මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි මුහුදු ජලය පිරිසිදු කර පානීය ජලය නිපදවීමේ මධ්‍යස්ථානය අක්‍රියව පැවතීම නිසාවෙන් එරටට අවශ්‍ය සහන සැළසීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්ව සිටින බව විදේශ අමාත්‍යංශය කියයි.
ආපදාව නිසා මාලේ අගනුවර වැසියන් 130000 පමණ පානීය ජලය සපයාගත නොහැකිව පීඩා විඳී.
තත්ත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පානීය ජල බෝතල බහාලූම් කිහිපයක් පසුගියදා මාලදිවයින වෙත ප්‍රවාහනය කෙරුණි.
විශේෂ මානවවාදී මෙහෙයුමක් අරබමින් මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට අවැසිව තිබූ පැනල කිහිපක් සිංගප්පූරුවේ සිට ගුවන් මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රි ලංකා ගුවන්හමුදාව පසුගියදා කටයුතු කළේය.මේ පුවරු සාමාන්‍ය ගුවන්යානා වල ප්‍රවාහනය කිරීමට නොහැකි බව සඳහන් අතර මාලදිවයින රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජනපතිවරයා ප්‍රවාහන ගුවන්යානා යොදාගෙන අදාළ මෙහෙයුම කරන්නැයි ගුවන්හමුදාවට උපදෙස් දුන් බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.බැරෑරුම් කොටස අවසාන යැයි මාලදිවයිනේ රජය නිවේදනය කර ඇත.
ඉන්දියාව, චීනය, බංගලිදේශය වැනි රටවල්ද මාලදිවයිනට සහය ලබාදීම සදහා ඉදිරිපත්ව සිටී.මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට වැයවනු ඇතැයි ගණන් බලා ඇති ඩොලර් ලක්ෂ 200 ක මුදලින් ඩොලර් ලක්ෂ 55 ක මුදලක් චීනය විශේෂ ආධාර ලෙස ලබාදී තිබේ.
මධ්‍යස්ථානය නැවත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුපස්වල මිනිස්සුත් වතුර නේද ඉල්ලුවේ? දුන්නේ වෙඩි(අ)
පිහිට විය යුතුයි. (අ)
එක නම් හොදයි තමයි! කරදරයකදි අනුන්ට පිහිට විය යුතුයි. (අ)
එ්ක නම් හොදයි තමයි! එ්ත් ඔය කිට්ටුව ලොකුතැනගේ කුට්ටලියෙකුගේ මොකක් හරි කම්මලක් තිබ්බ නම් ගුවන් හමුදාව යවල රතු පස්වල පානීය ජලය නැතුව හිටපු මිනිස්සුන්ට කරපු උදව්වම කරාවිද දන්නේ නෑ! (අ)
එ්ක නම් හොදයි තමයි. එ්ත් ඔය කිට්ටුව දේශපාලඥයෙකුගේ මොකක් හරි කම්මලක් තිබ්බා නම් ගුවන් හමුදාව යවල රතු පස්වල පානීය ජලය නැතුව හිටපු මිනිස්සුන්ට කරපු උදව්වම කරාවිද දන්නේ නෑ (නදී)
මේ ජනතාවට උදව් කළ යුතුයි.(හේ)
එක නම් හොදයි තමයි!(හේ)
එක නම් හොදයි තමයි. එ්ත් රතුපස්වලට නම් මෙහෙම සැලකුවේ නැහැ (නදී)
ලංකාවේ වතුර නැතිව මිනිස්සු දුක් විදිනවා .වතුර ඉල්ලලා සමහර අය සටන් කරනවා .මෙයාලට අනික් රටවල් ගැන දුකයි (අ)
චතුරංග ඔබගේ වචනය හරි.(හේ)
පුළුවන් විදියට අපේ රටෙන් මොන දේ හරි කමක් නෑ යවන්න.(හේ)
මාලේ ජනතාවට වතුර නැතුව දැන් දුක් විදින්නේ.පවු අසරණයින්.(හේ)
දැන් ඒ අසරණයන්ට උදව් කරන්න ඕනේ.ඒක ලොකු පිනක්.(හේ)
චතුරංග ඔබගේ වචනය හරි (නදී)
අපේ ආණ්ඩුව ඉඳල හිටලා හරි පින් දහමුත් කරනවා එහෙනම්. යන තැනටත් ගෙනියන්න යමක් තියෙන්නේ ඕනනේ. (නදී)
මාත් මාලදිවයින රටේ හිටිය කෙනෙක් මටත් දුකයි (නදී)
මාත් මාල දිවයින් රටේ හිටිය කෙනෙක් මටත් දුකයි (නදී)
මේක ලොකු පිනක් (නි)
ෆොන්සේකා, හැමදෙයක්ම දේශපාලන කෝණයකින් බලන්න එපා. 2004 සුනාමිය ගැන හිතන්න. දුප්පත් රටවල් අපිට මොනතරම් උදව්කළාද? (නි)
රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දේවල් ඕනා. සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළා. (නදී)
රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දවල් ඕන . සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළාද නැද්ද (බ)
රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දේවල් ඕන . සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළේ නැද්ද .(හේ)
මානව හිතවාදී ඇසින් මෙය දකින කාරුණික ඔයාලා ෆොන්සේකා වගේ මිනිස්සුන්ගේ අදහස් ගැන කලබල වෙන්න හෝ කලකිරෙන්න එපා. (නදී)
චතුරංග විතාරණ මහත්මයාණෙනි ඔබගේ අදහසට මගේ ප්‍රණාමය.(හේ)
මේ වගේ වෙලාවක නැති උදව් වෙන මොන වෙලාවේ දෙන්නද ? මේ අපේ අසල්වැසි රටක් නේද ? (නදී)
ෆොන්සේකා වගේ අය ඉන්නකන් අපේ රට ගොඩ ගන්න බෑ. අපි ඉන්නෙත් මාලේ. අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට වතුර ටිකක දෙන එක මහින්ද කලත් රනිල් කලත් මෛත්‍රී කලත් උතුම් දෙයක්. එ්ක අගය කරපු හැම දෙනාටම ස්තුතියි (නදී)
මොන ප්‍රශ්ණයක් ආවත් දේශපාලනය විදියට බලන්නේ මොලේ අමාරුකාරයෝ අනුකම්පා කරන්න (නදී)
මෙම ක්‍රියාව මානුෂිය වශයෙන් සත් ක්‍රියාවක්, භූ දේශපාලනිකව ගත්විට වත්මන් ලෝකය තුල රටකට තම ප්‍රතිරූපය ඉදිරියට ගෙන ඒමේදී මෙවැනි දේ සදහා ද ඉදිරිපත් වීම සාධනීය ප්‍රතිපල ගෙන එන්නක්. (නදී)
ෆොන්සේකා වගේ කෙනෙක් අපි වගේ මාලේ රස්සාවට ආව නම් තේරේවි දුක, පීඩාව කියන එක. අපි එවන රන්කාසි වලින් ඔයාලා බෙහෙත් හේත් ලාබෙට අරං බොනව කියල අපේ හිතේ කිලුටක් වත් නෙතේ කඳුලක් වත් නැහැ. (නදී)
ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)
ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)
ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)
ඉතා හොඳ ක්‍රියාවක්. ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්. (ර)
අනිත් රටවලත් ලංකාවේ මිනිස්සු ඉන්නවා ෆොන්සේකා මහත්තයා. මාලදිවයින කියන්නේ ලංකාවේ මිනිස්සු සැහෙන ජීවත් වෙන රටක්. එයාල හම්බ කරලා එවන සල්ලි වලින් සැහෙන දායකත්වයක් තියෙනවා ලංකාවේ අදායමට. ඒ නිසා එහෙම කියන එක හරි නැහැනේ. (නදී)
අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ ලිඳ හිදිලා ළමයි වතුර නැතුව අඩනවානම් ඔයාගේ ලිදෙත් තියෙන්නේ වතුර ටිකයි වුනත් ඔයත් අසල්වැසියාට වතුර ටිකක් නොදී ඉන්නේ නැහැ නේද ?ෆොන්සේකා මහත්තයෝ . (අ)
මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මාලදිවයින් ජනතාවට අපි උදව් කළ යුතුයි.(හේ)
සියළුදේම දෙස දේශපාලන ඇසකින් බලන ලෝකයක දැනුවත්කමින් අදහස් දැක්වූ සැමට තුති! (නි)
මාල දිවයින රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් අපිට හිතවත් රටක්. ඒ නිසා ඒ රටවැසියන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක යහපත් වැඩක්. (ර)