කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 

ලංකා බැංකුව කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම හා ඔවුනට සේවා සැපයීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද ‘‘ව්‍යවසායකත්ව සායනය”‍ කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් සහ ලංකා බැංකුවේ සහකාර මහ කළමනාකරු (පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු) ඩී.ඒ.එස්.එස්. විමලසිරි යන මහත්වරු පැමිණසිටි පිරිස දැනුවත් කළ ආකාරයත්, ඊට සහභාගිවූ පිරිස හා ඔවුන් ව්‍යවසායකත්ව සායනයෙන් සේවා ලබා ගත් ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ.

ලංකා බැංකුවේ සහකාර මහ කළමනාකරු (බස්නාහිර පළාත) අසංක බෙන්තරවිතාන හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නලින්ද හිරුෂ යන මහත්වරුද මෙහිදී පැමිණසිටි පිරිස දැනුවත් කළහ.

අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය හා ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකුකරණ අංශය මෙහි සේවා සැපයීම සඳහා එක්ව සිටියේය.