
භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඞ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ පිහිටි ජෝයි රිසෝට් පෞද්ගලික සමාගම සමගින්, වහල මත සවි කෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා වන ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන එකගතාවකට පිවිසි බව පවසයි.
383kWp ස්ථාපිත ධාරිතාවකින් යුත් මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් 291,389ක් බව වින්ඩ්ෆෝර්ස් සමාගම පවසයි. මෙම එකගතාවට පිවිස මාස හතරක් තුළදී එහි කටයුතු ආරම්භ කෙරෙන බවද සඳහන් වෙයි.
මෙම ජෝයි රිසෝට් පෞද්ගලික සමාගම මාලදිවයිනේ කාෆු දූපතේ කාසාන්ෆුෂිහි, ජෝයි දූපතේ පිහිටා තිබේ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වින්ඩ්ෆෝර්ස් සමාගම මාලදිවයිනේ 383kWp සූර්යබල ව්‍යාපෘතියකට පිවිසෙයි