IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


මොබිටෙල් උපහාර ඉන්ටෙනේට් පැකේජය එයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රජයේ සේවකයනට උපහාර ඉන්ටර්නෙට් සමාගම විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය ද සමග එක්ව උපහාර ඉන්ටර්නෙට් පැකේජය රජයේ සේවකයනට හඳුන්වා දෙයි. 2008 දී රජයේ සේවකයනට මෙබිටෙල් උපහාර පැකේජය දුන් මොබිටෙල් සමාගම තවත් පියවරක් ඉදිරියට යමින් රජයේ සේවකයන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් දැනුම වැඩි කිරීමේ අරමුණින් මේ පැකේජය හඳුන්වා දෙයි. මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මෙම පැකේජය අරඹමින් පැවැසූයේ තම සමාගම හැම විටම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනයට රජයට සහාය දෙන බවයි. මෙම පැකේජය අනුව උපහාර පාරිභෝගිකයනට නොමිලයේ ඩොංගල් සපයයි. ආකර්ශනීය සේවාවකට හිමිකම් කියන පරිභෝගිකයන් රැසකට ගෙවිය යුත්තේ රුපියල් 299ක් පමණක් බව ද එම සමාගම කියයි.



අදහස් (0)

මොබිටෙල් උපහාර ඉන්ටෙනේට් පැකේජය එයි

ජී.සිරනි Wednesday, 14 November 2012 08:38 PM

ගාණත් හොදයි ඔකක්ම හොදයි. ඒත් මොබිටෙල් 3ජී සිග්නල් නැතුව කොහොමද භාවිතා කරන්නේ. (ස)

:       0       0

නුවන් චින්තක Wednesday, 05 December 2012 11:28 AM

ත්‍රීජී සිග්නල් ඕනේ. නැත්නම් වැඩක් වෙන එකක් නැහැ. ඔක්කම්පිටිය, මාලිගාවිල (ස)

:       0       0

සුගත් Wednesday, 28 November 2012 04:23 PM

තනමල්විල අපිටත් 3G පහසුකම දෙන්න (ස)

:       0       0

සම්පත් Monday, 19 November 2012 09:41 AM

3ජී තාක්ෂණය නැත්නම් සාමාන්‍ය ජීපීආර්එස් ගාස්තු තමයි අයකරන්නේ. (නි)

:       0       0

අතුකෝරළ Wednesday, 14 November 2012 09:13 PM

බොහොම හොද වැඩක් කඩිනමින් සියලු දෙනාට ගැනීමට අවශ්‍ය කටයුත සලස්වන්න (ස)

:       0       0

ශානි Thursday, 22 November 2012 08:42 AM

මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කවුද අන්තර්ජාලයේ සැරිසරන්නේ? (නි)

:       0       0

විමල් Sunday, 18 November 2012 08:09 AM

මම කියන්නෙ කලාප පළලට අය කරන්න කියලා. (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 19 November 2012 10:19 AM

සමන්ගේ කතාව හරි. උපහාර සිම් එකටත් කතා කරනව‍ට වඩා බිලක් ගෙවනවා. (ස)

:       0       0

කොඩිතුවක්කු Friday, 16 November 2012 03:38 PM

මටත් තියෙනවා උපහාර පැකේජයක්, නමුත් මොනවද මෙහි තිබෙන පහසුකම් (ස)

:       0       0

ප්‍රියාන් ජය Wednesday, 21 November 2012 10:19 AM

උපහාර ගත්තට ඒකෙන් නියම ප්‍ර යෝජන ගන්න නම් 3G සිග්නල් තියෙන්න ඕන.. ඒක නැතිව හරියට අලියට කලින් හෙන්ඩුව දුන්නා වගේ නේද?(නු)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 14 November 2012 10:29 PM

අන්තර්ජාල පරිහරණ වේගය තව ටිකක් වැඩි වුණා නම් ඉතාම හොදයි. (නි)

:       0       0

මධූෂානි Thursday, 29 November 2012 08:36 AM

මේකත් බෝරු වැඩක් තමයි.කොහොම හරි සල්ලි ගන්න විදියක්නෙ. (ස)

:       0       0

චන්දන Thursday, 15 November 2012 12:14 PM

පිටරට වලට වෙලා අමාරුවෙන් සල්ලි හම්බකරලා එවන අපිටත් මේ වගේ පැකේජ් එකක් දෙන්න පුලුවන් නම් හොදයි. (නි)

:       0       0

ෆෙරෝස් Friday, 23 November 2012 11:04 AM

සෑම ප්‍රදේශයකටම 3G ආවරණය ලඟදීම ලබාදේවි. ඉවසන්න (ස)

:       0       0

බෝපිටිය Monday, 03 December 2012 08:58 AM

ගොඩාක් ගණන්ද දන්නේ නැහැ නේද (දී)

:       0       0

රංජන් Wednesday, 21 November 2012 02:23 PM

තෙල්දෙණියටත් 3 G දෙන්න (ස)

:       0       0

රුවන් Wednesday, 14 November 2012 11:12 PM

රාඡාංගනයට 3ජී දෙන්න කියලා වසර 04ක සිට කිවුවා? 3ජී නැති අපට මොන ‍උපහාරද? (නි)

:       0       0

දුලා Wednesday, 21 November 2012 07:30 PM

වැදගත් දේවල් සමග සම්බන්ධ වෙනකොට මෙහෙම ප්‍රතිලාභ ලබන්න පුලුවන් තමයි. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 22 November 2012 08:28 PM

රෑ 12 න් පස්සෙ වැඩිපුර උපහාර පුදන්නෙ ඇහැරගෙන ඉන්නවට වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 November 2012 07:46 PM

ඔක්කම්පිටිය නගරයෙ මොබිටෙල් සිග්නල් අන්තිමයි. විදුලිය නැති වුණු ගමන් සිග්නලුත් නැහැ. අපිට කවදා 3ජී ලැබෙයිද දන්නෙ නැහැ. 3ජී නැතත් කමක් නැහැ, අඩුම තරමින් විදුලිය නැති වුණු ගමන් ජෙනරේටර් දාන්න හරියට වැඩපිළිවෙළක් හදන්න. (නි)

:       0       0

ආනන්ද Wednesday, 21 November 2012 02:38 PM

3GB දෙන්න (ස)

:       0       0

අමරජීව Saturday, 17 November 2012 04:34 AM

අනේ හොදයි. ඒත් පුලුවන් ඉක්මණට ඌරුබොක්කට 3ජී දෙන්න. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 16 November 2012 09:15 AM

හොදයිනේ. අපිට කවදා ඉදලාද මේක ලබාගන්න පුලුවන්? (නි)

:       0       0

උදාර Tuesday, 04 December 2012 08:26 AM

රෑටනේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ලැබෙන්නේ (ස)

:       0       0

සුසන්ත Tuesday, 27 November 2012 08:01 AM

මොබිටෙල් හොදයිද ? අනේ මන්දා (දී)

:       0       0

ලහිරු Monday, 19 November 2012 05:38 PM

ගන්න ගියහම කීයක්වත් අයකරන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මංගල Tuesday, 04 December 2012 06:38 PM

නියමයි කොහොමද ගණන් මිනුම් (දී)

:       0       1

‍සං‍ඛ Tuesday, 20 November 2012 05:07 AM

‍අ‍පි ‍ඉන්‍‍න ‍අලුත්ගම, ‍ව‍රා‍පි‍ටි‍යට 3ජී ‍නැ‍හැ. ‍පු‍ලු‍වන්‍‍ නම්‍ 3ජී ‍වැ‍ඩික‍රන්‍‍න. (නි)

:       0       0

ජේ.රුවන්පතිරණ Saturday, 17 November 2012 08:05 AM

රෑට වගේම දහවල් කාලයටත් ගිගා බයිට් 3 වත් දෙනවා නම් හොඳයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 15 November 2012 12:58 PM

අපි නම් කැමති එටිසලාට් ඩොන්ගල් වලට. (නි)

:       0       0

නුවන් Tuesday, 27 November 2012 08:25 AM

යන්තම් අපි අමාරුවෙන් වැඩිකරගත්ත 750ට තට්ටු වෙයිද? (නි)

:       0       0

ක්‍රේසි Thursday, 06 December 2012 03:39 PM

ගැටමාන්න - කඩවැද්දුව ටවර් වලට 3G නැතව ඩොන්ගල් වැඩක් නෑ (ස)

:       0       0

රත්නායක Friday, 16 November 2012 09:46 AM

අපට එක ලොකු පහසුවක් (දී)

:       0       0

ප්‍රසාද් Sunday, 02 December 2012 02:34 PM

සන්තෝසයි (දී)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 04:49 PM

මේකට සල්ලි කැපෙන්නේ නැතුව ඇති නේද ආයේ (ස)

:       0       0

චාමී Sunday, 25 November 2012 02:45 PM

සමහර පැති වලට 3ජී නැතුව මේක ව්‍යාප්ත කිරීම සාර්ථක වේවිද? (නි)

:       0       0

අරුණ Friday, 16 November 2012 10:23 AM

ගොඩක් හොද පැකේජ් එකක්, ඒත් අපට 3G නෑ.............. (ස)

:       0       0

හර්ෂ Friday, 16 November 2012 04:38 PM

සන්තෝසයි....

:       0       0

ජනක Saturday, 24 November 2012 09:24 PM

ඇයි මේ හැමදෙයක්ම රජයේ සේවකයක්ට විතරක් දෙන්නේ? ලංකාවේ දුප්පත් ජනතාව ගැන කාටද කවදාද තේරෙන්න? බලමුකො ඉතිං ඒකෙත් හැටි. (නි)

:       0       0

අසංක Tuesday, 20 November 2012 06:38 PM

අන්න හොදයි

:       0       0

හේරත් Monday, 19 November 2012 06:50 PM

"උපහාර" කියලා අන්තිමට අපේ සල්ලි වලට "උපහාර" කරන්න වෙයිද මන්දා? (නි)

:       0       0

රොෂාන් Friday, 16 November 2012 10:59 AM

අයවැයෙන් අන්තර්ජාල ගාස්තු වල බදු අඩු කිරීමේ වාසිය මිනිසුන්ට ලැබෙන්නේ කවදාද? (නි)

:       0       0

අනුර Thursday, 15 November 2012 01:44 PM

5 GB වත් දුන්නොත් හොදයි (ස)

:       0       0

දිමුතු Monday, 26 November 2012 08:37 AM

මමත් ගන්නවා ඒකක් (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 21 November 2012 03:49 PM

ඔය ගොල්ල 3G ගැන කතා කරනවා රජයේ සේවකයෝ නිසා. අපට කවුද ඕව දෙන්න ඉන්නේ. (ස)

:       0       0

පැතුම් Monday, 19 November 2012 01:26 PM

3G සිග්නල් වැඩි කලානම් තව නියමයි (ස)

:       0       0

මහේෂ් Thursday, 15 November 2012 08:21 PM

හොඳ වැඩක්. සිග්නලුත් වැඩිකරලා දෙන්න. (නි)

:       0       0

ඉන්දික Friday, 23 November 2012 08:27 PM

මොකද්ද අනේ අපිට තියෙන වාසිය (දී)

:       0       0

ප්‍රදීප් Friday, 16 November 2012 12:13 PM

පුලියන්කුලම් වලටත් 3ජී ලබාදෙන්න ඉක්මණට. (නි)

:       0       0

සජීවනී Friday, 16 November 2012 12:14 PM

බොහොම ස්තූතියි.... හොදම එකක් දෙන්න... පාවිච්චි කරන්න පුළුවන්, සිග්නල් තියන, නෝ ලිමිට් බිල් නැති එකක් හොදේ.(ස)

:       0       0

කුමාර Sunday, 25 November 2012 06:10 PM

හොදයි නේ

:       0       0

සමන් Thursday, 15 November 2012 08:50 PM

මටත් උපහාර පැකේජ් එකක් තියෙනවා. මොබිටෙල් ජාලය උපහාර පැකේජ් එකක් දීලා රාජ්‍ය සේවකයන්ට සළසපු සහනය ඉතාමත් අගය කරනවා. ඒත් හැම තිස්සෙම එක එක නොම්මර වලින් කෝල් කරලා මොබිටෙල් එකේ සේවාවන් ගැන දැනුවත් කරන එක මට නම් ඉතාමත් කරදරකාරී දෙයක්. (නි)

:       0       0

පාලිත Saturday, 17 November 2012 09:30 PM

මීටපෙර උපහාර සමග දුන් මොබිටෙල් අන්තර්ජාල පැකේජ වලට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

රූකාන්ත Tuesday, 04 December 2012 08:56 PM

මෙ අය රජයේ සේවකයන් ඉලක්ක කළාට මේක එතරම් හොද දෙයක් නෙමෙයි..!(නු)

:       0       0

ගයාන් Friday, 16 November 2012 12:33 PM

ගල්ගමුව, ඇහැටුවැව පැති වලට 3ජී දුන්නොත් අපිටත් මේ ප්‍රතිලාභය භුක්ති විදින්න පුලුවන්. (නි)

:       0       0

බුද්ධික Friday, 16 November 2012 12:50 PM

299 ය GB කීයක් නොමිලේ ලැබෙනවද දන්නේ නෑ (ස)

:       0       0

ප්‍රසාද් Friday, 16 November 2012 12:35 PM

අනේ ඔයාලගේ 3G නැති අන්තර්ජාල පහසුකම මොකද්ද ?? (ස)

:       0       0

බන්දුල රාමනායක Tuesday, 20 November 2012 08:04 PM

එන කෝල්ස් වලින් බේරිලා ඉන්නේ. බොහෝම අමාරුවෙන් වත ටැක් එකකුට ගෙවල් කතා කරන්න පිස්සුවක් එපා. (අ)

:       0       0

වරුණ Thursday, 15 November 2012 03:30 PM

උපහාරෙන් කට්ටිය රෑට ඉන්ටනෙට් ගිහිල්ලා කන්තෝරු ඇවිත් නිදියයිද දන්නේ නැහැ.. මොකද මේ පැකේජය ගිගාබයිට් 5න් තුනක්ම පාවිච්චි කරන්න ඕන රෑට නිසා..!(නු)

:       0       0

ප්‍රගීත් Friday, 16 November 2012 07:28 PM

ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි (ස)

:       0       0

අනුර Friday, 23 November 2012 09:18 PM

මමත් ගත්තා මේ පැකේජය. හරිම ස්ලෝ. (නි)

:       0       0

දිල්ක Thursday, 15 November 2012 09:36 AM

3G සිග්නල් නැති එක තමයි ප්‍රශ්නේ . නැත්නම් ඔක්කොම හොඳයි (ස)

:       0       0

දිපිත් ශවිදු Thursday, 29 November 2012 05:59 PM

කො ඩොන්ගල්? කෝ සිග්නල් ? අයියෝ! අපේ මුදල්? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 17 November 2012 10:32 PM

කාලයේ වෙනසක් නැතුව සමානව දුන්නා නම් තමයි හොද. (නි)

:       0       0

ජනිත Monday, 19 November 2012 07:38 AM

අනෙක් දුරකතන සමාගම් වලටද මෙවැනි දේ තම පාරිභෝගිකයින් හට දීමට සිත් පහළ වේවා! (නි)

:       0       0

වසීත Friday, 30 November 2012 07:35 PM

ඉස්සර වෙලාම හැම පළාතකටම 3ජී පහසුකම ලබාදීල හිටියානම් ගොඩක් හොදයි නැතිනම් වැඩක් නැ(ස)

:       0       0

තුසිත හිමි Thursday, 29 November 2012 06:06 PM

තිබෙන 3ජී පහසුකම හරියට ලබාගන්න ඇන්ටෙනා ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

නුවන් මදුසංක Wednesday, 21 November 2012 01:01 PM

අපිට තියන අභිමාන වලට තියන 2 GB වැඩි උනානම් (ස)

:       0       0

අන්ජුලා Monday, 03 December 2012 09:24 PM

ජයවේවා මිල ගණන් අඩු ඇති

:       0       0

සංජීව Sunday, 24 May 2015 02:29 AM

වැඩෙ නම් නියමයි. ඒත්,දැරණියගල-පොල්ගස්වත්තේ මොබිටෙල් සිග්නල් කනුවක් තියනවා. ඒත් 3g නෑ 3g වත් නැතුව මොන උපහාරද? (නදී)

:       0       0

අශාන්ත Sunday, 25 November 2012 08:58 AM

නොමිලේ ඩොන්ගල් දුන්නත් වීඩියෝ ‍කෝල් ගන්න බැරි නම් වැඩක් නැහැ. හැමතැනටම 3ජී තිබුණා නම් තමයි හොද. (නි)

:       0       0

බී.කේ.ජයසුන්දර Saturday, 24 November 2012 03:03 PM

ඩොංගලය නොමිලේ ලැබෙන කතාව බොරුවක්.ඒකට රුපියල් 1000 ක් අයකරනවා (ස)

:       0       0

සනිර Wednesday, 21 November 2012 01:12 PM

මාතර හිත්තටියට 3g සිග්නල් නැහැ... ඩොංගල් එකට 2g විතරයි.. 3gඉක්මනට ලබා දෙන්න..!(නු)

:       0       0

තිලක් Friday, 30 November 2012 08:00 PM

කිරම, රම්මල වරාපිටිය අපටත් මොබිටෙල් 3ජී සිග්නල් නැහැ. (නි)

:       0       0

පාලිත Friday, 23 November 2012 10:15 PM

4 වරක් මම මොබිටෙල් වලට රැවටුණා. මුදලුත් නාස්ති වුණා. ආයිත් නම් රැවටෙන්නෙ නැහැ. (නි)

:       0       0

මානෙල් Friday, 16 November 2012 08:51 PM

මට තියෙන්නේ 1GB නොමිලේ පැකේජයක් , මම උපහාර ගන්නවනම් රු 2500 ආයේ ගෙවන්න ඕනෙලු. අසාධාරණයි නේ (ස)

:       0       0

පහන් Friday, 23 November 2012 08:26 AM

ඔය ඔක්කොම නිකන් වචන විතරයි . කොහෙන්හරි ගාණක් කපාගනීවි (ස)

:       0       0

අජිත් Monday, 26 November 2012 11:07 AM

2008 හඳුන්වා දුන් උපහාර පැකේජය තවමත් ලබා දෙනවද ?? (ස)

:       0       0

සනත් Wednesday, 28 November 2012 04:05 PM

පාවිච්චි කරලා බලමුකෝ

:       0       0

යාපා Friday, 30 November 2012 02:45 PM

ජයවේවා මොබිටෙල්

:       0       0

කරු Tuesday, 20 November 2012 11:41 AM

අනුරාධපුර,ගල්කඩවල , දෙමටගල ට 3G දෙන්න. (ස)

:       0       0

මොහොමඩ් - බේරැවල Tuesday, 20 November 2012 03:13 PM

රජයේ සේවකයින්ට නම් නියම පැකේජ් එක. පුද්ගලික අංශයේ අපට කිසිම උපහාරයක් එපා... මාසික ගාස්තුව 299 බදු එකතුවුනාම 450ක් වෙනවා. ඒ පැකේජ් එකේ ඉතිරි බයිට්ස් ගණන දැනගන්න පුළුවන්නම් රජයේ සේවකයින්ට යන්තම් ගොඩ ඒමක් තිබෙයි. නැත්නම් මාසයක් දෙකක් පාවිච්චි කරයි. (ස)

:       0       0

සංක Wednesday, 21 November 2012 01:20 PM

නියමයි ජයවේවා

:       0       0

සමන්ති Tuesday, 20 November 2012 09:17 PM

සිග්නල් නැහැනේ. (නි)

:       0       0

ප්‍රබුද්ධ Wednesday, 21 November 2012 01:28 PM

ඉන්දික මහත්මයා, ලාංකීය දේ අවතක්සේරු කර තමන් හරිහම්බ කරන තුට්‍ටු දෙක අනුන්ට පුදන්න එපා. සියරට දේ සිරි සැප දේ (ස)

:       0       0

අරුණ Friday, 23 November 2012 03:35 PM

අපෝ.. මේ ඉන්ටනෙට් වේගෙට වඩා ගොලුබෙල්ලා හයියෙන් යනවා...අත්දැකීමෙන් කියන්නේ (ස)

:       0       0

සජී Monday, 19 November 2012 03:51 PM

අපේ කට්ටියනම් හොඳටම රැවටිලා වගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 89 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 175 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 119 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 253 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2110 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1835 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site