවදානම් කළමනාකරණයක් සහ තිරසාර ව්‍යාපාරික භාවිතා යනාදිය පවතිනවා. අපගේ මෙම ගමන සඳහා සම්බන්ධ වූ පාර්ශ්වකරුවන් සහ කාර්ය මණ්ඩලය වෙත මෙම අවස්ථාවේදී අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා.” යනුවෙන් පවසා සිටියි.
එසේම වැලිබල් ෆිනෑන්ස් සමාගම සතු මෙම සුවිශේෂ වර්ධනය එහි ආයතනික කාර්යාලයේ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පමණක්ම සනිටුහන් කරන්නක් නොවන බවත් සමාගම පවසයි. එහිදී වසර 2.5ක් වැනි කාලයක් තුළදී එය ඉදිකිරීමට සමාගම සතුව තිබූ සුවිශේෂ හැකියාවද මෙහිදී වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වඩාත් අභියෝගාත්මක ආර්ථික තත්වයක් පැවැති කාලයකදී මෙය සාර්ථක කරගැනිමට හැකියාව ලැබීමද වැදගත් අවස්ථාවකි.
මෙම ආයතනික කාර්යාල ගොඩනැගිල්ලද වඩාත් නවීනතම තාක්ෂණික අංගවලින් සමන්විතව ඉදිකර තිබේ. එහිදී වඩාත් මටසිළුටු, නවීනතම ගෘහනිර්මාණශිල්පය සහිතව ඉදිකර ඇති මෙය වැලිබල් ෆිනෑන්ස්හි සාර්ථකත්වය සහ නවෝත්පාදනය වෙත සිදු කරන දායකත්වයද සංකේතවත් කරන බව සමාගම පවසයි. එසේම මෙම ගොඩනැගිල්ල මගින් කොළඹ ගොඩනැගිලි අතර සමාගම වඩාත් හොඳින් දර්ශනය වීමේ අවස්ථාවක්ද සලසා දෙන අතර, වඩාත් තරගකාරී මූල්‍ය කර්මාන්තය තුළ එහි ශක්තිමත් බවද විදහා දක්වයි.
මේ අතර 2024 වසරේදී පමණක් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය පියසටහන තවදුරටත් පුළුල් කරමින් නව ශාඛා 12ක් විවෘත කර තිබේ. ඒ හරහා සිය සේවා තවදුරටත් රටෙහි ජනතාව වෙත සමීප කිරිමට සමාගම සමත්ව ඇත. එසේම මෙම පුළුල්වීම සමගින් රට පුරාම විහිදී සිටින පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ළගාවෙමින් අදාළ සේවා ලබාදීම සුරක්ෂිත කිරීම සඳහා දක්වන සමාගමේ කැපවීම පෙන්නුම් කරන්නකි.
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම බ්‍රිතාන්‍යයේ The Global Economics  මගින් පිට පිට තෙවතාවක්ම “Best Finance Company” ලෙස පිළිගැනීමට ලක් කර තිබීම එම සමාගම සතුව මෙම මූල්‍ය අංශය තුළ ඇති නායකත්වය සහ සුවිශේෂත්වය යළිත් තහවුරු කරයි. එසේම මෙම පිළිගැනීම මගින් සමාගම පවත්වාගෙන යන ඉහළ ගුණාත්මක සේවාව සහ ව්‍යාපාරය වෙත දක්වන නවෝත්පාදන පිවිසුම්ද අගය කෙරෙන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි. 



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් වත්කම් පදනම රුපියල් බිලියන 100 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site