ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන 2026 අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ වන මුදල් ප්‍රතිපත්ති මණ්ඩල තීරණය ලබන සැප්තැම්බර් 30 (බදාදා) දැනුම් දෙන බව මහ බැංකුව පවසයි. මහ බැංකුවේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය ජූලි 22 වැනිදා පැවැත්වුණි. 

එම අවස්ථාවේදී මහ බැංකුව සිය එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පැවැති සියයට 8.75 ක අගයේම පවත්වාගෙන යාමට පියවර ගත්තේය. කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී මෙරට ජාතික උද්ධමනය සියයට 8.1ක ප්‍රතිශතයක් ගෙන ඇති අතර, ඉහළ උද්ධමනය පාලනය සදහා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් දැඩි කරනු ඇතැයි අදහස වී තිබේ.