IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වැලිබල් ෆිනෑන්ස් රුපියල් බිලියන 9.46ක් දක්වා ආදායම් වර්ධනයක් ලබාගනී

වැලිබල් ෆිනෑන්ස් සිය අඛණ්ඩ සාර්ථකත්වය හා ක්ෂේත්‍රය තුළ දිනා සිටින ප්‍රමුඛත්වය විඳහා දක්වමින් ස්ථාවර තැන්පතු, ණය පහසුකම් හා ලාභදායීත්වය තුළ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන ප්‍රබල වර්ධනයක් ලබන්නට සමත්ව සිටී.

රුපියල් බිලියන 2.3ක බදු පෙර ලාභයක් උපයාගන්නට ආයතනයට හැකි වී ඇති අතර එය සියයට 28.3ක වර්ධනයකි. එමෙන්ම පසුගිය වසරේ දී රුපියල් බිලියන 1.2ක් වූ බදු පසු ලාභය මේ වසරේදී රුපියල් බිලියන1.7ක් දක්වා වර්ධනයක් ලබා ඇත. වියදම් අවම කර ගැනීමේ උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම, සංචිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම හා නව උපායශීලී ව්‍යාපාරික මාර්ග වෙත පිවිසීම වැනි ක්‍රියාමාර්ග තුළින් මෙම සාර්ථකත්වය අත්කර ගත්තේ පවතින අභියෝගාත්මක පසුබිම තුළ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන සේ ඔවුනට උපරිම සහයෝගය ලබා දෙමින්ය.

මෙම මූල්‍ය වර්ෂයේ දී මූල්‍ය ක්ෂේත්‍රයෙහිම සාමාන්‍ය අක්‍රිය ණය අනුපාතය සියයට 13.9ක් වන විට ආයතනයෙහි අක්‍රිය ණය අනුපාතය (NPL) සියයට 4.48කි. මෙලෙස පහළ අගයක පවත්වා ගැනීම ආයතන කළමනාකාරීත්වයෙහි විධිමත් බවට නිදසුනකි.

සංචාරක අංශය හා වාහන ආනයනය කිරීම වැනි අංශයන්හි බොහෝ ගනුදෙනුකරුවන් ආයතනය සමග කෙරෙන ගනුදෙනු අවම මට්ටමක පැවති වර්ෂයක් තුළ දී පවා අත්කරගෙන ඇති විශිෂ්ට ප්‍රතිඵලවලින් පිළිබඹු වන්නේ ආයතන කළමනාකාරීත්වයෙහි උපායශීලී මූල්‍ය මෙහෙයුම්වල සාර්ථකත්වයයි.

මෙම කාල සීමාව තුළ ආයතනයෙහි දළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 50 ක් වන අතර පසුගිය මූල්‍ය වසරේ දී රුපියල් බිලියන 42ක් වූ එය සියයට 19ක වර්ධනයක් ලබා ඇත. වැලිබල් ෆිනෑන්ස් මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ දී තම ගනුදෙනුකරුවන් කෙරෙහි වඩාත් සුහඳශීලී වූ සහයෝගයක් ලබාදෙමින් ඔවුන් යථාතත්වයට පත්වන තුරු, රජය විසින් ක්‍රියාත්මක කළ ණය සහන සීමාවට අනුව ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරනු ලැබූ අතර විශේෂයෙන්ම දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කර්මාන්තවල නියුතු ගනුදෙනුකරුවන්ට එම සීමාවන් ද ඉක්මවා යමින් සහන ලබා දීමට කටයුතු කළේය.

මෙම මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන2.8ක් බවට පත්වෙමින් සියයට 17.1ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ආයතනයෙහි පෙර බදු ලාභය පසුගිය මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන2.4ක් විය. මෙය අභියෝගකාරී කාල සීමාවන් කළමනාකරණය කිරීමට ආයතනයට ඇති හැකියාව මනාව නිරූපණය කරන්නකි.

මහජන තැන්පතු සීමාව වඩාත් ඉහළ අගයක් ගැනීම ආයතනය කෙරෙහි ඇති ජනතා විශ්වාසය පෙන්නුම් කෙරෙන හොඳම දර්ශකයකි. ආයතනයෙහි තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 32ක් වන අතර එය පසුගිය මූල්‍ය වර්ෂයේ දී පැවති රුපියල් බිලියන 29 සිට සියයට 10ක වර්ධනයකි. එමෙන්ම පසුගිය මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන51ක් වූ මුළු වත්කම් ප්‍රමාණය මෙම වසරේ දී සියයට 7.4ක වර්ධනයක් ලබමින් රුපියල් බිලියන 55 දක්වා වැඩි වී ඇත.

“අභියෝගකාරී තත්ත්වය මෙන්ම මූල්‍ය සේවා අංශයට දැඩි බලපෑමක් එල්ල වන රථවාහන ආනයන සීමාවන් මධ්‍යයේ වුවද වැලිබල් ෆිනෑන්ස් ලබා ඇති මූල්‍ය සාර්ථකත්වය කෙරෙහි අපි නිහතමානීව ආඩම්බර විය යුතුයි. මෙලෙස සියලු අංශයන්ගේම ප්‍රබල වර්ධනයට හේතු වූයේ වෘත්තීය නිපුණත්වයෙන් පිරි කණ්ඩායමක කැපවීමයි. මෙම ඉලක්ක සපුරා ගැනීම වැලිබල් ෆිනෑන්ස් සමස්ත කාර්යය මණ්ඩලයම ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක්” බව වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂක ජයන්ත රන්ගමුව තම අදහස් දක්වමින් පැවසීය.

“වසරින් වසර නොයෙකුත් අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණයන්ට මෙන්ම ගෝලීය වසංගතයකට සාර්ථකව මුහුණ දෙමින් වැලිබල් ෆිනෑන්ස් තම සියලු පාර්ශ්වකරුවන් හා කොටස් හිමියන් සුරක්ෂිත කරගැනීමට මෙන්ම ඔවුනට යහපත් ආර්ථික පසුබිමක් උදාකර දීම සඳහා ඇති කැපවීම ඉදිරියටම ගෙනයමින් ප්‍රබල වැලිබල් සමූහයේ පෙරමුණෙහිම ඇති සමාගමක් ලෙස දායකත්වයක් ලබා දෙන” බව වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා පැවසීය.

මූල්‍ය සාර්ථකත්වය මෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් වැලිබල් ෆිනෑන්ස් ජාත්‍යන්තරව අගැයීමට ලක්වෙමින් Global Economics හා Global Baning and Finance වෙතින් “වසරේ විශිෂ්ටතම මූල්‍ය සමාගම 2021” හා “වසරේ හොඳම රථවාහන මූල්‍ය සමාගම 2021” ලෙස, වසර තුළ දී දෙවරක්ම සම්මානයට පාත්‍ර වී සවිමත් හා ගෞරවණීය මූල්‍ය සමාගමක් ලෙස, තම නාමය ක්ෂේත්‍රය තුළ තවදුරටත් තහවුරු කරගෙන ඇත.

 



අදහස් (2)

වැලිබල් ෆිනෑන්ස් රුපියල් බිලියන 9.46ක් දක්වා ආදායම් වර්ධනයක් ලබාගනී

karu Tuesday, 20 July 2021 03:39 PM

හොර වැඩ තමයි කරලා තියෙන්නේ... ලංකාවේ ටයිල් සෙරමික් හිඟයක් ඇතිකළා...

:       15       388

namal Wednesday, 21 July 2021 12:51 AM

කොරෝනා කාලෙත් ටයි කෝට් ගෙන හොඳට පොලිය අරන් තියෙන බව මානාව ඔප්පු කරලා තියෙනවා . ෆිනෑන්ස් කොම්පැනි වල ප්‍රධානම අදායම ගිනි පොළිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1488 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1649 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site