IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වාර්තාගත 16000 කරා නැවතත් සියලු කොටස් මිල දර්ශකය පැමිණේ

අලුත් ගනුදෙනු දිනයක් වශයෙන් මිලදී ගැනීමට යුහුසුලු බවකින් ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹිණ. සියලු කොටස් මිල දර්ශකය 16,152.35 ක් වශයෙන් වූ අතර” එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 226.35 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,906.92 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 97.63 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට මධ්‍යාහ්නය තෙක් අඛණ්ඩ ප්‍රගතියක් වාර්තා කිරීම විශේෂත්වයකි. ගනුදෙනු නතර කරන විට එය ස්ථාවර තැනකට අවතීර්ණ වී තිබුණි.

වාර්තාගත ආකාරයට කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරන විට පැවැති පිරිවැටුමට සාපේක්ෂව අඩු තැනක පැවැති අතර, එය රු. බිලියන 3.72 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු අවසානයේ දී නැවත වතාවක් දර්ශක එම ඉහළම අගය කරා සමීපවීම විශේෂත්වයකි. දිනය අවසානයේ දි ගනුදෙනු 28,074 ක් සිදුවී තිබේ. සමාගම් 68 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 173 ක කොටස් මිල ඉහළ ගියේය. 

සිලෝන් බෙවරෙජර්ස්, ලයන් බෲවරි, ඩිල්මා සිලෝන්, අබාන්ස්, ලංකා අශෝක් ලේලබජ්, නේෂන්ස් ට්‍රස්ට් සහ සිලෝන් ප්‍රිව්ටර්ස් යන සමාගම්වල කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් ලැයිස්තුවේ ඉහළින් ම විය. රජය මත්පැන් සඳහා බදු නංවන ලද නමුත් එහිලා බලපෑම කොටස් හිමියන් සලකා බලා නැති බව පෙනේ. සෙංකඩගල ෆිනෑන්ස්, ත්‍රී ඒකර්ස් ෆාම්, කොමර්ෂල් ඩිවිඩන්ස්, ඇල්පිටිය වැවිලි, සී.ටී.අයි., ශ්‍රී ලංකා ටෙලිකොම්, ග්‍රේන් එළිවේටරස්, සම ලංකා වෙන්චර්ස් වැඩිම ප්‍රතිශතයකින් මිල ගණන් පහත වැටුණ සමාගම් අතර විය. 

හැටන් නැෂනල් කොටස් ගනුදෙනු වාර 565 කින් රු. මිලියන 484 ක පිරිවැටුමට දායනකත්වයක් ලැබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පිරිවැටුමට රු. මිලියන 298 ක්, ඩිජිටල් මොබයිල් රු. මිලියන 279ක්, ඩී.එෆ්.සී.සී. රු. මිලියන 241 ක දායකත්වයක් දක්වා තිබේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් වැඩිම කොටස් හුමවාරු වූ සමාගම අතර ඉදිරියෙන් සිටී. එහි කොටස් මිලියන තුනක් හුවමාරු වූ අතර එහි වැඩිමමිල රු. 8.20 කි. සති පනස් දෙකක කාලයක් තුළ අඩුම මිලකට පහත වැටුණ නේෂන් ලංකා කොටසක මිල රු. ශත තිහකට අවසානයේ විකුණුණු අතර එම මිලට කොටස් මිලියන දහ තුනක් මිල දී ගැනීම සඳහා ඉදිරිපත්වීම ද විශේෂත්වයකි. ජෝන් කීල්ස් කොටස් මිලියන දහයක් ද හුවමාරු විය. 

එච්.එන්.බී. ෆයිනෑන්ස් සමාගම කොටස් හිමියන්ට මිල දී ගත හැකි ඡන්ද රහිත කොටස් 62,125,000ක් රුපියල් තුන බැගින් හා හා ඡන්ද සහිත කොටස් මිලියන 296,120,963 ක් එකක් රු තුනකුත් ශත හතළිහ බැගින් අයිතිවාසිකම් කොටස් වශයෙන් නිවේදනය කර ඇත. සමාගම් ගණනාවක් පසුගිය වසරේ අවසාන කාර්තුවේ මුල්‍ය වාර්තා නිකුත් කොට තිබේ. ඒවා අනුව හොඳ ක්‍රියාකාරීත්වයක් දක්වයි. බදු ගෙවීමෙන් පසු ප්‍රතිලාභ නිකුත් කරන දින ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

විදේශ ක්‍රියාකාරීත්වය ද අඩු ස්වභාවයක් ගත් නමුත් වාහන ආනයනයට ඉඩදීම වැනි රජයේ තීරණ වෙළෙඳ පොළ සක්‍රීයතාව පවත්වාගැනීමට දායකවන බව පෙනේ. බැංකු පද්ධතිය සතු ඉතිරිකිරීම් කොටස් වෙළෙඳපොළෙට ගලායාම වළක්වන ප්‍රයත්නයක් පවතින නමුත් මෙම පාර්ශව සමබර කිරීමට මුල්‍ය සම්පාදකයන් කටයුතු කළ යුතුව ඇත.

නිරීක්ෂක

 



අදහස් (0)

වාර්තාගත 16000 කරා නැවතත් සියලු කොටස් මිල දර්ශකය පැමිණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site