ජපානයේ රකුටෙන් ඒසියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. එහි කාර්යාලයක් ඉන්දියාවේ ද ඇත. තම සමාගමට එවැනි සිහිනයක් තිබෙන බව එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් පැවසීය.
‘සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාව පුරා හඳුන්වාදෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. රාජ්‍ය ආයතනවල තොරතුරු හුවමාරු කර ගැනීමට ‘වයිබර්‘ භාවිත කළ හැකියි.
ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඉන්දියාවේදී අපි සාර්ථක වුණා. අලුත් අලුත් මෘදුකාංග පැමිණෙනවා. තොරතුරු තාක්ෂණ නිෂ්පාදන බිහිවෙනවා. ඒත් ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවේ.‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කියන දෙය හරි. (නි)
ඉන්දියාව පසුගිය කාලේ අපේ රට සමග දේශපාලනව ආර්ථිකව කෙසේ හැසිරී ඇත්දැයි නොදන්නා ,දන්නා අය අතර නිගමනවල පරතරයේ තරම, ඇත්ත, කොරහයේ කිබුල්ලු තමයි අත ගගා ඉන්නේ සනීපෙට දැනෙයි ඉතා ඉක්මනින්ම. ඉන්දියාව දැනටමත් අසාර්ථක රාජ්‍යක් බවට ලංකාව අැද දමමින් ඇති බව බොහෝ දෙනාට සංජානනය නොවීම ගැන කම්පා වෙමි. (බ)
බොරු සෝබන එපා ලලිත්. බොරු නොකියා ඉන්න. මම ඔයාව හොඳට දන්නවා. (නි)
මම මගේ දරුවනුත් සමඟ ලෝකයේ ඉහළම ආර්ථිකය ඇති ලොව ඉහළම පහසුකම් ඇති, රටේ සැප වින්දාට මගේ උපන් රටේ සිටින මගේම සනුහරේ අයට වෙන දේ හොඳින් පෙනෙන නිසා තමයි සිත උණුවෙන්නේ. තරහා වෙන්න එපා (නි)
ලලිත්, අපිට මේක හොද දෙයක් .තමුන්ලා වගේ අය තමා තේ කෝප්පෙත් කිබුල්ලු ඉන්නවද බලන්නේ .. (ර)
මේ වයිපර් ලංකාවේ කාර් වල ඉස්සර ඉඳලා තිබ්බා , සිංහලෙන් වයිපර් මොකක්ද කියා වැටහෙන්නේ නැහැ (හේ)
ඩී.එස්. සේනානායක මහතාගෙන් පසුව අපිට හරි නායකයෙක් හිටියේ නැහැ. අපි ඉන්දියාවට දිගටම යටවුණා. අපේ රටේ තිබුන සියලුම සමාගම් වැහිලා ගියා. අපි ආර්ථික අතින් යන්නේ ලොකු අගාදයකට. අපේ රටේ විදේශ වල සේවය කරන අයට පින්සිද්ධ වෙන්න මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා. (බ)
ලලනිට ලංකාවේ අයට රස්සා නැති වෙනවට හරි සංතෝසයි වගේ නේ. (බ)
ලලිත් කියනදේට මාත් එකඟයි. මතකද වේරහැර ලංගම වැඩපොළ? ඉන්දියාවට ඕනෑවුණා අපේ රටේ බස් එකලස් කරන එක නවත්වන්න. දේශපාලකයන්ට වරදාන දීලා, අතයට ගනුදෙනු කරලා කොහොමහරි ආසියාවේ තිබුන ලොකු වැඩපොළක් වහලා දැම්මා. දැන් කිසි කරදරයක් නැතුව ඉන්දියාවේ බස් මෙහෙට ගේනවා (නි)
ලලිත් මහත්තයා නොහොත් ලසන්ත මහත්තයෝ, මම දන්නවා ඔයදෙන්නම එකම කෙනා බව. මගේ දරුවෝ ලංකාවේ නොවෙයි ඉපදුනේ. ඒ අය එංගලන්තයේ ඉපදිලා එහෙ ඉගෙනගෙන තමන් උපන් රටට සේවය කරගෙන ඉන්නවා. එනිසා මගේ දරුවෝ ගැන නිකම් කණගාටුවෙන්න එපා. ඔයගොල්ලන්ගේ දරුවන්ට තමයි කවදාහරි රස්සාවක් නැතිවෙන්නේ. (නි)
ලලිත් හරි, එහෙම වුණොත් අපේ රටට සෙතක් වේවි. (නි)
ඉන්දියාව ටිකෙන් ටික අපේ රට ගිලගන්නවා. (නි)
ලලනි මහත්මිය, ඔබේ දරුවෝ රැකියා නැතුව දුක් විඳිද්දී ඔයා ඔයාටම ශාපකර ගන්න මේ දැක්වූ අදහස් වලට. (නි)
ලලනි මහත්මිය, "ප්‍රතාපසිංහ" කියන දේට නම් ගැලපෙන්නේ නෑ කියන දේවල්. ඔබේ දරුවෝ ජොබ් නැතුව දුක් විදිද්දී ඔයා ඔයාටම සාප කර ගන්න මේ දැක්වූ අකුරු වලට. ගොන් කමට බෙහෙත් නෑනේ. මේ නිකන් අහන්නේ ඔය "ප්‍රතාපසිංහ" කියන කෑල්ල කියකටද ගත්තේ ? (බ)
ලලිත්ට හෝ ලලනිට බැහැ මේ ඉන්දියානු ආක්‍රමණය නවත්වන්නට. අපේ මිනිස්සු හායි කියලා ඕනෑම ජරාවක් වැළඳගන්නවා. අනිත් එක තමයි අපි දැනටමත් ඉන්දියාවේ ගැත්තන් බවට පත්වී හමාරයි. (නි)
සම ජාත්‍යන්තර සමගමකම බලයලත් ශාකව ඉන්දියාවේ පිහිටුවලා එකේ අනු ශාකාවක් ලංකාවේ පිහිටුවීම අනුමත කරන්නට බැහැ. එකෙන් වෙන්නේ ඉබේම ලංකාව ඉන්දියාවේ ආර්ථික සහ ව්‍යාපාරික ග්‍රහණයට අසුවිමයි. සාධාරණ ලෙස නිදහස් වෙළඳ ගිවිසුමක් නම් ලංකාව ආවරණය වන පරිදි ඉන්දියානු සමාගම් වලට නියෝජිත බලපත් දෙනවා හා සමානවම ඉන්දියාව ආවරණය පරිදි ශ්‍රී ලංකා වටත් බහුජාතික නිෂ්පාදන සහ ව්‍යාපාර වල නියෝජිත ආයතන පිහිටුවීමේ අයිතිය ලබාදිය යුතුයි. ඒවාට නිදහසේ ඉන්දියාව තුල වෙළඳ කටයුතු පවත්වාගෙන යාමේ අයිතිය දිය යුතුයි, නොඑසේනම් ජාත්‍යන්තර බලවතුන්ගේ අභිමතය පරිදි ඔවුනට ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමට මාර්ගයක් ලෙස අපි අපේ වෙළඳපොල ඉන්දියාවට විවෘර්ත කලයුතු නැහැ. සියලු අයිතිවාසිකම් සමසේ බෙදී නොයන්නේනම් අවසානයේ සිදුවන්නේ බලවත් ජාතින් ඔවුනට අති විශාල ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමට ලබාදෙන කප්පමක් ලෙස, අපට නාමික අයිතිය පමණක් ඇති ඉන්දියානු ප්‍රාන්තයක් බවට අපව පත්කිරීමයි. (ර)
ලලිත් පුළුල් විග්‍රහයක් කරද්දී ලාලනී ලිං මැඩියෙක් වගේ අදහස් දානවා(කෞ)
ලලිත් පුළුල් විග්‍රහයක් කරද්දී ලාලනි ළිං මැඩියෙක් වගේ අදහස් දක්වනවා (බ)
ලලනිගේ කීම ඇත්තක්. (නි)
හොද ක්‍රමයක්.(හේ)
සාර්ථක වෙයිද දන්නේ නෑ.(හේ)
ලලිත්, නිකන් බණ කියන්නේ නැතුව ඉන්න. ඔයා කොරහේ කිඹුල්ලු දකින කෙනෙක්. ලිවර්ස් සමාගම විතරද ලංකාවේ සබන් හදන්නේ...? අනික ඉන්දියාවේ සබන් මහා ජරාව. වෙන රටවල සබන් නැද්ද? කොහොමත් දැනටමත් අපි ඉන්දියාවේ ඇම ගලවාගන්න බැරිවෙන්නම ගිලලයි තියෙන්නේ.1989 ඉන්දු ලංකා ගිවිසුමේ පසු ඇමුණුම් වලින් අපිව හිර කරලයි තියෙන්නේ. එනිසා ඔයාගේ බණ වලින් රටට සෙතක් වෙන්නේ නැහැ. (නි)
ලලනි අපට වෙන්න යන්නේ අර ඇමට රැවටී මරණය කර යන මළුවට වුනු දෙයි. ඉන්දියාව කියන්නේ ඇති විශාල ශ්‍රම බලකායක් ඇති රටක්. විශාල පිරිසක් තවමත් දරිද්‍ර තත්වයෙන් පෙළෙනවා. අප ඉන්දියාවේ වෙළඳ පොලට ඇතුළු වීමට කලින් ඉන්දියාව අපේ වෙළඳ පොලට ඇතුළු වෙනවා. හොඳින් හිතා බලන්නට එක උදාහරණයක් කියන්නම්. අද ලිවර් සමගම සබන් කර්මාන්තය විනාශ වීමෙන් පසුව, අලුතින් ලංකාවේ කම්හලක් අරබිමට වඩා සබන් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවෙන් ගෙන්වීම වඩා ලාබදායක බව සිතනවා. මේ ආකාරයට ලංකාවේ රැකියා අවස්ථා එකින් එක ඉන්දියාවට ඇදී යනවා. ඇමෙරිකාව ඉන්දියාව සමග කිරීමට යන ගනුදෙනු වෙළඳපොළට පමණක් සිමා වී නැහැ. ජාත්‍යන්තර යුධ කටයුතු වලදී ඉන්දියාව තම පැත්තට ගැනීම වැනි බොහෝ දේ තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර තලයේ දීර්ඝ කාලයක් ඇමෙරිකාව සතුව තිබු සමහර වෙළඳ පොළවල්, එනම් චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු තාක්ෂනය, ඖෂද නිෂ්පාදනය වැනි දේ ඉන්දියාව විසින් අරබිමත් ඇමෙරිකාවේ මුදලේ අගය සහ භූගෝලීය පිහිටිම මත ඇමෙරිකාවට ඔවූන් හා තරංග කිරීමට නොහැකිවීමත් නිසා ඇමෙරිකාවට ඉන්දියාව අත්‍යවශ්‍ය ගනුදෙනු කරුවෙකු වී තිබෙනවා. නුදුරු දිනයක ඉන්දියාවේ කෙරෙන සංවර්ධන වැඩ වලදී ඉන්දියාවට සපයන උපකරණ, තාක්ෂනය , අද්‍යාපනය, වැනි වෙළඳපොල ගැන ඇස ගසාගෙන සිටිනවා. (ර)
ලලිත්, නිකම් ඔයාගේ හිතට එන දේවල් ලියන්න එපා. ටිකක් හිතලා බලලා යමක් කරන්න හිතට ගන්න. ඉන්දියාවත් සමඟ මේ පුංචි දුපත සමාන කරන්න එපා. ඉන්දියාව කියන්නේ අතිවිශාල වෙළඳපොළක් ඇති රටක්. එනිසා තමයි ඇමෙරිකාව පවා ඉන්දියාවත් සමඟ ගනුදෙනු කරගෙන යන්නේ. අපිට වෙළඳපොළක් ඇත්තෙම නැහැ. කෙසේවෙතත් අපිට කෙළින්ම ඉන්දීය වෙළඳපොළට ඇතුළුවන්න කීයටවත් බැහැ. ඒකතමයි ඇත්ත. (නි)
ලලිත්,ඔබ කිසිම දෙයක් නොදැනයි ඔහේ කියවාගෙන යන්නේ.ඉන්දියාවේ වෙළඳපොල අති දැවැන්ත එකක්.එහි ආයෝජනය කරන්න ඕනෑම කෙනෙක් උනන්ඳුවෙනවා.ඒ නිසා තමයි ඇමෙරිකාව පවා ඉන්දීය වෙළඳපොල ආයෝජනය කරන්නේ.නමුත් අපේ රටටයි කියලා කිසිම වෙළඳ පොලක් නැහැ. ගැහැනුන් රට යවා ලබන අදායමෙන් රට ට අවශ්‍ය විනිමය ප්‍රධාන වශයෙන් සපයාගන්නා දුපතකට වෙන වෙළඳ පොලක් කොහෙන්ද..?එක තමයි ඇත්ත.අපිට නිකම්ම ඉන්දියාවේ වෙළඳපොළට ඇතුළුවෙන්න බැහැ. එසේ උත්සහ කලොත් අපි නැත්තටම නැතිවෙනවා.මෙවැනි වැදගත් පත්තරයකට අදහස් දමද්දී දෙවරක් සිතලා බලලා ඉන්න. (රේ)
ඒක හොදයි.(හේ)
ලොකු වෙනසක් වෙයි.(හේ)
ෂා මරුනේ.(හේ)
ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් අතරේ ජනප්‍රිය වෙයි.(හේ)