තිළිණි ද සිල්වා
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පළමු මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,582,835ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
ඒ අනුව පසුගිය 2017 වසරේ මුල් මාස අටේ දී මෙරටට පැමිණි 1,406,854 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙවර සංචාරකයින් පැමිණීම 12.5% කින් ඉහළ යාමක් යැයි එම අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තා වල සඳහන් වේ.
මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් දෙලක්ෂ තුන්සිය පනස් නමදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉකුත් වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේ දී එය සියයට 4.9 ක ඉහළ යාමක් යැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
පසුගිය අගෝස්තු මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් 10 ලෙස පිළිවෙලින් ඉන්දියාව, චීනය , එක්සත් රජධානිය ,ප‍්‍රංශය , ජර්මනිය , ඕස්ටේ‍්‍රලියාව , මාලදිවයින , සෞදිඅරාබිය ,නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය සඳහන් කර තිබේ.
ඒ අනුව ඉන්දියවෙන් 32,115 ක්ද , චීනයෙන් 26,507 ක්ද , එක්සත් රාජධානියෙන් 23,643 ක්ද , ප‍්‍රංශයෙන් 11,016 ක්ද , ජර්මනියෙන් 10,806 ක්ද , ඕස්ටේ‍්‍රලියාවෙන් 8239 ක්ද , මාලදිවයිනෙන් 6880 ක්ද , සෞදි අරාබියෙන් 6517 ක්ද , නෙදර්ලන්තයෙන් 6182 ක්ද , ස්පාඤ්ඤයෙන් 5782 ක්ද වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
ජූනි මාසයේ දී පැමිණි 200,359 ක්වූ සමස්ත සංචාරකයින් ප්රමාණයෙන් 661 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා වල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ලංකාවට වැඩට එන හොර කම්කරුවනුත් සංචාරක ගොඩට වැටෙනවා.
ඔයිටත් වඩා ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ ගුවන් තොටුපොළේ සේවකයෝ කඩිසර උනොත් නීති ගරුක උනොත්.උදේ පාන්දරට පෝලිම් පිරිලා කවුන්ටර් වල ඉන්නේ දෙතුන් දෙනයි.(ආගමන විගමන) විදේශිකයෝ අමා දුක් විදිනවා.සමහර අයට නීති ප්‍රශ්න.අන්තර් ජාලයෙන් ගන්න විසා බලපත්‍රය වලංගු නැ කියනවා.මිනිස්සු රස්තියාදු කරනවා. ගුවන් ගමන් මහන්සිය අතරේ අපේ ගුවන් තොටුපොලෙත් රඳවාගෙන ඉන්නවා පැය ගණන්. එපා වෙනවා.