මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අභියෝගතා කුසලතා T20 ලීග් ක්‍රිකට් තරගාවලිය-2026 තෙවැනි වරටත් මඩකලපුව, කොඩ්ඩමුනෙයි ක්‍රීඩා ගම්මානයේදි පසුගියදා පැවැත්විණි. එහි ශුරතාව දිනාගැනීමට Colombo Challengers කණ්ඩායම (ප්‍රධාන කාර්යාලය, කොළඹ උතුර හා දකුණ ප්‍රාදේශික) සමත් වූ අතර, අනුශුරතාව United Lions කණ්ඩායම (නුවරඑළිය, බදුල්ල හා මොනරාගල ප්‍රාදේශික) විසින් හිමිකරගන්නා ලදි.

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය K.G.P. Fights කණ්ඩායම (කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම ප්‍රාදේශික) සහ සිව්වැනි ස්ථානය United Titans කණ්ඩායම (ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව සහ අම්පාර ප්‍රාදේශික) දිනාගන්නා ලදි. එමෙන්ම දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානය K.G.P. Fights හි සිනෙත් දේවප්‍රියට හිමිවූ අතර, දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය K.G.P. Fights උදේෂ් විජේරත්නට  හිමිවිය. තරගාවලියේ වීරයාට හිමි සම්මානය Colombo Challengers හි රසික සම්පත්ට හිමිවිය.

මෙම ලීග් තරගාවලිය දින අටක් පුරා පැවති අතර, කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුණහ. අවසන් මහා තරගය ද ඇතුළුව තරග 16කින් සමන්විත වූ මෙම තරගාවලියට මහජන බැංකු කාර්ය මණ්ඩලයේ ක්‍රිකට් ක්‍රිඩකයෝ 120 දෙනෙක් සහභාගී වූහ.

මෙහි අවසන් මහා තරගය 2026.06.20 දින මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.