දේශීය වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් රජය අර්තාපල් ආනයනය තහනම් කිරීමට සැළැසුම් කර තිබේ.
මේ තීරණය ගෙන ඇත්තේ දේශීය වැවිලිකරුවන් ආනයන හමුවේ පෙර පරිදි සිය භෝග වෙළදපොළට නිකුත් නොකිරීම නිසාය.ඊට හේතුව ලෙස වැවිලිකරුවන් දක්වන්නේ ආනයනික අර්තාපල් හා තරග කිරීමට යාමේදී තම භෝගයන්ට ලැබෙනුයේ අඩු මිලක් බවයි.
මෙනිසා වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මේ සැළැසුම කි‍්‍රයාත්මක කිරීමට රජය සැරසේ.
ශී‍්‍රලංකාවේ දෛනික අර්තාපල් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 130,000 ක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඒවා මොකුත් වෙන්නේ නැහැ. අල ගොවියෝ ඒවා වවපුවම විකුනාගන්න බැරිව කුනුවෙයි. ඊට පස්සේ රජය කියයි ගොවියා පිලිවෙලකට වවලා නැහැ කියලා. පසුගිය දවස්වල දඹුල්ලේ ගොවියට වුන දේ දැක්කනේ අපි.(නදී)
අල කාල ඉවරයි එහෙනම් මෝඩ වැඩක්. හේතුව ලංකාවේ අපි අලවලින් ස්වයන්පෝෂිත නැහැ අජිත් කියන එක හරි. ගොවියන්ගේ හිත හදන්න ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ බඩට ගහනවා.(නදී)
මෙහෙම කලාම ගොවියාටත් පාරිභෝගිකයාටත් වැඩක් වෙන්නේ නැහැ. වෙළෙන්දා පොහොසත් වෙන එක විතරයි සිදුවෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන අල රටේ අවශ්‍ය තාවයට ප්‍රමාණවත් මදි. අල වවන්නෙත් එක කන්නයකට,ඒකත් අල වැවීමට සුදුසු පලාත්වල විතරයි. කරන්න තියෙන්නේ ලංකාවේ අල ගලවන කාලෙට මාස 2-3 ට කලින් ලංකාවට අල ගෙන්වීම නවත්වන එකයි. ලංකා අල හිඟ වෙනකොට නැවත ගෙනාවා නම් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. එතකොට ගොවියාත් ගොඩ, පාරිභෝගික අපිත් ගොඩ.(නදී)
නීල්,ඔබත් අල ආනයනය කරන කෙනෙක්ද ? ගොවියට මිලක් නොලැබුණාට අපි අල ගන්න කඩේට ගියහම මිල අධිකම වෙන්නේ ලංකාවේ අලයි (නි)
ඉතාමත් හොඳ දෙයක්. (නි)
ඔන්න අර්තාපල් ප්‍රශ්නෙත් විසඳුනා එහෙනම්. (නි)
මමත් අදම අර්තාපල් වවන්න පටන් ගන්නවා. (නි)
නාමල් ආනයන බදු වැඩි කළහම වෙළෙන්දෝ කරන්නේ මිල වැඩි කරන එක නේ. ලංකාවේ අර්තාපල් අවුරුද්දේ හැමදාම වවන්නේ නැහැ. ඇරත් ලංකා අල රටේ ඉල්ලුමට සපයන්න තරම් ප්‍රමාණවත් නැහැ. බදු වැඩි කලාම වෙන්නේ පාරිභෝගිකයා අමාරුවේ වැටෙන එක විතරයි. (නි)
අල ගොවියා ආරක්ෂා කිරීමටත්, රටේ ධනය විදේශ කරා ඇදී යාම වැලක්වීමට නම් තත්වයෙන් උසස් බීජ සහ පොහොර සහනදායක මුදලකට ගොවියට ලබාදීම කෘෂිකර්ම කටයුතු පිලිබඳ ගරු ඇමති තුමාගේ පරම යුතුකමක්.(නදී)
නියම වැඩක් වැලිමඩ අල ගොවියාට සුබ අනාගතයක්.(නදී)
නියමයි..මෙලෝ රහක් නැති රට අල ගෙන්නවට වඩිය රසක් තියෙන අපේ රටේ අල තියෙන එක හොඳියි....එතකොට මේ නිසා රටින් පිටවෙන විදේශ විනිමය ඉතුරු වෙනවා. (ස)
අජිත් ඔබ හරි.හොද පිලියමක්. මිල පාලනය කිරීමට ඔය දේ කිරීම සුදුසුයි. (නි)
ලංකාවේ ආහාර කල්තියාගන්න කර්මාන්තයක් අවශ්‍යයි. දබුල්ලේ විශාල වශයෙන් තක්කාලි පලතුරු එළවලු විනාශ වෙනවා. තායිලන්තය, ප්‍රංශය ජර්මනිය බෙල්ජියම විශාල වශයෙන් අපනයනය කරනවා. මේක හොද ලාබ ලබන්න වැඩක්. ලංකාවේ තරු 5හේ හෝටල් වලට මේ දේවල් පිටරටින් ගෙන්වන්නේ (නි)
කැළේ ඉන්න මී හරක්ට දළදා කරඬුව වඩම්මන්න දුන්නම වෙන්නේ මේ වගේ දේවල්.(නදී)
කවදා වෙනකම්ද දන්නේ නෑ. බලමුකෝ ? (ස)
ලංකාවේ ගොවිතැනට යන නිෂ්පාදන වියදම අධිකයි. එම නිසා නිෂ්පාදන වියදම අඩු ලාබ ලැබිය හැකි ගොවිතැනකට යොමුවන්න. නැත්නම් වෙනත් කර්මාන්තයකට අතගහන්න අසරණ පාරිභෝගිකයන් තවත් අමාරුවේ නොදමා ! (නි)
රටින් එන අල වලට ආනයන බදු තව ටිකක් වැඩි කළා නම් හොදයි (නි)
ලංකාවේ අහර ප්‍රශ්නයට මුල , එළවලු , පලතුරු ,අල වැනි අහර කල්තබගත හැකි ශීතාගාර පහසුකම් සහිත අහර ගබඩා නොමැති කම. අර්තාපල් ගෙන්වීම වැලක් වීමෙන් අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයින්.(නදී)