නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට අනුබද්ධිතව ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නුවරඑළිය පාසල පසුගියදා සිසු අයිතියට පැවැරිණි
දේශීය සමාජ සංස්කෘතියට ගැලැපෙන සේ දරුවන්ට ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් 1993 දී ආරම්භ කළ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නුවර එළිය පාසල මධ්‍යම පළාතේ ආරම්භ කළ ප්‍රථම ලයිසියම් ජාත්‍යන්තර පාසලයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය , පාසල් නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු දෙමාපියෝ රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි. ලයිසියම් කියන්නේ ජාත්‍යන්තර පාසල් වගේම රජයේ පාසල් වලට වුනත් හොද පූර්වාදර්ශ දෙන පාසලක්. මම දන්න තරමට ලයිසියම් පාසල් වල විතරයි පොහොය දවසටම සිල් ගන්න පාසලක් තියෙන්නේ මේ රටේ. ඒ වගෙම ගම් වල ළමයින්ට නොමිලේ දෙන ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් ග්‍රේරු මහතාට පින්.(නදී)
කවදාද කුරුණෑගලට ලයිසියම් එක එන්නේ? (නදී)
දැන් ලංකාවේ හොද රස්සාවක් ගන්නනම් මේ වගේ පාසලකට ගිහින් තියෙන්න ඕනේ. මේකෙන් කරන්නේ දුප්පත් ළමයට තියන අවස්ථාව නැති කරන එක. මෙයා අලුත් නීතියක් ගෙනාවා අලුත් ජාත්‍යන්තර පාසල් බැහැ කියල. දැන් මෙයා තරගයක් නැතුව මෙයාගේ ව්‍යාපාරය කරගෙන යනවා. බොරුවට පත්තරේට කියනවා එකෙන් දැන් ඉවත් වෙලා ඉන්නේ කියලා . අපිව ගොනාට අන්දලා අපේ දුප්පත් ළමයට තියන අවස්තාව නැති කරනවා. (නදී)
දුප්පත් ළමයින්ට යන කල ගැන මම කල්පනා කලේ (දී)
ලයිසියම් හෝ වෙන මොකාක් හෝ පාසලක් දානවානම් ඒ පාසල් වලට සාමාන්‍ය ළමයින්ට යන්න පුළුවන් පරිසරයක් හැදුවොත් නරකද (දී)
සල්ලි තියෙනවානම් ඔය කතා කරන හැමෝම දරුවන්ව යවන්නේ ජාත්‍යන්තර පාසල් වලට තමයි (දිල්)
ඇමතිතුමා ඔයාගේ ඔය පාසලේ තියන විශේෂ දෙය රජයේ පාසල් වල ඇති කෙරුවනම් හැමෝටම යන්න පුළුවන් නේද? අම්මල තාත්තලාගේ පොකට් එකට තට්ටු වෙන්නෙත් නැහැ නේද? ඔබ තුමා අධ්‍යාපන ඇමති විදිහට ඔබතුමාගේ වගකීම ඒක නේද ?(නදී)
මමනම් කියන්නේ ජාත්‍යන්තර පාසල් වලට ළමයින් ඇතුල්කිරීම වරදක් නොවේ. දෙමාපියන් හැටියට අපි සැවොම බලාපොරොත්තු වන්නේ අපේ දරුවත් හොඳ ජනප්‍රිය පාසලකින් අධ්‍යාපනය ලැබිය යුතුය කියා. (අ)
ලයිසියම් කියන්නේ හොද ජාත්‍යනතර පාසලක් බව අහලා තියෙනවා.දකුණු පළාතට එන්න පුලුවන් නම් හොඳයි (දිල්)
ඇමතිතුමා ඔය පහසුකම් රජයේ පාසල් වල ඇති කරන්න.(නදී)
නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය අපි ලබපු ලොකුම උරුමයක්.එක ටික ටික නැතිවීගෙන යනා හැම දෙයක්ම වාණිජ කරණය වෙනවා . (දිල්)
ළමයින් දහස් ගණනකගේ දෑස් පාදන්න ලැබේවා (දී)
ජය වේවා.....(නදී)
සම්බන්දන් මහත්තය ඔයා හරියටම හරි. මෙච්චර කල් කිසිම රජයක් වික්කේ නැත්තේ අද්‍යාපනය විතරයි. දැන් ඒකත් විකුනනවා.(නදී)
කොහොමහරි කරලා ඇමතිතුමනි 5 වසර ශිෂ්‍යත්වය අහෝසි කරන්න. රජයේ ජනප්‍රිය පාසල් ඔබතුමාගේ ජාත්‍යන්තර පාසලට තර්ජනයක්. (නදී)
අම්මල තාත්තල බඩට නොකා හරි ළමයට අනාගතයක් හදන්න දැන් මේවට දාන්න වෙලා. අධ්‍යාපනය විකිනෙනවා. ජනදිපතිතුමනි අධ්‍යාපනය බේරා දෙන්න (අ)
මෙවැනි දේ අපිට දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි.(නදී)
මමත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉදලා කදුළු ගෑස් කාපු කෙනෙක්. අද මම හොද රැකියාවක් කරනවා ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න. නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුයි. එත් ලයිසියම් වගේ පාසල් තිබුනේ නැත්නම් ජනප්‍රිය පාසල් වලට තියෙන තරගය කොයි තරම් වෙයිද. ලයිසියම් පාසැල් අනෙකුත් පළාත් වලටත් ව්‍යාප්ත වීම සතුටට කරුණක්. (දිල්)
අධ්‍යාපන ආයතන ලංකාවේ තව තවත් ඇති කරන්න ඕනේ, එතකොටයි හිර ගෙවල් වහෙන්නේ (දී)
විරාජ් කාලිංග ඔයා හරි.(අ)
නෝනා පුද්ගලික පාසල් ඇරගෙන ඇරගෙන යද්දී මහත්තය රජයේ පාසල් වහගෙන වහගෙන යන්න එහෙම එපා. (දී)
උඩ කමන්ට් කළ විරාජ් කාලිංග, දනුක, සම්බන්ධන්, චම්පික ඔබ යතාර්ථය දැක ඇත.(දී)
ජය වේවා' මුළු ලංකාවේම ළමුන්ට ලිසියම් යන්න ලැබේවා . ඔබ දෙපලට දිගාසිරි. (දී)
ජය .... (දී)
මම හිතන්නේ ලලිත් අනවබෝධයෙන් අදහස් දක්වා ඇති බවයි.ග්‍රේරු කියන්නේ අධ්‍යාපනය ගැන හොද දැක්මක් තියෙන කෙනෙක්.2005 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරපු කමිටුවේ සභාපති වුණේ ග්‍රේරු මහත්තයා.මේ රටේ ජාත්‍යන්තර පාසල් ඇරෙන්න වුවමනායි.හැබැයි තැන තැන පොඩි පොඩි අහුමුළු වල ප්‍රමිතියක් නැති එවා නොවෙයි. ජාත්‍යන්තර පාසල් වලට යවන්නේ දෙමාපියන්ට බල කරලා, නෙමේ. දෙමාපිය කැමැත්තෙන්, ඒ අයට මුදල් තිබෙන නිසාත් ඒ අයට යම් ඉලක්කයක් ඇති නිසාත් තමයි (දිල්)
අනේ මගේ දුව නුවරඑළිය ලයිසියම් එකේම දෙක වසරේ ඇයි මේක පටන් අරන් දැන් අවුරුදු 2ක් 3ක් විතර වෙනවනේ ........ (දී)
සල්ලි දීලා ඉගෙන ගන්න ක්‍රමයක් ලංකාවට එපා (දී)
තවත් පාසල් ඇති කරන්න එය රටට හොදක් (දී)
අම්පාරට එන්නේ කවදද ? ලයිසියම් එකේ ගාස්තුව 5000 විතර අඩු කරන්න පුළුවන් නේද? සාමාන්‍ය කෙනෙකුට යවන්න අපහසු නේ (දී)
මම නම් 100% කැමතියි (දී)
අපේ රටේ ලයිසියම් නෙමේ මොන ජාත්‍යන්තර පාසල් අරුණත් කමක් නැහැ ඒවාට ලංකාවේ හැකියාව තිබෙන දක්ෂ සෑම දුප්පත් පොහොසත් ළමයකුටම ඇතුල් වෙන්න පුළුවන් විදියට ඒ ළමයින්ට ශිෂ්‍ය නය අරගෙන එම පාසල් වලට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්න පුලුවන්නම් එතොකොට නම් ඔය කියන විදිය සාදාරනයි . නැත්නම් ඉතින් ඔය මේ රටේ දුප්පත් ජනතාව කබසීනියා කරන්න එන අවතාර. සල්ලි වලින් මිනිස්සුන්ව ලංකාව දැන් බෙදන්න පටන් අරන් තියනවා. මම ඇමෙරිකාවෙත්, කැනඩාවේත්, මහා බ්‍රිතාන්යෙත් , ප්‍රන්ශයේත් කාලයක් හිටිය කෙනෙක් නිසා මේ ලංකාවට වෙන්න යන දේ මට හොදට තේරෙනවා. අද ඔය පොහොසත් කියන අය හෙට දුප්පත් වෙන්න පුළුවන් එතකොට ළමයින්ගේ අද්‍යාපනය නවත්තන්න ඕනෙද . සමාජය මුදලට යට කරන්න දෙන්න එපා . ශ්‍රී ලංකික ජනතාවක් හැටියට මේ සියලු දේ නිවැරදි කරන්න පෙළ නොගැසුනොත් අපේ අනාගත දරු පරපුර අමාරුවේ මේ සියල්ලක්ම අපි ජීවිත පූජා කරලා ලබාගත්ත දේවල් .නිදහස් අද්‍යාපනය ,සෞක්‍ය (දී)
නියම වැඩක් (දී)
හරිම සතුටුයි.(නදී)
බෙර ගහල පහන් පත්තු කරලා මේ පිළිගන්නේ සිටින්නේ පෞද්ගලික අධාපනයයි, මේවා ජනතාව තේරුම් ගනිද්දී අශ්වයා පැන ගිහින්, දුප්පත් දරුවාගේ රජයේ පාසැල වසා දමා ප්‍රභූ පැලැන්තියේ දරුවට පමණක් අධ්‍යාපන වරම හිමිවෙන යුගයක් නුදුරේදීම එනවා, දැන් ගමන් කරමින් සිටින්නේ එවැනි වැඩවසම් දිසාවකටයි,බහුතර ජනතාවකට නොතේරීම ඔවුන් ලැබූ ලොකු ජයග්‍රහණයක් ,(දී)