
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කිරි ගොවීන් නියෝජනය කරමින් සාමාජිකයන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, විශේෂිත පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහනකට (Capacity-Building Programme) සහභාගී වීම සඳහා ඉකුත්දා ඉන්දියාවේ සංචාරයක නිරත වූහ.
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී, ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා වසරකට විශේෂිත පුහුණු අවස්ථා 700 ක් ලබාදීමට වූ පොරොන්දුවට අනුකූලව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
සතියක් පුරා පැවැති මෙම පුහුණු වැඩසටහන ඉන්දීය රජය විසින් ගුජරාට් හි ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේදී (NDDB) පවත්වන ලදී. කිරි නිෂ්පාදන අගය දාමය පුරා දිවෙන පුළුල් තාක්ෂණික සහ තේමාත්මක වැඩසටහන් ගණනාවක් මෙයට ඇතුළත් විය. සතුන් අභිජනනය පිළිබඳ තාක්ෂණික දියුණුව, කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය තහවුරු කිරීම, විවිධ කාණ්ඩවල සතුන් සඳහා ආහාර ලබාදීමේ ක්‍රමවේද සහ සමබල පෝෂණයේ වැදගත්කම මෙහි ප්‍රධාන මොඩියුල විය. ප්‍රායෝගික කුසලතා ඉහළ නැංවීම, කර්මාන්තශාලා අත්දැකීම් ලබාදීම සහ උසස් නිෂ්පාදන හැකියාව ගොඩනැගීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කෙරිණි.
ප්‍රායෝගික පුහුණුවේ කොටසක් ලෙස, සහභාගී වූවන් IDMC-තොග කිරි සිසිලන ඒකකය, අමුල් (Amul) TMR කර්මාන්තශාලාව, කයිරා කිරි සංගමය සහ NDDB හි නිෂ්පාදන සහ ක්‍රියාවලි සංවර්ධන පර්‌යේෂණාගාරය ඇතුළු ප්‍රධාන ආයතන සහ කර්මාන්තශාලා නැරඹීමට එක්විය. මෙම නිරීක්ෂණ මගින් නවීන කිරි නිෂ්පාදන පද්ධති, කාලීන නිෂ්පාදන තාක්ෂණය සහ දියුණු වන සිල්ලර හා සැපයුම් දාම ක්‍රමවේද පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
තාක්ෂණික කුසලතා වර්ධනයට අමතරව, ගොවීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම සහ තිරසාර කිරි නිෂ්පාදන පද්ධති ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ සාර්ථක කිරි ගොවි ආකෘතිය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමට සහභාගිවන්නන්ට මෙම වැඩසටහන මගින් අවස්ථාව හිමිවිය. තවද, කාර්යක්ෂම කිරි ගොවිපොළ කළමනාකරණය, පිරිසුදු කිරි නිෂ්පාදනය, සෞඛ්‍යාරක්ෂිත ලෙස කිරි හැසිරවීම මෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැකි සහ පාරිසරික වශයෙන් තිරසාර ක්‍රමවේද සම්බන්ධයෙන් සහභාගිවන්නන්ගේ හැකියාව බලගැන්වීමට මෙම පුහුණුව උපකාරී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd