දකුණු කොරියාවේ කියැං නෑම් සමාගම ශ්‍රී ලංකාවේ මහා මාර්ග හතරක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් දිනාගෙන ඇත.
එහි වටිනාකම ඩොලර් හාරකෝටි තින් නව ලක්ෂය (රුපියල් 5,619,200,000)කි.
කටුගස්තොට අලවතුගොඩ හා පලාපත්වල සම්බන්ධ කරන මාර්ගද දකුණු කොළඹ මැලිබන් හන්දියේ සිට කුරුස හංදිය දක්වා කිලෝමීටර 15ක් ද සංවර්ධනය සඳහා එම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත.
ලෝක බැංකුව හා සංවර්ධන සඳහා වන සෞදි අරමුදල ආධාර සපයයි.
වැඩ ඇරැඹීමට පෙර සියයට 16ක ගාස්තුවක් එම සමාගමට ගෙවීමට නියමිතය.
කිලෝමීටර 45කට ආසන්න එම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසරක් පමණ ගතවේ.
1978 සිට මෙම සමාගම ශ්‍රී ලංකාවේ යටිතල ව්‍යාපෘති 45ක් පමණ නිම කර ඇත.
සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔවුන් මීළඟ සැලැස්ම වියට්නාමය, ඇල්ජීරියාව, ඉතියෝපියාව හා මැදපෙරදිග කොන්ත්‍රාත් දිනා ගැනීම බව එහි ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශිකා දේශීය සමාගම් වගේම ලංකාවේ ශ්‍රම බලකාය හොරකමින්, වංචාවෙන් ඔද්දල්වෙලයි ඉන්නේ. දේශීය කොම්පැනි අවුරුදු 20 වත් හදයි ඔය පාරක්.අපේ අයද අප්පා ලගින් ගියත් කැල්ලක් නැහැ.කියක් වත් වැඩියෙන් දීල හරි කමක් නැහැ කලට වෙලාවට වැඩේ වෙනවනම්. (අ)
බුර්ජ් කලීෆා (ලෝකයේ උසම ගොඩ නැගිල්ල ) හැදුවේ කොරියං සමාගමක්.(නදී) http://www.youtube.com/watch?v=BH19J8ZF4Bk
සුජානි ඔබ වගේ අය ඉන්න කම් මෙරටේ දියුණුවක් හිතන්න අමාරුයි. ඇයි අපේ රටේ හොද කොම්පැනි නැද්ද? නම් කීයක් කියන්නද? (නි)
සනත් ඇත්ත කියන්න ඔයත් ඔය කොම්පැනියේ නේද වැඩ ? කොම්පැනිය පාරවල් හදන්න පටන්ගත්ත දිනය, ඔය කේ කොම්පැනියට ලැබෙන්න තිබුන කොන්ත්‍රාත්තුව වෙන කෙනෙක් කරපු එක සියල්ල දන්නවා. ඕකට තමා කියන්නේ "දීකිරට බළල්ලුත් සාක්ෂිලු " කියලා. (නදී)
බුදු බල සේනාවට කිවුවා නම් හරිනෙ (අ)
අපි කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටින්නට හේතුව නීල් වගේ හිතන නිසාමය. චන්ගුමී හොඳ නිසා කොරියාව හොදය කියා හිතනවා. මම ඔය සමාගමේ වැඩ කරලා තියනවා. මට විවිධ දේවල් දීල ප්‍රමිතියෙන් තොර විදිහට වැඩ කරගන්නට හැදුවා. මම දිගින් දිගටම කීවා මේක මගේ රට. මට කිසිවක් එපා. මගේ රටේ පාරවල් හරි ප්‍රමිතියට හදන්න විතරයි ඕනේ කියලා. එහෙම නොහැකි උනාම මම රැකියාවෙන් ඉවත්කලා. අන්තිමට මගේ නඩුව අවුරුදු ගණනාවක් ඇදිල ගියා. මට ජීවත්වෙන්න අමාරු නිසා නඩුව අතහැර මම පිටරට ගියා. මේ ගැන ඔය සමාගමේ සහ ලංකාදීපය පුවත්පතේ ඉහල මාද්‍යවේදීන් පවා දන්නවා. චන්ගුමී හොද නිසා කොරියාව හොදයි. සුදු අදින නිසා දේශපාලකයා හොදයි. සුදු ගැහැණු ලස්සන නිසා බටහිර හොදයි. ටයි කෝට් අදින නිසා ලොක්කෝ හොදයි කියා හිතන මානසිකත්වය නැතිකර නොගතහොත් රට අමාරුවෙමය. ඔලුව පාවිච්චිකරන්න පුරුදුවෙමු.(නදී)
මේකෙනුත් සමහර අයට පිටරට සවාරි, වෙනත් විවිධ දේ. අපේ අයට කඳුළු ගෑස්, මැර ප්‍රහාර. (ත)
ඇයි රුපියල් 5,619,200,000/- කිලෝ මිටර් 45 දුර පාරකට
ඩොලර් හාරකෝටි තිස් නව ලක්ෂයක්? මේක පාරවල් හැදීල්ලක්ද? පාරවල් ගැහිල්ලක්ද? (ත)
සුජානි, ඔබගේ කවුරුහරි මේ සමාගමෙන් හොදට මුදල් ගරනවා නේද? අපි දන්නවා කිහිප දෙනෙක් ඉන්නවා පරම්පරා ගණනකට ඔතනින් හම්බකරපු. අහිංසක මිනිස්සුන්ගෙන් කපාගත්ත පස් වලට දෙන්න තියන සල්ලි, පාරට කැපෙන ගස් ගණනට තණකොළ ගස් කොස් ගස් ලෙස කියා රජයෙන් මිලියන ගණන් අයකර කොමිස් ගසා එම මුදලින් තම දරුවන්ට ඇමෙරිකාවේ පුද්ගලික ගුවන් පුහුණුව ලබාදුන් අයට ඔය සමාගම සිතු පැතු සම්පත් දෙන කප් රුකක්මය. ලෝකයේ හොදම සමාගමක්මය. මාර්ග ඉදිකිරීම ඇරඹීමට පෙර ප්‍රදේශයේ නඩුකාර හාමුදුරුවෝ, පොලිස් ලොක්කා, කම්කරු කොමසාරිස් හමුවී තුටු පඩුරු දී තමන් අතට ගෙන ඉන්පසු හිතු හිතු ලෙස වැඩකරන සමාගමක්ය. පොලිස් උදවුවෙන් 89 භීෂණ සමයේ කම්කරු අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වූ අය අතුරුදහන් කිරීමට කටයුතු කල සමාගමක්ය. "ගහ දන්නා අපට කොළ කඩා පෑමට එපාය"(නදී)
එතකොට ලංකාවේ ඉන්ජිනේරු සංස්ථාවට, මාර්ග සංවර්ධන අධිකාරියට පාරක් වත් හදා ගන්ට බැහැ. මොකටද පඩි ගෙවන්නේ, ජනාධිපති තුමනි මේ සියල්ලන්වම ගෙදර යවන්න. ලංකාවේ සියලුම විස්වවිද්‍යලවල ඉංජිනේරු පීඨ වහලා දාල ඒ මුදලුත් කොරියාවට දීල තවත් පාරවල් ටිකක් කාපට් කරගනිමු. අප සදා ඔබ සමගයි? (අ)
සමාගමේ නම කියං නෑම් නිසා කොච්චර දුන්නත් නෑ කියල මයි කියන්නේ.(නදී)
අපටත් වඩා පසුකලෙකදී නිදහස ලැබූ මෙම රටවල් අපට වඩා දියුණුයි. අපි ලෝකෙන් නයට කකා බටිහිර විරෝදී පෙළපාලි යමින් සිංගප්පුරුව,තායිලන්තේ, දකුණු කොරියාව, ජපානේ වැනි ඇමරිකාව පස්සේ ගිහින් දියුණු උන රටවල්වලට රස්සාවලට යනවා. අපිත් රට ගැන හිතා හෝ බටහිර පස්සේ ගොස් දියුනුවෙමු.(නදී)
අපේ ඉංජිනේරුවන්ට වැඩක් හරියට කරගන්න පුලුවන් නම් මෙහෙම වෙන්නෙ නැහැනේ (නි)
ලංකාවේ සිදුකරන මහා පරිමාණ ඉදිකිරීම් හැම එකකම අධික ලාබය සදහා ප්‍රමිතිය ඉතා අඩු කර ඇති බවත් එයට සෑම සමාගමක්ම එකම උපක්‍රමය භාවිත කරනබවත් දැනගන්නට ලැබුවෙමි. එම උපක්‍රමය නම් "ලොක්කගේ උපන්දිනේට මේක ඕපන් කරන්න කියල තියනවා,බේබිගේ උපන්දිනේට මේක කොහොමහරි ඕපන් කරන්න කියල තියනවා" කියමින් නිලධාරීන් බියගැන්වීමය.මෙය ඇත්තක් බව හැගවීමට අල්ලස් දීම තුලින් ප්‍රාදේශීය දේශපාලකයා හරහා කියවීමද තව උපක්‍රමයකි.ප්‍රමිතියට කිරීමට බල කරන විට "හරියට කරන්නම්.හැබයි ලොක්කට ඕනේ දවසට දෙන්න බැරිඋනොත් ඔයාම බලාගන්න.මෙන්න මම ඇමතිතුමාට කෝල් එකක් අරන් දෙන්නම් ඔයාම කියන්න" කියනවලු.(අ)
දිනුම කොරියාවට , නය බර මගේ දුදරුවන්ටයි (අ)
කෝ අපේ ඉංජිනේරුවෝ එතකොට? (නි)
සංදර්ශනයට යන මුදලත් මේකට ඇතුලත් කලාද.(අ)
මේ සමාගම ලෝකේ හොදම සමාගමක්. මේවගේ සමාගම් වලට කියක් දුන්නත් පාඩු නැහැ. (අ)
පසුගිය කාලේ චන්ගුමී බැලූ උදවිය දැන් අභීත දියණිය දිහා බලා ඉන්න නිසා කොරියාව දිහා කොහොමත් වපරැහින් බලන එකක් නැහැ. චීන්නුන්ට වැඩිය කොරියන්කාරයෝ වැඩට හොඳයි. නමුත් කොරියාව සිංගප්පුරුව මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටවල්. යම් යම් නොවැලැක්විය හැකි හේතු නිසා දශක ගණනක් ලංකාවට වෙනත් ගමන් මගක පියනගන්න සිදුවුනත් දැන් අප තවදුරටත් වෙනත් රටවල් පස්සෙන් යන්න අවශ්‍යම නැහැ. 30 අවුරුදු යුද්ධයෙන් පසු ආරම්භයක් ලෙස මෙවැනි දේ අගය කලහැකි වුවත් දිගින් දිගටම විදේශීය සමාගම් මත හා විදේශීය ණය මත අප රඳා පැවතිය යුතු නැහැ. (නි)
අපේ රටේ දේ දියුණු කරලා රට ගොඩ නැංවීමට සබැ කැපවීමක් අවශ්‍යයි. නමුත් එවැනි වැඩකින් ඡන්ද දිනන්න පුළුවන්දැයි සැක සහිතයි. අද රටට අවශ්‍ය ක්ෂණික නුඩල්ස්, ඒ නිසා ලේසිම දේ තමයි අපේ නොදියුනුකම් පිටරටුන් ලවා පිරිමස්වා ගැනීම. අපිට ඕන රට ගොඩ ගැනීම නොවේ, සංවර්දනේ පිටරටින් ආනයන කිරීමයි. බලලා මැටියෙන් උනත් මියෝ අල්ලනවනම් මොකෝ කීවෙත් අපිමනේ.(නදී)
පාරවල් හැදුවේ නැති වුනාමත් බණිනවා. හදන්න සල්ලිත් නැහැ.ණයට අරන් හැදුවාම ඒත් බණිනවා. අනේ මන්දා මොනවා කරන්න ද කියලා.......... (නි)
අනුශාෂනාව,මෙහෙයවීම,යෝජනාව,පරිත්‍යාගය,සහභාගිත්වය, අදීක්ෂණය වගේ ලෝකෙ තියන හැම පුරාජෙරුකාර වචන ටික ඔක්කොම දාල හදන සමරු ඵලකෙට කියක් වෙන්කරාද. විවෘත කිරීමේ සංදර්ශනයට කියක් වෙන්කලාද?(නදී)
අපි කොරියාවේ ඉදන් එවන විදෙස් මුදල් ආපසු මෙයාලටම දෙනවා. අනික එතරම් මුදලක් පාරකට? (ත)
කොහොම වුනත් මේ සාමාගම මා දන්නා තරමින් පාරවල් හදන්න පටන් ගත්තේ අපේ රටේ ඔය කියන මාතලේ පලපත්වෙල හරහා හබරණ දක්වා පාර. එහි ගැරන්ටි එක අවරුදු 20 ක් ලු. තාමත් ඒ පාර නම් හොඳට තියෙනවා ඒ වගේ හොඳට මේකත් හැදුවොත් නම් හොඳයි. ඊට අවුරුදු 12 කට විතර පසු හදපු අලවතුගොඩ හරහා මාතලේ නුවර පාරත් දැන් අබලන්. ඒක හැදුවේ වෙන කොම්පැනියක්. (නි)
මගේ රටට දළදා හිමි පිහිටයි ..(අ)
හොර කොන්ත්‍රාත් කරයො , පගා ගහන නිලධාරීන්, දේශපාලකයෝ මේ අය නැති උනා නම් වැඩේ අපිටම කරගෙන මේ සල්ලි අපේ රටේම රඳවා ගන්න තිබුනා.(නදී)
පද්මා ,දේශීය සමාගම් රුපියල් 100 ට වැඩේ අරන් රුපියල් 60 කට පාර හදලා රුපියල් 40 ක් හොරකම් කරනවා. එම වැඩයම විදේශීය සමාගමක් රුපියල් 1000 ට අරන් රුපියල් 75 කට පාර හදලා රුපියල් 975 ක් රටෙන් අරන් යනවා. රුපියල් 60 පාරට වඩා රුපියල් 15 වැඩියෙන් දාල රුපියල් 75 ට හදපු නිසා රුපියල් 75 පාර හොදයි. මේක දෙකේ පන්තියේ ගණනක්. පද්මා නිකන් ඉන්න වෙලාවට හදල බලන්න. ගණන හදන ගමන් දේශීය සහ විදේශය කියන දෙකේ වෙනසත් රටට ආදරේ තියන වැඩිහිටි කෙනෙකුගෙන් නිකමට අහල දැනගන්න .දේශිකාට පොඩි කාලෙම දෙමුපියෝ තේරුම කියල දීල තියනවා. ඒ නිසා ඔබට ඔය නම හරියටම ගැලපෙනවා.(නදී)
පද්මා එහෙම කියන්න එපා "මාග "කියන්නේ ලංකාවේ අංක 1 සමාගමක්, ඒවගේම තමයි ඉහළම ප්‍රමිතියට නියමිත වෙලාවට වැඩ කරන සමාගමක්.බලන්න දකුණු පැත්තේ ගිහින් කොයි තරම් හොදට පාරවල් හදල තියනවද කියල.ලංකාවේ මිනිස්සුන්ට අපේම දේවල් අගේ නැ .පිටරටින් නම් ඕන දෙයක් ඉහලින්ම බාරගන්නවා.(අ)
නිට්ටඹුව -නුවර පාර වගේ නොවේවා (නි)
මෙහෙම සමාගම් වලට දෙනවට වැඩිය අපේ රටේ " මාග " වගේ සමාගම් ගොඩක් හොදයි.අඩුම තරමේ අපේම නිසා රටට ආදරෙන් වැඩ කරනවා.අනික් කාරණය තමයි චීන සමාගම් ලෝකේ මුල් අංක 10 ඇතුලේ තියනවා .අපිට ඉතින් ටිකක් වැඩිය පඩියක් දෙනවා නම් ඒක තමයි ලෝකේ හොදම සමාගම (නි)
ඇත්ත. වැඩබැරි දාසල වැනි දේශපාලකයෝ, පගා මරුවෝ, හොර කොන්ත්‍රාත් කාරයෝ නැති අපේ පැරණි රාජකාරික්‍රමය නවීකරණය කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව මා නිතරම අවධාරණය කරනවා. අපේ ගුවන් හමුදාවට තනිවම මී. 1500 දිග ගුවන් පථයක් හදන්න පුළුවන් උනානම් කිමී. 45 ක පාර හදන එක කජුකනවා වගේ වැඩක් අපේ කොල්ලන්ට.(නදී)
ලංකාවේ මාර්ග සංවර්දන අමාත්යන්සයත් කොරියාවේ කියැං නෑම් සමාගම වගේම ලෝකේ පුරාම මාර්ග සංවර්දන කොන්ත්‍රාත්තු දිනාගෙන අපේ මව්බිමට රට සල්ලි දෝරේ ගලවන දිනය වැඩි ඇතක නැහැ.(නදී)