
භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඞ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ පිහිටි ජෝයි රිසෝට් පෞද්ගලික සමාගම සමගින්, වහල මත සවි කෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා වන ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන එකගතාවකට පිවිසි බව පවසයි.
383kWp ස්ථාපිත ධාරිතාවකින් යුත් මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් 291,389ක් බව වින්ඩ්ෆෝර්ස් සමාගම පවසයි. මෙම එකගතාවට පිවිස මාස හතරක් තුළදී එහි කටයුතු ආරම්භ කෙරෙන බවද සඳහන් වෙයි.
මෙම ජෝයි රිසෝට් පෞද්ගලික සමාගම මාලදිවයිනේ කාෆු දූපතේ කාසාන්ෆුෂිහි, ජෝයි දූපතේ පිහිටා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd