IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලංකාව සංචාරක පිමිමකට සැරැසේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සංචාරක ප‍්‍රවර්ධන පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයක් වන ‘‘කටාන නගර සංවර්ධන ආයතනය’’ ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණ සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය සංචාරක කලාපය කටානේ අක්කර 200 ක භූමියක ඉදිකිරීමට නියමිත අතර මේ සඳහා යෙදවීමට අපේක්‍ෂිත මුදල ඩොලර් කෝටි 3 ක් පමණ වේ. ව්‍යාපෘතියට විදෙස් ආයෝජකයන්ගේ ඍජු දායකත්වය ලබා ගැනීමට නියමිතය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේම ඉදිකෙරෙන මේ සංචාරක කලාපයේ හෝටල හා වෙළඳ සංකීර්ණ, විනෝදාස්වාදය සඳහා වන පහසුකම් හා උද්‍යාන ඇති කිරීමට යෝජිතය. ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 10,000 ක් පමණ උත්පාදනය කර ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේක්‍ෂා කරයි.



අදහස් (0)

ලංකාව සංචාරක පිමිමකට සැරැසේ

නිත්‍යා Saturday, 12 January 2013 12:04 PM

පිම්ම පනිද්දි පරිස්සම් විය යුතුයි.සංචාරක පිම්මක්නේ . (ස)

:       0       0

සජී Friday, 20 July 2012 10:49 AM

පිමි පනින්න ගිහින් ඒ ගමන මොකක් කර ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

සමීර Thursday, 19 July 2012 02:57 PM

විදෙස් ආයෝජකයන්ගේ ඍජු දායකත්වය ලබා ගැනීමට නියමිත නිසා එයාලා කියන විදියේ ව්‍යාපාර කරන්න ලංකාවේ සමාජ සංස්කෘතිය ඉඩ ලබා දෙයිද?

:       0       0

සංචාරකයා Friday, 06 July 2012 02:53 PM

නිිස පුහුණුවක් නැති ශ්‍රම බලකායක් නැතුව සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම මායාවක්

:       0       0

rasika Saturday, 07 July 2012 01:27 PM

කෝටි 3න් හෝටලයක් හදන්න පුළුවන්ද? අනික හොඳ බීඩ් එකක් තියෙන මීගමුව ඕක හැදුවනම් හොඳයිනේ.

:       0       0

දුමින්ද Friday, 06 July 2012 11:06 PM

පහුගිය කාලේ සංවර්ධනයේ පවු තවම ගෙවලා ඉවර නෑ වගේ

:       0       0

දේවප්‍රිය Friday, 06 July 2012 03:51 PM

හොඳම හොඳ වැඩක්..

:       0       0

පුංචා Saturday, 07 July 2012 02:09 PM

තව වැඩි කරමු

:       0       0

සුජිත් Friday, 06 July 2012 11:58 AM

මොනවා කරන්නද දන්නෑ හිතන් ඉන්නේ

:       0       0

චමින්ද Friday, 06 July 2012 12:03 PM

මොනවාද දන්නෑ සැලසුම් කරගෙන ඉන්නේ

:       0       0

අන්කල් Friday, 06 July 2012 04:24 PM

රැකියා දෙන්නෙත් ඉතින් ඒ අය කැමති අයටනේ. නේද?

:       0       0

ජගත් Wednesday, 18 July 2012 12:19 PM

විධිමත් සංස්කෘතියක් සමග අපරාධ මර්ධනයට සැරසෙද්දී එතෙර සල්ලි මතම යැපෙන්න හදන අපට මේවා ‍නියමයි

:       0       0

සුජීත් Friday, 06 July 2012 12:15 PM

මේ ව්‍යාපෘතියෙනුත් වාසියක් වෙයිද ?

:       0       0

සිසිර Friday, 06 July 2012 04:27 PM

කෝටි 3 න් කීයක් වැඩේට යෙදවේවිද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 111 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site