IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාස දෙකකදී තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි

(තිළිණි ද සිල්වා)

කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරට අපනයන ක්ෂේත්‍රයේ පවතින අසීරුතා මධ්‍යයේ වුවද පසුගිය මාස දෙක තුළදී මෙරට තේ සහ ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 584 ක් රටවල් තුනකට අපනයනය කිරීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මෙට්‍රික්ටොන් 344 ක් තුර්කියට ද ල මෙට්‍රික්ටොන් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතරල ශීත කළ ආහාර මෙට්‍රික්ටොන් 30 ක් ඕමානයට අපනයනය කීරීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පීගඑම්ග අම්සා මහතා පැවසීය.

විදේශ අමාත්‍යාංශයේිආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ ල අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලයේ සහයෝගයෙන් මෙම අපනයන සිදු කිරීමට හැකිවූ බද විදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කීය.

මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්ල ඉකුත් අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායමල මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතරල එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අභියෝගාත්මක තත්වයට පිළියම් ලෙස නව වෙළඳපොළවල්  සොයා ගැනීම මෙන්මල ශ්‍රී ලංකාවේ තේල රබර් සහ නැවුම් හා සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවත් විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පෙන්වා දේ.

ඒ යටතේ පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ නව නිෂ්පාදනයන්ට අදාළ වූ වෙළඳපොළ ඉලක්ක යටතේ මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් දල ආරක්ෂිත ගවුම් සදහා නව වෙළඳපොළ 17 ක් දල රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද ල අත් සනීපාරක්ෂක ද්‍රව්‍යය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේවන විට අපනයනයන් ක්‍රියාත්මක වන බවද පීගඑම්ගඅම්සා මහතා කියා සිටී.

ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒ යටතේ පොල්ල සැකසූ ආහාරල මුහුදු ආහාරල කුළුබඩු ද්‍රව්‍යල සැපයුම් සේවාල මුද්‍රණ කටයුතුල පිඟන් සහ පෝසිලේන් භාණ්ඩල ආයුර්වේද සහ ශාකසාරල ශරීර සුවතා නිෂ්පාදනල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ල ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍ර සඳහා නව වෙළදපොළවල් ඇති කර ගැනීමටද රජය කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මෙම අපනයන කිරීම් හා නව අපනයන වෙළඳපොළවල් සකස් කීරීම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත  මණ්ඩල සහ පෞද්ගලික අංශය දල ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් සිටිති.



අදහස් (2)

මාස දෙකකදී තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි

Bamunuarachchi Tuesday, 16 June 2020 05:00 AM

අපේ තේ බාලකරන රටේම කර්මාන්තකරුවන් ගෝල්ෆේස් පිටියට ගෙනැල්ලා බෙල්ල උඩට සිටින්න වළලලා ගල්ගසමු. අකමැති කෙනෙක් ඉන්නවද?

:       1       11

ravi Thursday, 18 June 2020 08:48 AM

හුඟක් දියුණු රටවල්වල ලංකාවේ තේ විකිණීම සහ බීම අඩුවෙලා... මෙලෝ රහක් නැහැ. කිසිකෙනෙක් බොන්නේ නැහැ. මේ හුඟක් රටවල්වල වෛද්‍ය ආයතන මගින් අපේ තේවල තිබුණු වස, විස, රසායනික... මනුස්සයින්ට අහිතකර දේවල් සොයාගන්නට ලැබීමත් අපේ තේවල අහේතුවට කරුණක්... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site