විදුලි බිල වැඩි කිරීම ශ්‍රීලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බව ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය පවසයි.
තවද හෝටල් වෙනම කොටසක් ලෙස වර්ග කර විදුලි බිල වැඩි වීම ගණනය කර තිබීම අසාධාරණ බව ඔවුහු කියති.ඔවුනට අනුව හෝටල් යනු කර්මාන්තයකි. එහෙත් විදුලි බිල වැඩිකිරිීමේදී කර්මාන්ත වෙනමත් හෝටල් වෙනමත් වර්ග කර ඇත.මෙහිදී කර්මාන්ත වලින් අයකරගන්නවාට වඩා වැඩි ගණනක් හෝටල් වලින් විදුලි ගාස්තු ලෙස අයකර ගැනීමට කටයුතු සැළැසී ඇතැයි හෝටල් සංගමයේ හිටපු ප්‍රධානී ශ්‍රීලාල් මිත්‍රපාල මහතා පවසයි.
එනිසා කර්මාන්ත කොටසටම හෝටල් එක්කර ගතයුතු බව ඔහුගේ අදහසයි.
විදුලිය ඉතිරි කරගැනීමට දැනටමත් හෝටල් බොහෝමයක් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් තත්ත්වය මෙසේ වුවහොත් සේවා සැපැයුම අවම කිරීම විනා කළ හැකි කිසිදෙයක් නොමැති බවත් ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොනා කිව්වත්,බඩ පොත්තට ඇලුනත් චන්දෙ ආස්ච්ච්ර්යම තමා. (ස)
අනේ මන්දා මේ තමා ආශ්චර්යය (නි)
ආශ්චර්යය... (නි)
පවුනේ. අපි එයාලට සහනාධාර දෙමු. (නි)
ඇමති පුත්තුන්ට ගුටිගහගන්න හරි හෝටල් තියෙන්න එපැයි. (නි)
සංචාරක කර්මාන්තයේ යෙදෙන ආසියාවේ වෙනත් රටවල් සමග තරගයක් දෙන්න අමාරුයි විදුලි මිල වැඩි උනොත්. මෙම ක්‍රියා මගින් සිදු වෙන්නේ සුළු පරිමාණ සංචාරක වියාපාරිකයා අමාරුවේ වැටෙන එකයි. කරුණාකර සුළු පරිමාණ හෝටල් හිමියා ආරක්ෂා වන විදියට විදුලි මිල ක්‍රමය සකස් කරන්න.(නදී)