ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 30ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. මෙය බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරූ, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි වසර පහකින් සහ හතකින් කල් පිරෙන ලෙස මෙම ණයකරය නිකුත් කෙරේ.
මෙහිදී හිමිවන අධිදායකත්වයත් සමගින් ණයකර කොටස් මිලියන 100ක් බැගින් අදියර තුනක් යටතේ ණයකර කොටස් මිලියන 300ක් නිකුත් කෙරෙන අතර. එක් කොටසක් රුපියල් 100ක් බැගින් එහි වටිනාකම රුපියල් බිලියන 30කි. මෙම නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවේ මූලික අනුමැතිය අවශ්‍යව පවතින බවත් ලංකා බැංකුව පවසයි.
මේ අතර අදාළ ණයකරය මිලදී ගත හැක්කේ ‘සුදුසුකම්ලත් ආයෝජකයන්’ සඳහා බව පවසන බැංකුව, ඒ සඳහා වන සුදුසුකම් මොනවාද යන්නද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව තනි ආයෝජකයකු නම් මූලික ආයෝජනය ලෙස රුපියල් මිලියන 5ක් යෙදවීමට හැකියාව තිබිය යුතුව ඇත. එහිදී එම සුදුසුකම්ලත් ආයෝජකයෙකු අවම වශයෙන් රුපියල් 10,000ක් වටිනා ණයකර කොටස් මිලදී ගත යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd