ශ්රී ලංකා රජය සහ ප්‍රංශ රජයේ ටෝටල් එස්.ඒ සමාගම ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.
මේ මස මැද භාගයේදී අධ්‍යයන ගිවිසුමට අත්සන් තැබෙන අතර ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහුදේ ඇති ප්‍රදේශවලට පමණක් එය අදාළවන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් අඩුවෙලත් මිල අඩු නොකරන රටේ, තවත් මොනවද කතා? (නි)
ඔයිල් මාෆියා පටන්ගනි. දන්නේ නැද්ද ඔයිල් ගණන් බසී (බ)
අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද? යහපාලනේ තමයි. කාට කියන්නද මේ අවනඩු? (නි)
අර ඇමතිතුමා පහුගිය දවස්වල බෙරිහන් දුන්නනේ ලංකාවේ සොයාගෙන තිබෙන තෙල් නිධි නිසා ඉන්ධන ප්‍රශ්නය මුළුමනින්ම විසඳෙනවා කියලා. ඉතින් මේ අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද, හොයාගත් ඒවා ගොඩට අදින්නේ නැතුව. (නි)
මොන දේ කළත් ප්‍රවේශමෙන් (නි)
තිලක්-ඩුබායි, නාලි, ඔබ හරි. දැන් බලන්න අපේම රට දිහා.....පසුගිය වසර කිහිපය තුළ මොනවද වුණේ කියලා (නි)
අනේ අපි නම් මේවට මොකුත් කියන්න යන්නේ නැහැ (නි)
මේවට වැඩිය වියදම් කරන එකේ තේරුමක් නැහැ (නි)
විශේයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි හොර දේශපාලනය. දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කිය කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? ආයෙත් මේ විශාල මුදලක් වැයකරන්න නේද යන්නේ? කෝ කලින් වාර්තා? (නි)
විශේෂයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි මේ හොර තක්කඩි දේශපාලනය, දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කියා කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? අායෙත් මේ විශාල මුදල වැය කරන්නේ ඇයි? කෝ කලින් රිපෝර්ට්ස්? මේ දේශපාලකයන්ට අයෙත් නම් ඡන්දෙ දෙන්න එපා (බ)
සේනක, දේශපාලකයෝ කවුරුත් එකයි. සමහර දේශපාලකයෝ ඡන්දෙට කලින් ඇවිල්ලා ගඟක් දොළක් නැති තැන වුණත් පාලමක් දානවා කියලා ඡන්දෙ ගන්නේ. ඡන්දෙන් පස්සේ ඔහුව දකින්නේ ඊළඟට එන ඡන්දෙදි (නි)
අර එකතරා ඇමති කෙනෙක් පසුගිය මහා මැතිවරණයේදී පොරොන්දු වුණා වගේ මතකයි මුළු රටටම ඇතිවෙන්න තෙල් හම්බවෙනවා කියලා. කෝ ඉතින්?? (නි)
අද කාලේ ඔලුවට පීනසට දමන තෙල් බෝතලයක් උනත් ඉතා මිල අධිකය. ඔය තියෙනවා කියන තෙල් කවදා හම්බ වෙයිද දන්නේ නෙහැ , (කෞ)
මෙවරවත් හරියට තෙල් හම්බ උනොත් හොඳයි , කලින් කරේ බොරුවමයි , චන්දයක් එන කොට කොහෙන් හරි ගෑස් ටිකක් හෝ තෙල් බෝතලයක් පෙන්වා චන්ද ගුණ්ඩු පමණි (කෞ)
පසු ගිය දවස්වල නම් බූමී තෙල් හම්බ වුනා නලයක් හිල් වෙලා මුතුරාජ වලින්.(හේ)
නාලි . ඔබ හරි. නයිජිරියාවට තෙල් සම්පත තිබුනට දුප්පත් මිනිස්සු ගොඩාක් ඉන්නවා. (ර)
අපි පොඩි කාලේ ඉඳලා තෙල් හම්බ වෙනවා. මේ වගේ දේවල් අපි වයසට ගිහිල්ලා මැරෙන්ට කිට්ටුවත් අහන්ට ලැබේවි. කොයි පක්ෂයත් එකයි. (ර)
හොඳ වැඩක්. (ර)
තෙල් සල්ලි නිසා නයිජිරියාව දුෂණයෙන් විනාශ වුණා. හැමෝටම සල්ලි ලැබෙන්නේ හොඳකටම නෙමෙයි. (ම)
ඇයි අර ඒ දවස් වල මැතිවරණයකට කලින් හිටපු ජනාධිපති මුළු රටටම කිවුවේ තෙල් හම්බුණා කියලා? (නි)
මුලින්ම මන්නාරමේ තෙල් නිධි වලින් තෙල් ගන්නකො වෙන ඒවා යවනින කලින් (නි)
රටට ප්‍රශ්නයක් වෙන දෙයක් නම් කරන්න එපා (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
සුබ පැතුම්! (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
මේ ගමන කවුද පෝසත් වෙන්නේ. ප්‍රංශයට සම්බන්ධ අපේ දේශපාලුවෝ ලිස්ට් එක කවුද දන්නේ.(කෞ)