භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන ලෝටස් රිනිවර්බල් එනර්ජි (පෞද්) සමාගම සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටස් මිලියන 11.8 ක් (11,833,334ක්) අලෙවි කළ බව පවසයි.
මෙය හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 5ක ප්‍රතිශතයකි. මෙහිදී එක් කොටසක් රුපියල් 28.50ත් 38.30ත් අතර මුදලකට මෙම අලෙවිය සිදු කර ඇතැයිද එම සමාගම පවසයි.
2025 මාර්තු 31 වැනිදා වනවිට හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 179,034,370ක් එනම් සියයට 75.85ක් හිමිව ඇත්තේ ලෝටස් රිනිවර්බල් එනර්ජි (පෞද්) සමාගම වෙතයි. ඒ අනුව මෙම කොටස් අලෙවියත් සමගින්ම එය සියයට 75ක් දක්වා අඩු වෙයි. සමාගමේ දෙවැනි වැඩිම කොටස්හිමිකරුවා වන්නේ රිජන්සි ටීස් (පෞද්) සමාගමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd