ශ්රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව මත පළ කරයි.
ආසියා සංවර්ධන බැංකුවේ ‘2013 වසර සදහා විමසුම‘වාර්තාවේ මේ බැව් සදහන් වේ.
වාර්තාවට අනුව ශ්‍රීලංකාව ඉදිකිරීම් හා සේවා සැපැයුම් ක්ෂේත්‍ර වල ඉහළ වර්ධනයක් පෙන්වයි.එහෙත්
ඒවායින් රටට ලැබිය යුතුව තිබූ ප්‍රතිලාභ නොලැබී ගොස් ඇත්තේ ගෝලීය ආර්ථීක අර්බුදය හමුවේ රජයට ගැනීමට සිදුව ඇති පියවරයන් නිසාය.කෘෂිකර්මාන්තයෙන්ද මෙවර වැඩි දායකත්වයක් ලැබී නොමැත.ඊට හේතුව ලෙස වාර්තාවේ සදහන් වන්නේ නියග හා ගංවතුර තත්ත්ව නිසාවෙන් වගා විනාශ වීමයි.
පෙර ශ්‍රීලංකා ආර්ථීකයට ඉහළ දායකත්වයක් සැපැයූ ඇගලූම් කර්මාන්තයේද කඩා වැටීමක් මේ වාර්තාවේ පෙන්වයි.ඊටද හේතුව ලෙස දැක්වෙනුයේ ගෝලීය ආර්ථීක අර්බුදයයි.
මේවා හමුවේ රජයටද නිකම් සිටීමට බැරියැයි වාර්තාවේ සදහන්ය.වඩා හොද බදු පද්දතියක් ස්ථාපිත කිරීම”ප්‍රායෝගික මුූල්‍ය කළමණාකරණ සැළැසුම් සැකැසීම ඇතුලූ වගකීම් රාශියක් රජය මත පැවැරී ඇත.
මේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරනු ඇතැයි ආසියානු සංවරධන බැංකුවේ අපේක්ෂාවයි.එවිට ඉහළ ආර්ථීක වර්ධන වේගයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා, ජනතාව හිගාකනවා (නි)
ලෝකයේ ආර්ථික අවපාතයක් 2008 සිට පවතිනවා. මෙය සියලුම රටවලට බලපාලා තිබෙනවා.අපේ ආර්ථිකය ගැන එතරම්ම සතුටු වෙන්න බැහැ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය දුර්වලයි. රජයටම දොස් කීමෙන් පලක් නැහැ. අවිවාදයක් නැහැ දූෂණය නැතිකළ යුතුයි. රට වැසියන් වශයෙන් අපටත් වගකීමක් තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් දෙනකම් ඉදිමම සුදුසු නැහැ. (නි)
අපිට නම් කිසිම දෙයක් වැඩක් නැහැ. කැසිනෝ තිබුනම ඇති. (නි)
මහජනතාව රටවාගෙන පාරිභෝගික භාණ්ඩ වලට බදු අය කරලා රටේ සංවර්ධනය ගැන ජාත්‍යන්තරයට පෙන්නන්න හදනවා. රටේ සියලු ජනතාව එකමුතු කරලා රටට ගැලපෙන පාලකයින් පත් වුණා නම් හොදයි. (නි)
අලුත්ම වාර්ථා අනුව දැන් රටක වර්ධනය මනින්නෙ ආර්ථික සාධක මතම නොවෙයි. මානව සංවර්ධන දර්ශකයක් කියා මිනුමක් තියෙනව. එයට අනුව රටවල් ප්‍රබේද කීපයක් තියෙනවා. ඉතා උසස්, උසස්, මධ්‍යම සහ පහල කියා. අපි සිටින්නෙ උසස් දර්ශකයේ (92 ස්ථනය ) වන අතර සිංගප්පූරුව ඇතුලු සංවර්ධිත රටවල් ඉතා උසස් දර්ශකයෙ (රටවල් 47 ක් ). ඉන්දිඅයව මධ්යම දර්ශකයෙ.(නදී)
දේශපාලකයන්ගේ ආර්ථිකයට හොදයි නම් තමයි. (නි)
ආර්ථිකයට නම් හොඳ ඇති. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ බඩවල් දන්නවා ඇති ඒක හරියටම. (නි)
ආර්ථිකය හොඳයි වාර්ෂික වාර්තාවලට විතරක්. ප්‍රයෝගික ආර්ථිකය තියෙන මට්ටම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. දැන් ජනතාවට ජීවිතය ගැටගහ ගන්නේකත් අමාරුවෙන්.(නදී)
මම කිව්වාය කියලා හිතාගත්තොත් හොඳයි. (නි)
ලංකාවේ ඇමතිලා පරිවාරක රථ පිරිවරාගෙන තමන්ගේ අධි සුඛෝපභෝගී වාහන වලින් යන වේගය දැක්කම ලංකාවේ ආර්ථික වර්ධන වේගයත් ඒ වගේ ඇති කියලයි මට හිතෙන්නේ. ජර්මනියේ සමහර ඇමතිලා පාර්ලිමේන්තුවට එන්නේ පාපැදි වල. සමහරු එන්නේ බස් වල. කරපටි,කෝට් ඇදගෙන පාපැදි පැදගෙන එන හැටි දැක්කම හිනා යනවා (නි)
අනේ මම දන්නෙ නැහැ. අපේ ගෙදර දේශපාලන රැස්වීම් පාව තියලා තිබියදීත්, මම මෙච්චර ඉගෙනගෙන තිබියදීත් මට තවස රස්සාවක් නැත්තේ ඇයි කියලා (නි)
කෙහෙම්මල් ආර්ථික කතාවක් එලියට දැම්මට පස්සේ තමයි, විදුලි බිල අමු අමුවේම වැඩිකළේ. මීට පස්සේ ඔය මගුල් වාර්තාව එලියට දාන්න ඕනේ නැහැ. තේරුනාද?(නදී)
ඔය කියන හැමදේම ඇත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔව් ඉතින් ආගම දර්මයට පටහැනි ගණිකා මඩම් ,කැසිනෝ ,මතට තිත වඩාත් පුළුල්ව ක්‍රියා කරීම නිසා ආණ්ඩුවේ සහ දනකුවේරයන්ගේ ආර්ථික වර්දන වේගය ඉතාමත් ඉහල නිසා ඕක රටේ ජනගහනයෙන් බෙදලා ඔය වගේ මෝඩ කතා කියනවා. (ස)
ඉස්සර ගමක පාපැදියක් තිබුණෙ කලාතුරකින් අයෙකුට අද හැම නිවසකම යතුරු පැදියක් තියනවා. ඉස්සර මෝටර් රථයක් තිබුණ ගමක් හොයන එකයි අමාරු. අද සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වාහනයක් තියනවා. දියුණුව කියන්නෙ ඒක. මිනිසුන් අතර මුදල් ගැවසීම වැඩිවන විට සුඛෝපභෝගී භාණ්ඩ හා උපකරණ මිළ දී ගන්නවා. පෙරට වඩා රටේ යම් ආර්ථික දියුණුවක් ඇතත් අධ්‍යාත්මික දියුණුව පිරිහිලා.(නදී)
කෘෂි, පලතුරු, ධීවර, ඇගළුම්, ඖෂධ නිෂ්පාදන, කුඩා කර්මාන්ත නගා සිටුවීමේ කඩිනම් සංවර්ධනයක් වහා අවශ්‍යයි. ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු කිරීම් දැනට වඩා වේගවත් වුණොත් තවත් හොදයි. (නි)
රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද? (නි)
කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා (නි)
වාර්තාවලට අනුව ආර්ථික වර්දනයක් සිදුවෙලා නම් ඇයි අපට ජීවත් වෙන්න මෙපමණ කරදර .(ස)
කාටද හොද? කවුද හොද? ලංකාවේ එහෙම තමයි. (නි)
එන්න එන්න හැම අතින්ම අපිට පහර වදිනවා. දැන් කළුවරේ ඉන්නත් වෙයි ඉස්සරහට.(නදී)
කැසිනො වලින් වෙන්නේ දුප්පත් මිනිහා හම්බකරන සොච්චමත් පිටරට මුදලාලිලාට බිල්ලට දෙන්නයි (නි)
දුම්රිය හරහා පාලමක් දාන්න වත්කමක් නැති රටක්.( බේරුවල සිද්ධිය) නමුත් ඇමති, මන්ත්‍රීලා හොදට ජීවත් වෙනවා. (නි)
අනේ මන්දා! (නි)
ලංකාවට හොදද ? නැත්නම් වෙන කට්ටියකට හොදද ? අනේ මන්දා... (නි)
මක් කිව්වා ?(නදී)
ගුවන් තොටුපල තිබෙනවා, අපිට ටිකට් ගන්න සල්ලි නැහැ. අධිවේගී මාර්ග තිබෙනවා, අපිට එවගේ යන්න වාහන නැහැ. පෙට්‍රෝල් මිල වැඩියි. නමුත් මන්ත්‍රිලට ,රජයේ නිලධාරීන්ට වාහන තීරුබදු රහිතව ගෙන්වන බලපත්‍ර තිබෙනවා. නොමිලයේ ඉන්ධන ලැබෙනවා. ඒ ගොල්ලන්ගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් අපේ ආර්ථිකය??? (නි)
පිටරට වල රැකියා කරන ලාංකිකයන් උපයන විදේශිය විනිමය හොඳටම ඇති ලංකාවේ ආර්ථිකය නංවාලන්න. කොහෙද ඉතින් ඒ වුණත්??? (නි)
ඇමති මණ්ඩලය වැඩේ.(නදී)
ලංකාවේ අපිට හොඳයි. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. ලංකාව දැන් දියුණුයි. සංචාරකයෝ පිරිලා, ඇගේ හැප්පෙන ගානට. අනිත්වා අපිට වැඩක් නැහැ. (නි)
සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බඩුමිල අහස උසට. (නි)
ආර්ථිකය හොඳ කෙනෙක් ඉන්නව නම් වහාම මට දන්වන්න.(නදී)
රටක ආර්ථිකය මනින සම්මත ක්‍රම තියෙනවා. උදාහරණ විදියට, දල දේශිය නිෂ්පාදනය,දල දේශිය ආදායම, ඒක පුද්ගල ආදායම වගෙ දේවල්. ලෝකයෙ ධනවත්ම ආර්ථිකය තියෙන්නෙ ඇමෙරිකාවට. අපි ඉන්නෙ 70 වැනි ස්ථානයෙ. වසර 2001 ට පෙර ලංකාවෙ ආදායම් ඩොලර් 1000 ට අඩුයි. (නි)