ලංකා ටෙලිකොම් මෑන් පවර් ආයතනය සේවකයෝ 500කට ස්ථිර පත්වීම් පිරිනැමීම අද (26) සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී විදේශ කටයුතු සහ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සහනදායී ජංගම දුරකථන පැකේජයක්ද ඔවුනට හඳුන්වා දෙනු ලැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරත් දීපල්ලා ඡන්දෙ අයියයි මල්ලියි එකතුවෙලා ගෙදරම යන්න ස්ථිර පත්වීම දෙයි. (බ)
හෙන පචයක් ඕක ....(ස)
මෙතන අවුරුදු ගණනක් වැඩ කරන මගේ ඥාති දරුවෙකුගෙන් මම විමසීමක් කළා ටෙලිකොම් එකේ සේවය ස්ථීර කළාද කියල. ඒ දරුවා කිව්වේ එහෙම දෙයක් වුනේ නැහැ මේ ස්ථීර කළේ ටෙලිකොම් එකේ නොවේ මෑන්පවර් එකේ කියල. කාටද මේ බොරු කරන්නේ මේගොල්ලෝ? යපාලනයත් මෙහෙමනම් කාට කියන්නද මේවා. මෑන්පවර් එක දිගටම තියාගැනීම සමහර අයගේ සාක්කු පිරෙන්න හේතුවක් කියල මේ සේවකයෝ දන්නවා. එදත් මේ දුෂණ අදත් මේ දුෂණ. (බ)
ඊයේ දිනයේ පැවතී උත්සවයේදී සේවකයන් ස්ථිර කිරීමක් සිදු වුනේ නැත. එය අප ස්ථිර වශයෙන් ප්‍රකාශ කරසිටිමි.(නදී)
ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ලගනිල්ල (බ)
හැබැයි ස්ථිර වුණේ හිටපු විදිහටම නම් එහෙම ස්ථිරවෙලා ඇති වැඩේ මොකක්ද? (නි)
ජයවේවා! (නි)
ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ල ගනිල්ල (බ)
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ මූලික රාජකාරි වලට දායක වෙන සේවකයින් පිරිසක් තමයි මේ. මේ අය කරන්නෙ සිකුරිටි වැඩක් වත් පිරිසිදු කිරීමේ කටයුත්තක් වත් නෙමෙයි.. මේ පූර්වාදර්ශය යටතේ මින් පසු රජයේ ආයතන සහ අනෙනකුත් ආයතන වලටත් ආයතනයේම කුඩා සමාගමක් පටන් අරගෙන එයින් කොන්ත්‍රාක් පදනම මත ආයතනයට සේවකයින් බදවා ගන්නා එක පටන් ගනීවි.. ටෙලිකොම් සමාගම ආන්ඩුවෙ කියලා පාරිබෝගිකයින්ට ලැබෙන වාසිය මොකද්ද? අනික් අතින් ගත්තොතින් සේවකයින්ට ලැබෙන වාසිය මොකද්ද? සේවකයින්ට ලැබෙන්නෙ මෙන්න මේ වගේ කුඩම්මගේ සැලකිලි. සේවකයින් ඉන්නවා ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් පරිශ්‍ර තුල එකම අංශයේ අවුරුදු 10කටත් වඩා සේවය කරපු අය.එ ් අයට ලැබුනේ මේ අමුතුවෙන් බිහිකරන ලද ආයතනයක ස්ථිර පත්වීමක් පමණයි.. මේක දුන්නෙත් හරි අමාරුවෙන් කියලා කුමාරසිංහ සිරිසේන කිව්වා.. (බ)
ආණ්ඩුවේ මේ බොරු පත්වීම් දීමේ ප්‍රෝඩාව ජනතාව මුලා කිරීමකි . මෙම සේවකයෝ තවමත් වහලුන්ය (අ)
කුමාර හරියටම හරි. මේ කට්ටිය ස්ථිර කළ හැටියේම වැඩ කිරීම අඩුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. එ්ක පරිභෝගිකයන්ට සහ රජයට බරක්. ඒ අතින් බලනකොට මේ කරපු වැඩේ හරියටම හරි. (බ)
ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දේ ළඟයි නේ (ම)
ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දෙ ළඟයි (බ)
යහපාලන රජය අතුරු අයවැය යෝජනාව මගින් වසර 7 ට වැඩි සේවකාලයක් ඇති මෑනපවර් සේවකයන් ටෙලිකොම්හි අනුයුක්ත කරන ලෙස පොරොන්දුව තිබියදී මෙලෙස සේවකයන් තව දුරටත් වහල් කමේ ස්ථීර කිරීම නින්දිත ක්‍රියාවකි.රජය අපහසු තාවයට පත් කරවන්නකි. හාස්යට කරණය නම් මෙම කුට ප්‍රයෝගය කර ඇත්තේ මෑනපවර් සේවකයන්ගේ කරපිටින් ටෙලිකොම් තුලට පත් වුනු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, ජනපති ෙමෙත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සොහොයුරා වීමය. (අ)
ඔවි මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ. (නදී)
ඔව් මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ.(ම)
අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියලා. දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයමයි. සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එක ඉදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ගෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. එම උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (නදී)
අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියල දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයයි සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එකේ එදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ඝෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලැන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමඟයවල. එම උද්ඝෝෂණ මාධ වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (අ)
ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබාපතිතුමා එකතුවෙලා. ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. ඕකට විරුද්දව පවත්වපු උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අබාග්‍යක්.(නදී)
ප්‍රියන්ත රූබසිංහ ඇමැති හා සභාපති මොනාද දුන්නේ ඔබට (බ)
හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවා නම් ඉතා හොඳයි. එහෙත් ප්‍රස්නයක් වෙලා තියෙන්නේ බොහෝම අය ස්ථිර උනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. පසුගිය කාලයේ එස්.එල්.ටී පුද්ගලිකකරණය කරන්න උනේ ඒ නිසයි. එහිදී ගත් වැදගත් දෙයක් තමයි මේ වගේ සේවකයින්ගෙන් නියම සේවය ගන්න නම් කොන්ත්‍රාත් පදනම මත තබාගත යුතුයි. නැත්නම් අයිස් ගහන්න පුරුදු වෙනවා ස්ථිර වූ දින සිට. මොකද පඩිය ස්ථිරයි නේ. ඔබ ස්ථිර වූවානම් එදින සිට තවත් කාර්යක්ෂමව රාජකාරිය කරන්න පුරුදු වන්න. රටට අවංක සේවයක් කරන්න. (නදී)
මේකේ කලින් ගියේ ටෙලිකොම්හි අනියම් සේවකයන් ,ටෙලිකොම්හි ස්තිර කරා කියලනේ. ඇත්තටම උනේ මෑන්පවර් එකේ ස්ථිර කිරීමක්. (නදී)
හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවානම් ඉතා හොදයි. එහෙත් ප්‍රස්නයක් වෙලාතියෙන්නේ බොහෝමය අය ස්ථිර වනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. (අ)