රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගනු ලබනවා. ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්. රත්තරන් මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ හෙට්ටි වීදීයටයි. හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් වැඩවලට ප්‍රසිද්ධම වීදියයි. ඒත් රත්තරන් එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිතත් රත්තරන් තරමටම ඉස්තරම්ද යන්න සොය බැලීමට අපි ගියේ හෙට්ටි වීදිය වෙතයි. රත්තරන් වෙළෙදාමේ වත්මන් ස්වරූපය පිළිබදව රාමචන්ද්‍ර මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.
වෙළෙදාම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. එහෙත් සාමාන්‍යයෙන් අනෙක් වසරවලට සාපේක්ෂව වෙළෙදාම යම් ප්‍රමාණයකට අඩුයි. ගිය අවුරුද්දට වඩා සියයට 40 ක් වගේ වෙළෙදාම අඩුයි මේ අවුරුද්දේ. පිටකොටුවේ අනිත් වීදිවලට ගියාම යන්න එන්න වත් බැරි තරම් සෙනග. කඩවල් ඇතුළෙත් එහෙමයි. එත් හෙට්ටි වීදියේ කඩවල සෙනග නෑ. ඒ කියන්නේ මිනිස්සු රත්තරන් මිලදී ගන්න එන්නෙ නෑ කියන එක. අලුත් විලාසිතාවලින් රත්තරන් හදන්නත් අද බැරිවෙලා තියෙන්නේ මිනිස්සු රන් භාණ්ඩ මිලදී ගැන්න එන්නෙ නැති නිසා. රත්තරන් ගන්න ආවත් බොහෝ පාරිභෝගිකයන් අපෙන් අඩු ගාණකට කේවල් කරලා, රත්තරන් අත ගාලා බලලා යනව ඇරෙන්න මිලදී ගන්නේ නැ. ඒ තරමටම මිනිසුන් අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීලා. ඒ නිසා අලුත් රන් ආභරණ නිර්මාණ කරන එකත් මේ දවස්වල අපි අඩුවෙන් කරන්නේ. ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. හැබැයි අද තියෙන තත්වය ඕකයි.
රත්තනේ මිල වැඩි එක තමයි එකම හේතුව. රත්තරන් වලට ගහන බද්ද අඩු කළානම් මිලේ වෙනසක් වෙනවා. අනිවාර්යයෙන්ම මේ බද්ද අඩු කරන්න ඕන. මනුස්සයකුට රත්තරන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට වෙළෙදාමක් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් කැරට් 24 පවුමක් ලක්ෂ 2ක් වෙනවා. ඒකට හැදුම් කුලියත් එකතු වුණාම ලක්ෂ 2 20 000 වැඩි වෙනවා. ඔච්චර ගාණක් වියදම් කරලා රත්තරන් මිලදී ගන්න සාමාන්‍යයෙන් හම්බ කරන මනුස්සයකුට බෑ. ණයක් ගන්න ඕන රත්තරන් බඩුවක් ගන්න. මිනිස්සු ඉන්නේ ආර්ථික අපහසුතා මැද. කන්න බොන්න බඩු ටික ගන්නත් අමාරු කාලේ රත්තරන් ගන්න මිනිස්සු එන්නේ නෑ. ඇත්තටම රත්තරන් ගන්න එනවට වඩා විකුණන්න එන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට හදිස්සියට බැංකුවකින් ණයක් ගන්න බෑ අවශ්‍ය ලියකිවිලි හදා ගන්න කල් යනවා. ඒ නිසා ණයක් ගන්න ඕන වුණාම මිනිස්සු කරන්නේ රත්තරන් බඩු විකුණන එක.
ශෂිකා අබේරත්න
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රත්තරන් ගන්න එනවට වඩා විකුනන්න එන පිරිස වැඩිවෙලා අද තිබෙන මිලට රත්තරන් මිලදී ගන්න බෑ