IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම් රු. ට්‍රිලියන 1.3ක් ඉක්මවයි

2024 වසරේ දෙවැනි කාර්තුවේ වත්කම් හා සැසඳීමේදී රු. බි. 165ක ඉහළ යාමක්

භානුක අමරසිංහ 

2025 වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රය සතු වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 1,308,840 ක් (ට්‍රිලියන 1.3ක්) ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියමාන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති 2025 දෙවැනි කාර්තුව සඳහා වන සංඛ්‍යා දත්තවල මේ බව සඳහන් කෙරී ඇත. මෙය 2024 වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් මිලියන 1,143,253 ක (ට්‍රිලියන 1.1ක) වත්කම් හා සැසඳීමේදී රුපියල් බිලියන 165ක ඉහළ යාමකි. 

මේ අතරින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 990ක් ලෙස සටහන්ව ඇති අතර, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ එය රුපියල් බිලියන 305 ක් සහ ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රයේ එය රුපියල් බිලියන 12.8 ක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී ජීවිත රක්ෂණ අංශය සතු වත්කම් ප්‍රමාණය 2024 වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 855 හා සැසඳීමේදී සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ යටතේ කොටස් ආයෝජන (සියයට 50කින්), තැන්පතු (සියයට 33කින්), සාංගමික ණය (සියයට 25කින්) යන අංශ සතු වත්කම් ඉහළ ගොස් ඇත.

එසේම සාමාන්‍ය රක්ෂණය සතු වත්කම 2024 වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති රු. බිලියන 276 හා සැසඳීමේදී සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මේ යටතේ ඒකක භාර (සියයට 94කින්), සම්බන්ධිත සමාගම් තුළ ආයෝජන (සියයට 78කින්) සහ කොටස් ආයෝජන (සියයට 59කින්) ලෙස වත්කම් ඉහළ ගොස් තිබේ.

ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම්ද 2024 වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 11.8ට හා සැසඳීමේදී සියයට 9ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ යටතේ රජයේ ණය සුරැකුම්පත් තුළ ආයෝජනය (සියයට 35කින්) ඉහළ ගොස් තිබේ. 

මේ අතර 2020 වසරේ සිට 2024 වසර දක්වා මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම් පිළිවෙළින් රුපියල් බිලියන 796 ක්, රුපියල් බිලියන 890 ක්, රුපියල් බිලියන 950 ක්, රුපියල් ට්‍රිලියන 1.13 ක් සහ රුපියල් ට්‍රිලියන 1.21 ක් ලෙස කැපීපෙනෙන වර්ධනයවීමක් පෙන්නුම් කර තිබේ. 

 



අදහස් (0)

රක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම් රු. ට්‍රිලියන 1.3ක් ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site