
බකමූණ නව ශාඛාව සමග අනුරාධපුර නගරයට තවත් ශාඛාවක්
|
වැලිබල් ෆිනෑන්ස් නව ශාඛා විවෘත කිරීමෙන් පසු කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා පැමිණ සිටි පිරිස ඇමැතූ අවස්ථාව. |
වැලිබල් ෆිනෑන්ස් ආයතනය උතුරු මැද පළාතේ අනුරාධපුර නගරය සහ බකමූණ යන ප්‍රදේශවල නව ශාඛා දෙකක් ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව පුරා සිය භූගෝලීය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම උපායමාර්ගික ව්‍යාප්තියෙන්, මූල්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ රට පුරා සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික සංවර්ධනයකට දායක වීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි.
නව ශාඛා මගින් උතුරු මැද පළාතේ පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සඳහා වේගවත් හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් ලබාදීමෙන් පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙවැනි ශාඛාව ලෙස අනුරාධපුර නගර ශාඛාව ආරම්භ කිරීම, වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ උපායමාර්ගික වර්ධන ගමන්මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එමෙන්ම, ප්‍රාදේශීය ආර්ථික ප්‍රගතියට සහාය ලබාදෙමින් ප්‍රාදේශීය ප්‍රජාවන් සමග ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමාගමට හැකියාව සලසයි.
අනුරාධපුර නගර ශාඛාව සහ බකමූණ ශාඛාව විවෘත කිරීමේ උත්සව සඳහා වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ හිතවතුන් රැසක් එක්ව සිටියහ.
උත්සව අමතමින් ජයන්ත රංගමුව මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ සංස්කෘතික හා සමාජීය වටිනාකම්වලට ගෞරව කරමින්, සියලුම ආකාරයේ ගනුදෙනුකාර ප්‍රජාවට සේවා සැපයීමත් සමග උතුරු මැද පළාත ඇතුළුව රට පුරා සිය පැවැත්ම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා සමාගම කැපවී සිටින බවයි. එසේම, ප්‍රජා සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක වන දිගුකාලීන සබඳතා ගොඩනැගීමට වැලිබල් ෆිනෑන්ස් ආයතනය අඛණ්ඩව කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.
රට පුරා ව්‍යාප්ත වන ශාඛා ජාලය හරහා, වැලිබල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන සම්පූර්ණ මූල්‍ය විසඳුම් පරාසයක් ලබාදෙයි. ඒ අතර ලීසිං පහසුකම්ල ස්ථාවර තැන්පතු, රන් ණය සහ ඔටෝ ඩ්‍රාෆ්ට් පහසුකම් ඇතුළත් වේ. ශක්තිමත් හා නවීන තාක්ෂණික පද්ධති හරහා තම මෙහෙයුම් සිදු කරන සමාගම, කාර්යක්ෂම හා ගනුදෙනුකරු කේන්ද්‍රිත සේවා ප්‍රදානයක් සහතික කරමින් තම කීර්තිය තවදුරටත් ශක්තිමත් කරයි.
වැලිබල් ෆිනෑන්ස් හි ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, වසර 19 ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 200ක වත්කම් සීමාව ඉක්මවා යාම සනිටුහන් කළ හැකිය. එය සමාගමේ වේගවත් වර්ධනය, මූල්‍ය ශක්තිය සහ උපායමාර්ගික ස්ථාවරත්වය පිළිබිඹු කරයි. මෙයට පෙර, 2024 දෙසැම්බර් මාසයේදී වසර 17 ක මෙහෙයුම් කාලයක් තුළ රුපියල් බිලියන 100ක වත්කම් සීමාව ඉක්මවා යමින්, ශ්‍රී ලංකාවේ එම සන්ධිස්ථානයට වේගයෙන්ම ළඟා වූ මූල්‍ය සමාගම බවට වැලිබල් ෆිනෑන්ස් පත්විය.
වර්තමානයේදී, වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම් පහ අතරට එක්ව සිටින අතර මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය වර්ධනය වන ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. එහි වර්ධනය වන සන්නාම වටිනාකම,Brand Finance Sri Lanka 2026 හි වටිනාම සන්නාම 100 අතරට ඇතුළත් වීමෙන් මෙන්ම, සිව්වැනි වරටත් “Best Finance Company” ලෙස සම්මානයට පාත්‍ර වීමෙන් තවදුරටත් පිළිගැනීමට ලක්ව ඇත.
උතුරු මැද පළාතේ මෙම නව ශාඛා 02 විවෘත කිරීම සමග වැලිබල් ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාව පුරා මූල්‍ය සමානතාව පුළුල් කිරීම. ප්‍රාදේශීය ප්‍රජාව සවිබල ගැන්වීම සහ තිරසාර ආර්ථික ප්‍රගතියට සහාය වීම පිළිබඳ තම කැපවීම නැවත තහවුරු කරයි. ඒ සමගම, වර්ධනය වන ගනුදෙනුකරු පදනමට විශ්වාසදායක සහ අනාගතමය මූල්‍ය විසඳුම් සැපයීම දිගටම සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd