ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 132කට ස්ථාවර අගයකට පත්වෙතියි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග කියයි. ශ්‍රී ලංකා රුපියල ඊට වඩා වැඩි අගයක රඳවා ගැනීමේ බලාපොරොත්තුව අතහැර දැමූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. මහා බැංකුව පසුගිය පෙබරවාරි මුල සිට රුපියල පාවීමට හැරියේය. ඒ සමගම ක‍්‍රමයෙන් ඉහළ ගිය රුපියලේ අගය, ඛනිජ තෙල් ආනයනයේදී දැරීමට සිදුවන පිරිවැයෙහි වෙනසක් සිදු නොවුණහොත් මෙම ස්ථාවර අගයෙහිම රැදී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් රටක් ඉතුරුවෙයිද මන්දා...
අපි වගේ ආනයනය මත පදනම් වූ ආර්ථිකයක් සහිත රටක මුදල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය කිරීමෙන් වෙන්නේ තව දුරටත් ආනයන සදහා ගෙවිය යුතු ඩොලර් අගය තව දුරටත් ඉහල යාම. මොකද අපේ භාණ්ඩ හා සේවා වෙළදාම වර්ධනය කරන්නේ නැතිව මේව කියන එකේ තේරුමක් නෑ.
අවප්‍රමාණය වෙන්න ඕනි උපරිමයම වෙලානේ තියෙන්නේ
125 රුපියල ස්ථාවර වන බච කිච්චා නේද? අනෙක් අනාචැකි වගේම හරි.
රුපියල අවප්‍රමාණයවීමට ප්‍රධාන හේතුව ජේ.වී.පී.එක කරන උද්ඝෝෂණ.
අනේ බොහොම හොඳ දෙයක්. සීඝ්‍රයෙන් රට දියුණු වෙනවා නියතයි.
මහ බැංකුවට unp එක දැම්ම නම් හරි
හරියට අපි හරි කර ගත්ත ඵකක් වගේනෙ.
ඩොලර් එක ඉහලයන එකට බැනල කමෙන්ට්ස් දාන අය වැඩි හරියක් රතු අයියල මල්ලිල තමයි . කව්රු කොහොම කිව්වත් අතිගරු ජනාධිපතිතුමාගෙ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට කිරියෙන් පැණියෙන් උතුරන එක ෂුවර්.
රට ඉවරායි...
දැන් රුපියලට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි
ඩොලරය හයිඩ්‍රජන් පිරවූ සේ ඉහළ යයි. මහ බැංකුව බලා සිටී
ඹව ඔක්කොම බොරු. රටඅන්තිමට වැටිල මාධ්‍යයෙන් තමයි රට ගෙනියන්නෙ. අපි ඉතින් උගත් බුද්දිමත් ඡන්දදායකයින් නේ. ඒකනිසා ප්‍රශ්නයක් නැහැ
සමරණායක ඔබ ලග ඩොලර් ඇති නම් ඒවා රුපියල් කල යුතුයි, එනිසා ඔබ රුපියල් මිලදී ගෙන එය ලංකාවට එවිය යුතුයි. රුපියල් හී විකුණුම් මිලත් ඩොලර් ගැනුම් මිලත් අදාල වෙන්න ඕනේ. මිට අමතරව කොමිස්/ අන්තර් බැංකු ප්‍රතිශත (1-3%) අදාල වෙන්න පුලුවන්
කව්රු හරි කියනවද ඩොලර් එකට රුපියල් 130 දෙන තැනක්, මම USA ඉන්නේ, ලංකාවට සල්ලි එවන්න ගියාම ඩොලර් එකක් රුපියල් 127 වඩා ගෙවන තැනක් හොයාගන්න බැහැ. ගැනුම් මිල විකුණුම් මිල කාටද අදාළ වෙන්නෙ?
ඔය මහබැංකුව කියන ඒව අහන් ඉන්නේ අපි සෑහෙන කල් ඉඳලයි....ඉහල ගියත් මොකක් හරි කියලා ෂේප් වෙනවා..අපි නිකම් බලන් ඉන්නවා..
ආසියාවේ ආශ්චර්‍ය ......ලංකාවේ රුපියල .............!!!
මහබැංකුව හරියට අපේ කාලගුණ දෙපාර්ථමේන්තුව වගේ .කියන දේ නෙවෙයි වෙන්නේ..වෙනදේ නෙවෙයි කියන්නේ .
රට දියුණු වෙයි...
මහ බැංකුව පසු ගිය මාස කිහිපය තුල සිදු කල දේවල් නිසා තමා අද රුපියල මෙතරම් පහල ගියේ. අද තෙල් මිල අඩු කිරීමට බැරි වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. අද මහ බැංකුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ වැරදි බව ප්‍රායෝගික නොවන බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවතී.