
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
රුහුණු රස සරණිය 2026” ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර සභා ශාලාවේ සහ එහි පරිශ්‍රයේදී පැවැත්විණ.
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කළ මේ රුහුණු රස සරණිය ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 11,12 සහ 13 යන තෙදින පැවති අතර එම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද යන මහත්වරු සහ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මේ ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනයෙන් දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැදගත් පියවර රැසක් අනාවරණයවූ බව මේ අවස්ථාවට සහභාගීවූ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයාන් ගොඩකන්ද මහතා මෙසේද කීවේය. සංචාරක කර්මාන්තයට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති සමීප සම්බන්ධතාව අවධාරණය කරමින්, විශේෂයෙන් ස්වාභාවික හා සෞඛ්‍යාරක්ෂිත දේශීය ආහාර, අගය එකතු කරන ලද නිෂ්පාදන සහ විදේශගත කළ හැකි පරිදි විධිමත්ව ඇසුරුම් කරන ලද පලතුරු වැනි නිෂ්පාදන සිදු කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංචාරකයන්ට හඳුන්වා දීම අතිශය වැදගත්. දකුණු පළාත තුළ මෙවැනි දේශීය නිෂ්පාදන සංචාරකයන් අතරට රැගෙන යාම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එමගින් දේශීය ව්‍යවසායකයන්ට නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කරගැනීමට මෙන්ම සංචාරකයන්ට රුහුණේ අනර්ඝ ආහාර සංස්කෘතිය අත්විඳීමට ද අවස්ථාව සැලසෙනවා. රුහුණු සංචාරක කාර්යාංශය ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බැදී සිටිනවා.
මේ අවස්ථාවට ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක දකුණු පළාත් ආණ්ඩුකාර පුද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් නිලංගි ඩයස් ඇතුළු දකුණු පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, වයවසායකයන් සහ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd