කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දකුණු පළාත් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය නව මාවතකට ගෙන යාම වෙනුවෙන් රුහුණු මීළඟ පරපුරේ සංචාරක සමාජ (Ruhunu Next Gen Tourisam Clubs) පිහිටුවීමට රුහුණු සංචාරක කාර්යාංශය පියවර ගෙන තිබේ.
රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතාගේ අදහසකට අනුව මේ නවමු වැඩසටහන ක්‍රීයාවට නැංවෙන අතර එහිදී රුහුණේ තරුණ පරපුර සංචාරක ව්‍යාපාරය සවිබල ගැන්වීමේ කටයුතු ආරම්භ කෙරේ.
රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද සහ ජාතික තරුණ සේවා සභාවේ දකුණු පළාත් අධ්‍යක්ෂ සරත් කොඩිකාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ දැනුම්වත් කිරීමක් මාතර ජාතික තරුණ සේවා සභා කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුම, කුසලතා සහ නිවැරදි ආකල්පවලින් සන්නද්ධ තරුණ, තරුණියන් පරපුරක් රුහුණේ බිහිකිරීමේ වැදගත්කම මෙහිදී රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.
‘’Digital Agenda and Artificial Intelligence to Redesign Tourism යන තේමාව යටතේ පැවැත්වෙන දකුණු පළාත් සංචාරක දින සැමරුමට සමගාමීව, නව තාක්ෂණය, Digital Tourism සහ Artificial Intelligence පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම හා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම Ruhunu NextGen Tourism Clubs මෙන්ම ප්‍රාදේශීය යෞවන සමාජ හරහාද සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට තරුණයන්ට අවස්ථාව ලබාදීමටත්, එම යෝජනා ඇගයීමෙන් අනතුරුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහාය ලබාදීමටත් කටයුතු සැලසුම් කර ඇති බව මාතර දිස්ත්‍රික් සංචාරක බල මණ්ඩලයේ සාමාජිකයන් දැනුම්වත් කිරීමද මීට සමගාමීව මෙහිදී සිදු කෙරිණ.
මේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා පුෂ්පා හේමකාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන්, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලයේ සභාපති තරිදු ඉෂාන් මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd