IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැයි සංචාරක පැමිණීමේ සියයට 18.5 ක වර්ධනයක්

ඉලක්කය සපුරා ගන්නට බැරිවෙයි


අප්‍රේල් මාසය සමග සැසදීමේදී සියයට 31 කින් පමණ පහළ යාමක්
දිනපතා සංචාරක පැමිණීමේ සාමන්‍යයද 5,820 සිට 4,288 දක්වා පහළට


විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය මැයි මස පළමු වැනිදා සිට 31 වැනිදා දක්වා මෙරටට සංචාරකයන් 132,919 ක් පැමිණ ඇති බවත් එය 2024 මැයි මාසයට සාපේක්ෂව සියයට 18.5 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසය සමග සංසන්දනය කිරීමේදී මැයි මාසයේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සියයට 31 කින් පමණ පහළ ගොස් ඇත. එසේම දිනපතා සංචාරකයන්ගේ පැමිණීමේ සාමන්‍යයද 5,820 සිට 4,288 දක්වා පහළ ගොස් තිබේ.
2024 මැයි මාසයේදී මෙරටට සංචාරකයන් 112,128 පැමිණ තිබිණි. මැයි මාසයේදී 165,118 ක සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක කර්මාන්තය ඉලක්ක කර තිබුණත් එම ඉලක්කය සපුරා ගැනීමට සංචාරකයන් 32,199 ක් එසේත් නැතිනම් සියයට 20ක් හිඟ විය. ඒ අනුව මෙම වසරේ මුල් මාස 5 තුළදී මෙරටට පැමිණි සංචාරකයන් ගණන 1,029,803 කි. එය පසුගිය වසරේ පළමු මාස පහ සමග සංසන්දනය කරන විට සියයට 20 ක වර්ධනයකි.
මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමට සංචාරක අමාත්‍යාංශය ඉලක්ක කර ඇති අතර එම ඉලක්කය සපුරා ගැනීම ඉතිරි මාස 07 තුළදී මෙරටට සංචකරයන් 1,970,197 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉතිරි මාස 07 දී සාමාන්‍යයෙන්, මසකට මෙරටට සංචාරකයන් 282,000 ක් පැමිණිය යුතුව ඇත. එහෙත් පළමු මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය 206,000 කි.
මෙම මසදී මෙරටට සංචාරකයන් 112,128 ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර සංචාරක කර්මාන්තය අපහසු ඉලක්කයක් පසුපස හඹා යන බව විශේලේෂකයෝ පෙන්වා දෙති. මෙරටට මාසයකට පැමිණෙන සංචාරකයන්ගේ ගණන 282,000 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු වර්ධනයක් අවශ්‍ය බවද ඔවූහු පවසති.



අදහස් (1)

මැයි සංචාරක පැමිණීමේ සියයට 18.5 ක වර්ධනයක්

Kamal Koyrala Wednesday, 04 June 2025 01:29 PM

ආදායම් ඉලක්ක සපුරා ගැනීමටම කියා පැමිණෙන සියල්ල පිළිගත යුතු නොවේ. ඒ සමගම එන බෝවන රෝග බහුල රටවල් වල සංචාරකයන්ට තාවකාලිකව වීසා අත්හිටුවිය යුතුව ඇතත්, ගුවන් තොටුපළ පරිශ්‍රෙය් සිට පරීක්ෂණ කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site