‘‘සිසුන් හත් දෙනකුගෙන් කුඩා පෙර පාසලක් ලෙස ආරම්භ වූ පාසල අද ලංකාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර පාසලක් ලෙසින් ඉදිරියට පැමිණ ඇති බවත් අධ්‍යාපනයෙන් පමණක් නොව ගුණ ගරුක අපේ සංස්කෘතිය අගයන දරුවන් පිරිසක් මේ ගෙවී ගිය විසි වසරේ රටට දායාද කරන්නට හැකිවීම පිළිබදව ආඩම්බර වන බවත් ‘‘යෞවන කටුයතු නිපුණතා සංවර්ධන හා අධ්‍යාපන අධික්ෂණ මන්ත්‍රී හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසිවැනි සංවත්සරයේ කේක් ගෙඩිය කැපු ඔහු පාසලේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පති වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පති කුමාරි ග්‍රේරු නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගල්ප්පත්ති, විජිත් ප්‍රනාන්දු , ප්‍රාථමික අංශ ප්‍රධානාචාර්ය දුලිකා මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ද එහි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමාල් පෞග්ලික අධ්‍යාපන ආයතන බිහිවෙන එක හොද. .සල්ලි තියන අය ඒවාට ගිහාම රජයේ පාසල්වල තදබදේ අඩුවෙනවා. අනික රටක අයිතියක් තියෙන්න ඕන පුළුවන් කෙනාට තෝරාගන්න. ඒ වගේම ඔය නිදහස් අධ්‍යාපනේ දැන් අලුත් වෙන්න ඕන.එහෙම නොවුනොත් නිකන් දුන්නයි කියල වැඩක් නැහැ. (අ)
හොද ගුණගරුක දරුවන් බිහිකරන පාසලක් වේවා.(ස)
සංජිව , ලංකාවේ විශ්ව විද්‍යාල වලට නිග්‍රහ කරන්න එපා. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් ලබා ගන්න උපාධි වලට සම කරන්න බැහැ සල්ලි දීලා ගන්න උපාධි.ඒවා තරගකාරී විබාග වලින් පාස් වෙලා ලබා ගන්න ඒවා. ඒක නිසා මිල කරන්න බැහැ. සල්ලි දීලා උපාධි ගන්න පුළුවන් උසස් පෙළ පාස් වුනේ නැති වුනත්. කරුණාකර දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ලියන්න හෝ කියන්න කලින්. ජාත්‍යන්තර පාසල් අතරින් ලයිසියම් හොද බව තර්කයක් නැහැ. නමුත් පිළිගත් පාසල් හා රජයේ විශ්ව විද්‍යාල එක්ක සසදන්න යන්න එපා (නි)
මොහාන් ලාල් ග්‍රේරෝ මහතාණෙනි, ආනන්දයේ සමාන්තර පන්ති වල සිටි මිතුරෙක් ලෙස ඔබ ආ ගමන ගෙන සතුටුයි. ආනන්දයෙන් ලැබුනු පන්නරය තුලින් තව දිගු සාර්ථක ගමනකට සුභ පැතුම්.(නදී)
කොහොමත් මේ මහතා මුල සිටම හොද වැඩතමා කලේ. බොහෝ අයට නොමිලේ ඉගැන්නුව. මේ මහතාට අධ්‍යපන ඇමතිකම දුන්නනම් මීට වඩා අධ්‍යාපනය දියුණු වේවි. පක්ෂය සලකන්න එපා. (අ)
මගේ භෞතික විද්‍යා ආචාර්ය තුමා ග්‍රේරෝ සර්ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරමි. මාව සුබද්‍රාරාම පන්තියෙන් එලෙව්වට මම තරහ නෑ සර්.(නදී)
සුභපැතුම්
සුබ පැතුම්!(නදී)
පන්තිය ඇතුලේ ඉංග්‍රීසි කතා කිරීම අනිවාර්ය කරන්න.(නදී)
බලන්න කොයි තරම් දේශපාලකයන්ට ආවඩන්ට මිනිස්සු අපේ රටේ ඉන්නවද කියලා. මොකක් හෝ හේතුවක් හදාන ගුන වයනවා. කවදද අපේ රටේ වාසියකින් තොරව දේසපාලනය කවුරුත් කලේ. මේ ශක්තිය නොතේරෙන මෝහයෙන් අපේ මිනිස්සු ගැලවෙන තාක් ලංකාවට දියුණුවක් නැත.(නදී)
ජයවේවා! මගේ පුතුත් යන්නේ මෙම පාසලට. තවත් දියුනු වේවා! ගාල්ලේත් ශාකාවක් අවශ්‍යයි (නි)
මට මතකයි 1990 දී සර් අපිව එක දවසක් එලෙව්වා සුබද්‍රරාම පක්තියේ ඇතුලේ ගැරඩියෙක් වැටිලා හූ කිව්වට. හරිම ලස්සන අතීතයක්. ඒ කාලේ තිබුනේ.(නදී)
මගේ පුතා යන්නේ මෙම පාසලට . මගේ පුතාගේ අද්‍යාපනය වගේම විනයත් උසස් . මගේ පුතාට වයස 11 දැන් භාෂා 4ක් කතා කරනවා . මගේ පසෙල් කාලයේ මට නොහැකි වූ දේවල් සිලල්ල මම මගේ පුතා තුලින් ජය ගන්නවා . පුද්ගලික පාසලක් උනත් , වාරයකට ඉහල පාසල් ගාස්තු ගෙව්වත් එම මුදලට මගේ පුතාට උපරිම ප්‍රතිපල ලැබෙනවා . නිදහස් අද්‍යාපනය ගැන විතරක් බලාගෙන හිටියොත් මගේ පුතාටත් වෙන්නේ නිකම් බහුබූත උපාදියක් අරන් ගෙදෙට්ට වෙලා ඉන්න. මම මෙම පසෙලට මගේ ගෞරවය පුදකරනවා.(ස)
මම මොහාන් මහතා ගැන අහලා තියනවා එයා හොඳ මහත්මයෙක් කියලා. මගේ සුබ පැතුම්. (නි)
සල්ලි තියන ළමයි යනවා. ඒත් සල්ලි නැති ළමයි? (නි)
එයාලා 20 සමරද්දී එක මාසෙට අපේ පොඩි ඉස්කෝල 20ක් වැහෙනවා. සල්ලි තිබ්බොත් මේවට ගියහැකි, නැත්තන් පොල් කැඩූවැකි මේවට ගිහින් ඉගෙනගත්තු මහත්තුරුන්ගේ නොනලගේ,හැමෝම ගඟෙන් දිය බී මුහුදට ආවඩනවා.(නදී)
ලයිසියම් ඉතා උසස් පාසලක් බවත් අධ්‍යාපනය හොඳ මට්ටමක පවතින බවත් පිලිනත යුතුයි. එත් මේ කොටස "දුප්පත් ගම් වල දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබා දෙමින් ලයිසියම් පාසැල කරන්නේ ලොකු සේවයක් " කොහෙන්ද හොයාගත්තේ අනුෂි. ඇඩ්මිසන් ටර්ම් ෆීස් එහෙම දැන් නවත්තල වත්ද ? මම මේ පාර මගේ පුතා උ පෙළ දාන්න බැලුව. ලක්ෂ 1.5 විතර ඉල්ලුවා. දැම්මේ නෑ.(නදී)
මටත් මතකි ඒ කාලේ මට සල්ලි තිබුනේ නැහැ ඔයගොල්ලන්ගේ පන්ති වලට යන්න. මා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වන නිසා. නිදහස් අධ්‍යාපනය දිනේවා! (නි)
ඇත්තටම හොඳ ඉස්කෝලයක්. මගේ දරුවෝ යන්නේ ඒකට.සාර්ථකව දිගු කාලයක් දිනේවා! ආණ්ඩුවේ ඉස්කෝල වලට මට දරුවෝ දාන්න බැරි වුනා.නිදහස් අධ්‍යාපනයට වුන දේ ගැන කණගාටු වෙනවා . (නි)
ජාත්‍යන්තර පාසල් පිලිබදව චින්තන විප්ලවයක් කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසැල රටට කරන සේවය ඉමහත්. දුප්පත් ගම් වල දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබා දෙමින් ලයිසියම් පාසැල කරන්නේ ලොකු සේවයක්. ඔබ කරන සේවය ඉදිරියටත් කරගෙන යාමට සුබ පැතුම්. (ත)
ක්ලාස් සිසුන් කෑ ගැසුවා මතකයි.. කඳුළු පෙරා ඔබ හැඬුවා මතකයි..// සුබ පැතුම් (ත)
සුභපැතුම්
දේශපාලන පැත්ත කුමක් වුනත් ග්‍රේරෝ මහතා හොද සර් කෙනෙක් (අ)
නන්දන, හිසරදයට කොට්ට මාරු කළාට වැඩක් නැහැ.අපි ඔය ප්‍රශ්නෙට හොද පාසල් ටිකක් හදමු .තද බදේ අඩු වේවි. ගුරුවරුන්ව නිසි ලෙස අගයමු.රෝහල් වල තියෙන තදබදයට ඒවා පුද්ගලීකරණය කළාම හරිද ? ඔබතුමාට කවද හෝ දවසක වැටහේවි.අදටත් අපේ දැනුම ලෝකයේ අන් සැමට ඉහලින් ඇත්තේ ඒවා නිසි ලෙස පැවතුන නිසා.ඔබට ස්තුතියි (නි)
ජාත්‍යන්තර පාසල් අයිතිකරුවෝ දේශපාලනේ කරද්දී අපේ අය කියන්නේ සල්ලි කාරයන්ට අමුතුවෙන් හොරකන් කරන්න ඕන නැහැ එයාලට උපතින්ම සල්ලි තියනවා කියල.මන් නම් කියන්නේ උපතින් සල්ලි කාරයෝ දේශපාලනේ කරන්නේ තියන ගොඩ වැඩි කරගන්ට කියල.(අ)
ලොක්කට යූ.එන්.පිය දාල ආණ්ඩුවට පනින්න වුනේ ලැයිසියම් එක හින්දම තමයි.(නදී)
ග්‍රේරෝ සර් කියන්නේ උපතින්ම සල්ලි කාරයෙක් නෙමේ. ඉතා අමාරුවෙන් ඉගෙන ගෙන ඔය තත්වයට ආපු හැටි සර් පන්ති වලදී කියල තියනවා. ඔහු පන්ති කලේ නොමිලේ.හෝල් ෆීස් විතරයි ගත්තේ. දේශපාලනේ කොහොම උනත් ඔබ ඉතාමත් හොද මහත්මයෙක්. සුබ පැතුම් සර්.(අ)
හේමාල්, මම ඔබව විවේචනය කරනවා නොවේ. නමුත් මට කියන්න සල්ලි ඇති අය මොකටද ආණ්ඩුවේ සහනාධාර වලින් යැපෙන්න සලස්වන්නේ?ලෝකේ කොහෙවත් එහෙම කරන්නේ නැහැනේ.සල්ලි තියන අයට බෙහෙත්,පෙට්‍රල් සහනාදාර නොදිය යුතුයි.එහෙම කරන රටවලට වැරදිලා තියනවද. (නි)
මම හිතන්නේ අධ්‍යාපනයට හොදම තැනක් තමයි මේ (දී)
ළමයි වෙනුවෙන් හොද තැනක් (දී)