ලබන වසරේ ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වීමට නියමිත එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම හා ඒ ආශ්‍රිත සියලු වැඩකටයුතු සම්පාදනය කිරීම ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතාට පවරා ඇති බව වෙළද හා වාණිජ අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා එසැණට පැවසිය.
ලෝකයේ නොයෙක් වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහභාගී වී හොද අත්දැකීමක් ඇති ජයකොඩි මහතාට ඇති බැවින් මිලානෝ එක්ස් ෆෝ වැඩසටහනද ඔහුට බාරදුන් බව ලේකම්වරයා පැවසුහ.
මෙතුවක් කල් ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් ඉදිරිපත් ජයකොඩි මහතා රටට ගෙනා ප්‍රතිලාභ කවරේදැයි එසැණ කල විමසුමට වෙළද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ සොයා බලා ඉදිරියේදී ඒ පිලිබදව පවසන බවයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා කියනුයේ ජයකොඩි මහතා මිලානෝ එක්ස් ෆෝ වෙළද ප්‍රවර්ධන වැඩසටහන මගින් කරන සියලු කටයුතු රෝම තානාපති කාර්යාලයේ අනුදැනුම මත කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එකකට ගියා. මෙහි කරන්නේ සල්ලි හොයන එක රට ගැන කිසි තැකීමක් නැත (දී)
හොද වැඩක් (දී)
මේ කතාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, සුභපතනවා මම ඔබට (දී)
ජපානයේ ශ්‍රී ලංකා හෝටල් ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමියා වුයේ හියුබට් ජයකොඩි මහතාය. ජපානයේ ඇති හෝටල් සමුහය සඳහා ලාංකිකයින් විශාල පිරිසකට ජපානයට යාමට දොර ඇරින. ඔවුන්ගෙන් සමහරක් අද ජපානයේ හෝටල් හිමියන්ය. ලංකාවේ මැණික් ව්‍යාපාරය ජපානයේ ප්‍රචලිත කලේ මෙතුමාය. ජපන් භාෂාවෙන් (රන් හනා )ඕකිඩ් මල් ලංකාවෙන් ජපානයට යවා විදේශ විනිමය උපයා දුන්නේය. ජපන් ජාතිකයින් හා ලාංකිකයින් විශාල පිරිසක් අද එතුමාගේ සේවකයින්ය. කරුණාතිලක අමුණුගම මහතා තානාපති වශයෙන් සිටියදී , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරය කවුන්සිලය ආරම්භ කිරීමත්,ආරම්භක සභාපති වරයා ලෙස රට වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන එතුමා 2015 ලෝක වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පත් කර ගැණීම රටට සේවයක් මිස එතුමාගේ පෞද්ගලික ලාභයක් කිසිදා බලාපොරොත්තු නොවෙන මනා පෞරුෂත්වයක් ඇති නිහතමානී පුද්ගලයෙක් බව මා සඳහන් කරන්නේ සත් භාවයෙනි. (නදී)
අනේ ගාමිණි-සිරි බහුබූත දොඩවන්නේ නැතුව ඉන්න. (දී)
මට මේ ජනතාව අහන්නේ ඔය ගැන ඇත්තටම (දී)
මියගිය 'අහවල්' ජනාධිපති වරයාගේ කාලයේ මොහු කල කෙරුම් කවුරුත් දන්නවා. මෙයා හිටපු ගමන් පැත්ත මාරු කරලා වත්ද? (අ)
අපේ රට වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය දිරිය ලැබේවා (දී)
කව්රු හරි කමක් නැහැ මෙතැනදී රට සේවයක් වෙන කෙනෙක් දාන්න ඕන (දී)
සෙනරත් ආනන්ද මල්ලී ,යමක් තේරුම් අරගෙන ප්‍රතිචාර දැක්වීම ඉතා අගයකොට සලකනවා.ඔය කියන කාට, කාටත් ඉතිහාසයක් තියෙනවා. යමෙක් උපදිනවිට රන් කහවනු මිට මොලවා ගෙන එන්නේ නැහැ. වියාපාරික ලෝකයේ පෙරමුණේ අදටත් ඉන්නේ උත්සාහයෙන් දිරිමත් වුවන් අතරින් ,හියු .ජේ.ශ්‍රේෂ්ටයෙක් , ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් මා දන්නා පමණින්.මේ තනතුර දුන්නා කියලා ගුවන් ටිකට් පත,නවාතැන් පහසු කම් ,සේවකයන් උදෙසා ,රජයෙන් කිසිදු දීමනාවක් දෙන්නේ නැහැ. මේවා අතින් කාලා හරක් බලන වැඩ . සම.. හරක් ...නොදන්නා කමින් කියන පුරසාරම් .. හීත් කලකිරවන කතා.ලංකාවේ නිෂ්පාදන ලෝක වෙළඳ පොලට හඳුන්වා දීමෙන් රටට සේවයක් මිස ,ජපානයේ එතුමාගේ ව්‍යාපාර වලට කිසිම රුකුලක් සිදු නොවේ. (දී)
මම මේ ඇත්තමයි කියන්නේ මට නම් වැඩක් නැහැ (දී)
ලංකාවේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා විසදනවානම් (දී)
නියමයි සුභපැතුම් (දී)
එතුමා විශාල දණයක් වියදම් කරලා මෙවැනි බාරදුර වගකීමක් බාර අරන් තියෙන්නේ සියලු ශ්‍රී ලාංන්කිකන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපි ඒ දේ අගේ කරමු. එතුමා මේ කරන්නේ සේවයක් ඒක අපේ රට වෙනුවෙන්. ඉතිහාසය ගැන නොවේ වර්තමානේ ගැන මම කියන්නේ.(නදී)
පෞද්ගලික ලාභයක් කිසිදා බලාපොරොත්තු නොවෙන කෙනෙක් ව්‍යාපාර කරන්නේ කොහොමද? (නදී)
ලංකාවට ආර්ථික වාසි ලබාගන්න (දී)
මේ මහතා අනූවේ දශකයේ මුල එයා ලංකා එක "" හියු ජේ මල් ප්‍රවාහන සේවය "" හැටියට පාවිච්චි කළා. ඉතා විශාල මගීන් ගණනක් ඉන්න ගුවන් ගමන් අවලංගු කර මල් ගෙනයන ගමනාන්ත වලට යෙදෙව්වා. ඉතාම ජනප්‍රියව තිබු කටුනායක/ සිඩ්නි /මෙල්බෝර්න් / කටුනායක ගුවන් ගමන සහ මුලින්ම නවතා දැම්මා (අ)
මේ මහත්තයා දුලංජලී ප්‍රෙමදාස මියගේ මාමණ්ඩිය නොවේ ද? (නදී)
මෙයාගේ ඉතිහාසය අපටනම් මතකයි සමහරුන්ට මතක නැත. (නදී)
එක්තරා අගමැති වරයකුගේ කාලයේ 'එයාර් ලංකා' ගුවන්සේවයේ තම භාණ්ඩ නොමිලේ පැටෙව්වේ කවුද? ලංකාවේ පුරා වස්තු මංකොල්ලකරුවන් මේ පාඨකයන්ට මතක නැද්ද? (නදී)
අපේ සහය ලබා දෙනවා සුභ පැතුම් (දිල්)
ගාමිණී සිරි ඔයාගේ කතාව හරියට හරි. අපි මිලානෝ සියලු දෙනා ජයකොඩි මහතාට මේ වැඩසටහනට සම්පුර්ණ සහයෝගය දෙනවා, අපේ රට වෙනුවෙන් (දිල්)
අපේ ගාල්ලේ හියුබට් නේද ? අපේ ආශීර්වාදය ඔබට ජයවේවා ! (නදී)