UTASL ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී, අසංක හේරත්

සමස්ත යුනිට් ට්‍රස්ට් ආයෝජකයන් සංඛ්‍යාව 147,020 ක් දක්වා ඉහළට‍ 
කළමනාකරණය කෙරෙන සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 610 ක්  
භානුක අමරසිංහ 
යුනිට් ට්‍රස්ට් හෙවත් ඒකක භාර ආයෝජනය සඳහා පසුගිය ජනවාරි මාසයේදී අලු‍තින් ආයෝජකයන් 3,110 ක් එකතු වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය 2025 ජනවාරි මාසයේදී එක් වූ ආයෝජකයන් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 35 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය    (UTASL) පවසයි. 
මෙම නව ආයෝජකයන්ද සමගින් ජනවාරි මාසය අවසන් වනවිට යුනිට් ට්‍රස්ට් හා සම්බන්ධව සිටින ආයෝජකයන් සංඛ්‍යාව 147,020 ක් දක්වා ඉහළ නැග තිබේ. එය පෙර වසරට සාපේක්ෂව සියයට 25.7 ක වර්ධනයකි. විශේෂයෙන්ම සිය සංගමය සහ නියාමන ආයතන විසින් සිදු කරන දැනුවත් කිරීම තවදුරටත් ඉහළ නැංවීම මෙම ආයෝජකයන් එකතු වීමට හේතුව බව එම සංගමය පවසයි. 
මේ අතර ජනවාරි මාසය අවසන් වන විට මෙම යුනිට් ට්‍රස්ට් යටතේ කළමනාකරණය කෙරෙන සමස්ත වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 610 ක්  දක්වා ඉහළ නැග තිබේ.