• මේ වන විට ශාඛා හයක් විවෘත කරලා
  • මේ ව්‍යාපාරික වැඩ කටයුතු පටන්ගත්තේ බොහොම දුක් මහන්සි වෙලා 
  • සේවක සේවිකාවන් 35 ක් පමණ දැනට සේවය කරනවා
  • කෑමවලට කිසිදු රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ නෑ

ඇල්ල - ප්‍රසාද් රුක්මල්

බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි හය වැනි ශාඛාව ඉකුත්දා විවෘත කෙරිණි.

ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි අධිපති ටී.ජී. වසන්ත ගමගේ, ජී.පී. සුනේත්‍රා සහ පුතුන් දෙදෙනා වන ටී.ජී. කවිදු විමංශ, ටී.ජී. නදීප දසුන් යන පිරිසගේ මෙන්ම සේවකයන්ගේ ප්‍රධානත්වයෙන් ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි හය වැනි ශාඛාව විවෘත කෙරිණි.

ගාල්ල තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචි ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි අධිපති වසන්ත ගමගේ (53) මහතාගේ පියා 1970 වසරේදී දකුණු පළාතේ සිට ඌව පළාතට පැමිණ බදුල්ල නගරයේ තැපැල්හල පාරේ සිල්ලර බඩු වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව එම ආභාසයෙන් වසන්ත මහතාද බදුල්ලට පැමිණ වෙළෙඳාම් කටයුතුවල නිරත වෙමින් සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි.

ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි පළමු ශාඛාව 2015 වසරේ බදුල්ල කනුපැලැල්ලේදී ආරම්භ කෙරුණි.

පසුව එහි දෙවැනි ශාඛාව බදුල්ල සතිපොළ අසලදී 2020 වසරේදී ආරම්භ වූ අතර, 2022 වසරේදී තෙවැනි සහ සිව් වැනි ශාඛා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල දී සහ බදුල්ල ජයගම දී ආරම්භ විය.

එහි හය වැනි ශාඛාව මෙසේ බදුල්ල කැප්පෙටිපොළ මාවතේදී නොබෝදා විවෘත කළේ තවත් සේවක පිරිසකට රැකියා අවස්ථා උදාකර දෙමිනි.

ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට්හි අධිපතිනි ජී.පී. සුනේත්‍රා (52) මහත්මිය මෙසේ පැවසුවාය.

“ඇත්ත වශයෙන්ම අපි බොහොම දුක් මහන්සි වෙලා තමයි මමයි මගේ මහත්තයා වසන්ත ගමගේ මේ ව්‍යාපාරික වැඩ කටයුතු පටන් ගත්තේ. මම කේටරින් සර්විස් එකක් කළා. ඒ සඳහා මට බලපත්‍රයක් පවා තිබෙනවා.

අප ආයතනයේ ශාඛා හයක් දැන් තිබෙනවා. සේවක සේවිකාවන් 35 ක් පමණ සේවය කරනවා. අපි බදුල්ලේ ඉතාම අඩුම මිලට තමයි බේකරි නිෂ්පාදන වගේම ආහාර ලබා දෙන්නේ. ඒ වගේම කෑමවලට කිසිදු රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ නෑ. තුනපහ ඉඟුරු ගම්මිරිස් සුදු ලූනූ වැනි දේශීය දේ පමණයි අපි ආහාර පාන පිළියෙල කිරීමට භාවිත කරන්නේ. ඒ වගේම හොඳ රසට උසස් තත්වයෙන් අපි අපේ කෑම පාරිභෝගික ජනතාවට ලබා දෙනවා. 

විශේෂයෙන් කියන්න ඕන ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල අප ගමගේ බේක් හවුස් සහ ෆැමිලි රෙස්ටුරන්ට් ශාඛාවෙන් ඉතාමත් අඩු සාධාරණ මුදලකට උසස් තත්වයෙන් කෑම බීම, ආහාර පාන විශ්වවිද්‍යාලයීය සිසුන් වෙනුවෙන් ලබා දෙනවා. අපි ලාබයට වඩා පාරිභෝගික සේවය ගැන සලකා බලමින් නිතරම කටයුතු කරන්නේ.”