වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන ලෙමනේඩ් ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මොබිටෙල් සුදුසුකම් ලබයි.
මොබිටෙල් ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන 2013 එලිෆන්ට් ලෙමනේඩ් ශ+රතා ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එම් ඒ එස් සිලියුටා කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදී පෑන් ඒෂියා බැංකු කණ්ඩායමත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව මොබිටෙල් කණ්ඩායම දෙසැම්බර් 8 වැනි සෙනසුරාදා වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හා තරග වැදීමට නියමිතයි.
සුවිශේෂී දස්කම් පාමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මොබිටෙල් කණ්ඩායමේ නායකයා රුවන් වික්‍රමනායකයි. දුමින්ද පෙරේරා පුහුණුකරු ය. තරගාවලියේ දී මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් නලින් විමුක්ති ලකුණු 262, නදීක ගමගේ ලකුණු 195ක් හා සඳුන් රණතුංග ලකුණු 176ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී පහන් සේරසිංහ කඩුළු 11ක් බිඳ දැමීය. සඳුන් රණතුංග හා අශේන් සිරිමාන්න පිළිවෙලින් කඩුළු 9ක් හා 6ක් බිඳ දැමූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොබිටෙල් කණ්ඩායමට අපේ සුබ පැතුම් (ස)
මොබිටෙල් කණ්ඩායමට කරන ලද ජයග්‍රහණයට සුභ පැතුම්.. හැබැයි ඩයලොග් කණ්ඩායමක් සහභාගිවෙලා නැහැ වගෙයි පේන්නේ..!(නු)